
ණය ගැනීම සහ මුදල් අච්චු ගැසීම කළ නොහැකි බැවින් මාර්ග නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා අරමුදලක් ඇති කිරීමට යෝජනා වී ඇති කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ මාධ්‍ය අමාත්‍යාංශය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (7) නිවේදනය කරයි.
මේ සඳහා රජයෙන් රුපියල් කෝටි 10 ක් ලබා දෙන බවත්, මාර්ගයෙන් භාවිතා කරන අයගෙන් ඉන්ධන හරහා හෝ යම් මුදලක් ලබාගෙන එම අරමුදලට බැර පියවර ගන්නා බවත් ඔහු කියා සිටී.
ඔහු මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.