මිනිස් ජාවාරමකට සම්බන්ධ තවත් සැකකරුවෙක් අම්බලන්තොටදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට, නෝනාගම, වැලිපටන්විල පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු විසින් තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගෙන සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් ඔවුන්ව අතරමංකර ඇති බවත් එම ප්‍රධාන සැකකරු විසින් පුද්ගලයින්ගෙන්ගෙන් ලක්ෂ 19 පමණ මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊට සම්බන්ධ තවත් අයෙක් වැටලීමේදී පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යාශය සදහන් කරයි.

එම පළාගිය සැකකරු පළාත් පාලන මැතිවරණය සඳහා, ජාතික ජන බලවේගයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි අයෙක් බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු ඊයේ (06) හම්බන්තොට දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කීරීමෙන් පසු එළැඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එමෙන්ම, එම සැකකරුට අධිකරණය විසින් නියෝගකර ඇත්තේ මේ වනවිට ලාඕසයේ අතරමං ව සිටින ශ්‍රී ලාංකිකයින් වහාම ලංකාවට ගෙන එන ලෙසටය.

Source – ada derana

මෙන්න බලන්න තවත් පුවත්