දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් සෙවන් තරගයේ අවුරුදු 08න් පහළ ගායන අංශයේ දක්ෂතම පුංචි තරුව වෙමින් ක්ෂේත්‍රයට පැමිණි පුංචි කළා තරුවක් තමයි සශ්‍රිකා සේමිණි කියලා කියන්නේ. ඉතින් දක්ෂ ගායන ශිල්පිනියක් වන ඇය රූපවාහිනි වෙළෙඳ දැන්වීමක් හරහා තමයි රංගනයට පිවිසෙන්නේ. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම්වල වොයිස්වලින් රූපවාහිනී හඬකැවීම්වලට සම්බන්ධ වෙන්න ඇයට අවස්ථාව ලැබුණා. ඊට අමතරව මේ වසරේ සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය තරගය වගේම සෑම වසරකම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන වැඩසටහනකටත්, නත්තල් වැඩසටහනකටත් නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙන්නත් ඇයට අවස්ථාව හිමි වෙලා තියෙනවා.

ඉතින් මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල පාසල් කටයුතු සහ ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ කටයුතු වගේම තවත් රූපවාහිනි නාළිකාවක අලුත් හඬකැවීම් කටයුත්තක වැඩකටයුතු කරනවා කියලයි ඇය කියන්නේ. ඊට අමතරව ගුවන්විදුලි නාලිකාවක ඇය කරන වැඩසටහනේ නිවේදන කටයුතුත් සිදු කරගෙන යනවා කියලත් ඇය කියනවා.

ඉතින් ඉස්කෝලේ ටෙලිනාට්‍ය නිසා ඇයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ නිසාම ලොකු සතුටක් වගේම පුංචි නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය මේ දවස්වල නම් වැඩි අවධානයක් ලබා දෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳව කියලයි සශ්‍රිකා කියන්නේ.

ඉතින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඉවර වෙලා විදේශගත වෙන්න අදහසක් තිබෙනවා කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඇයගේ ලොකුම බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීම කියලයි ඇය කියන්නේ. නමුත් කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ කියලත් ඇය කියනවා. ඉතින් කළා වැඩකටයුතුත් සිදුකරන අතරතුර වෘත්තීය විධියට වෛද්‍යවරියක් වීම තමයිලු ඇයගේ සිහිනය. ඒ වගේම ඇය අධ්‍යාපනයට මුල් තැන දෙන ගමන් විනෝදාංශය විධියට කලා ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

පැරණි පුවත් – දිග උනත් කොට උනත් මම අඳින්නේ මට ඕන ඇඳුම් ඔයාලට මොකද්ද තියෙන ප්‍රශ්නේ – ෂෙහානි කහඳවල

කළා ලෝකයේ නිතර නිතර පුවත් මවන රංගන ශිල්පිනියන් අතරින් වර්ථමානයේ හැමෝම අතර ජනප්‍රිය වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නෙ, ඒ වගේම ෂෙහානි පසුගිය දවසක ගායන ශිල්පියෙක් එක්ක විවාහ වුනා කියලා සමාජ මාද්‍ය හරහා කතාවක් පැතිරුනා, ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත වගේම ශේහානිගේ ඉදිරි වැඩ ගැන කතා කරගන්න අපි සම්බන්ද කරගත්තා ඔබත් මමත් හැමෝම ආදරේ කරන ෂෙහානි කහන්දවල,

ෂෙහානි ගායකයෙක් එක්ක විවාහ වෙලා දැන් හනිමුන් කියලා කතාවක් යනවා ඇත්තද ඒක, ”අනේ ඕක අත්තක් නෙවෙයි, මම දසුන් මදුශාන්ගෙ ගීතයක විෂුවල් එකක රංගන දායකත්වය ලබාදුන්නා, ඒ වීඩියෝ එකේ පින්තූර තමයි ශෝෂල් මීඩියාවල වයිරල් වුනේ ගොඩක් අය හිතලා තිබ්බේ වැරදි විදියට, ඇත්තටම මම කාත් එක්කවත් විවාහ වුනේ නෑ, විවාහ වෙන්න තියා අඩුම ගානේ මට තාම කොල්ලෙක්වත් නෑ”

ෂෙහානි ඉස්සර දැක්කට වඩා දැන් සරාගී වෙලා නේද..? ”මෙහෙමනේ ගෑනු ළමයෙක් උනාම ආසයි නේ ලස්සන් ඇඳලා පැළඳලා ඉන්න, ඉතින් මම හිතුවා හැමදාම එහෙම විදියට ඉන්නේ නැතුව පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න ඕන කියලා, ඒක නිසා වෙන්න ඇති එහෙම කියන්නේ, කෙල්ලෝ කොහොමත් ආසයි ලස්සනට ඉන්න, ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ”

ලංකාවේ වගේ රටක ඉඳගෙන නිදහසේ පැෂන් කරන්න පුලුවන්ද කෙල්ලෙක්ට ”ඉස්සර මම ඕක ගැන ගොඩක් හිතුවා, මම ආස විලාසිතාවක් කළාම අනිත් අය මොනවා කියාවිද කියලා, හැබැයි කාලය ටික ටික ගෙවෙද්දී මම තේරුම් ගත්තා මිනිස්සු කියන දේවල්වලට බයේ හිටියොත් අපිට කිසිම දෙයක් කරන්න බැරිවෙනවා කියලා, මම ස්වාදීන කෙල්ලෙක් ඉතින් මම ආත්ම විශ්වාසය ගොඩනගාගත්තා, එක ඇඟ වැහෙන ඇඳුමක් වුනත් ඇඟ පේන එකක් වුනත් මට අදාළ නෑ, ආසනම් ගත්තා ඇන්දා, මම අඳින්නේ පලදින්නේ මම හම්බකරන සල්ලිවලින් එකට අනිත් මිනිස්සුන්ට කිසිම දෙයක් කියන්න බෑ”

ෂෙහානි කියන්නේ පුංචි තිරයේ හිටපු කටකාර චරිතයක් දැන් ඒ චරිතයට මොකද වෙලා තියෙන්නේ..? ”මෙහෙමයි මම කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ නිවේදිකාවක විදියට, නිවේදනය රංගනය කියන්නේ මගේ කළා ජීවිතයේ එක කැප්චර් එකක් විතරයි, දැන් ඒ කැප්චර් එක ඉවරයි ඉවරයි. එතැනින් එහාට සාර්ථක විදිහට මම මගේ වෘත්තීය ගමන ඉස්සරහට අරගෙන යමින් ඉන්නවා. ඒක තමයි අලුත්ම කැප්චර් එක”

මෙන්න බලන්න තවත් පුවත්