
දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ල ඕපාත ප්‍රදේශයේ නිවසක කාමරයක දින 8ක් තිස්සේ රඳවාගෙන යාතිකා කරමින් ඇය දූෂණය කළේ යැයි කියන කපුවකු අත්අඩංගුවට ගැනීමට ඕපාත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
එම දැරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර ඇති අතර ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය දූෂණයකට ලක්ව ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැමියාට ඇතැයි කියන අපලයක් දුරු කර ගැනීමට යැයි කියා ඔහුගේ බිරිය මෙම කපුවා ඇගේ නිවෙසට ගෙන්වාගෙන ඔහු ලවා ශාන්ති කර්මයක් කරවාගෙන ඇති අතර දොළොස් හැවිරිදි දියණියට දේව වරමක් ලබාදිය හැකි බව පවසා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
සිය දියණියට දේව වරමක් ලබා ගැනීමට ඇයගේ මවුපියන් කපුවාට කැමැත්ත ලබා දී ඇතැයි කියති.
පුද පූජා පවත්වා දින අටකට පසුව ඇයට දේව වරම ලැබෙන බව කපුවා පැවසීමෙන් පසුව කපුවා එම දැරිය සමග නිවසේ කාමරයක එම කාලය ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
දින 8ක කාලයක් පිරුණු දින රාත්‍රියේ දැරිය පමණක් තබා සියලු දෙනාටම තමා දැනුම් දෙන තෙක් නිවෙසින් පිටව යන ලෙස කපුවා පරලවී දැනුම් දී ඇතැයි ද එම නිලධාරියා කීය.
දේව වරමින් ලබාදුන් නියෝගයක් නිසා එම නියෝගයට අවනත වෙමින් දැරිය කපුවාට බාර දී මවුපියන් ඇතුළු නිවසේ අය පිටතට ගොස් ඇතැයි එම නිලධාරියා පැවැසීය.
ප්‍රදේශයේ විදුලිය කප්පාදු කළ අවස්ථාවේ කපුවා දැරිය දූෂණය කර ඒ ගැන කිසිවකුට හෝ නොකියන ලෙස දැනුම් දී ඇති බවත් කාට හෝ පැවසුවහොත් පවුල පිටින්ම මරා දමන බවට පිහියක් පෙන්වා තර්ජනය කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
දැරිය මේ බව ඇගේ නැන්දනියට දැනුම් දීමෙන් පසුව ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මිත්‍යා විශ්වාස පසුපස ගොස් අහිංසක දැරියකගේ ජීවිතය අඳුරු කර ඇති බවත් මෙවැනි වංචාකාරයන්ට පසු නොවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.
දැරියක මේ ආකාරයට කාමරයක පිරිමියකු සමග තනිකර යෑමෙන් එම දැරියගේ මවුපියන් කර ඇත්තේ ද බරපතළ වරදක් බව ද අජිත් රෝහණ මහතා කීවේය.
මවුපියන් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
මෙම දැරිය වැඩිවියටවත් පත් වී නැති බව ඇයගේ මව පොලිසියට පවසා ඇතැයි කියති.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේ සහ ගාල්ල සහකාර පොලිස් අධිකාරී ජගත් සමරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ ඕපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිම ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.
පැරණි පුවත් – මම ප්‍රසිද්ධ හෝටලේකට යනවා මේ ගානට කියලා කතාවක් ආවා.සමහර ඒ බිස්නස් එක කරන්න මගෙ වගේ හැඩරුව තියෙන අය ඩීල් කරනවා
නෙහාරා පීරුස් කියන්නේ හැමදාමත් පුංචි තිරය තුල අලුත් දෙයක් කරන්න උත්සහ දරන දරන අතිශයින් දක්ශය සාර්ථක රංගන ශිල්පිනියක්. විවාහ වෙලා ඉන්නේ කොයි කවුරුත් දන්න ක්ෂේත්‍රයේ තවත් අති දක්ෂ රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමග කියන්න කවුරුත් දන්නවා.
ඉතාමත් සාර්ථක දිවියක් ගත කරන නෙහාරා සහ මේනකා මේනකගේ නැවත වතාවක් ආදරණීය දියණියක් දියණියක් තමන්ගෙ කැදැල්ලට ගේන්න වාසනාවන්ත වුණා.දැන් මේ දෙන්නම දියණියන් දෙදෙනකුගේ දයාබර දෙමව්පියන්.සියලුම දේවල් එක්ක සතුටින් නිදහසේ ජීවිතේ බෙදා ගන්නා නෙහාරා සහ මේනක කලක් විදෙස්ගත වෙලා වැඩ කටයුතු කළා
මේනකගේ අධ්‍යාපන වැඩකටයුතු සඳහා එයා කලින් විදෙස් ගත වුණත් නැවත වතාවක් දෙන්නම ලංකාවට ආවා.ලංකාවට ඇවිල්ලා ආයේ රඟපාන්නේ කියලා හිතාගෙන හිටියත් ප්‍රේක්ෂකයන්ගෙන් එදා වගේම ආදරයක් ලැබුණු නිසා මේ දෙන්නම තීරණය කරනවා ආයෙමත් සැරයක් කලාවත් එක්ක එකතු වෙනවා කියලා.
ඊට පස්සේ අපිට මේනක ව අධ්‍යක්ෂක වරයෙක් විදිහටත් ටෙලි නාට්‍ය හරහා දැකබලාගන්න අවස්ථාව උදාවුණා.නෙහාරා සුපුරුදු පරිදි ටෙලි නිර්මාණ හරහා එකතු වුනු අතර දරු ප්‍රසූතිය වෙනුවෙන් ඇය නැවත වතාවක් ටික කාලයක් විවේකයක් ගත්තා.ඒ විදිහට ජීවිතය සමබරව ගෙන යන මේ දෙන්නම සමාජය විසින් කියන කට කතා වලටත් නිරන්තරයෙන්ම ගොදුරු වෙච්ච කලාකරුවන් දෙන්නෙක් කිව්වොත් නිවැරදියි. විශේෂෙන්ම නෙහාරාට ගොඩක් දෙනෙක් විවිධ කතා නිර්මාණය කරන්න පටන් ගත්තා.කතා හදන අයට කතා හදන්න දීලා ඒවා පැත්තකට වෙලා මේ කණින් අහලා එහා කණින් පිට කරන නෙහාරා ඒ වගේ සිදුවීමක් පිළිබඳව පසුගිය දවසක යූටියුබ් සාකච්ඡාවක් එක්ක එකතු වෙලා මේ වගේ අපූරු කතාවක් කිව්වා.
“ඒ දවස් වල දවස් වල පැතිරෙන කට කතා කීපයක් කිව්වොත් අපි හඳුනන කෙනෙක්ගෙ යාලුවෙක් කියලා තියෙනවා මම ලංකාවට එනවා මම නෙහාරව බුක් කරලා තියෙන්නෙත් මෙච්චර ගානකට කියලා. ඒ වගේ දේවල් මගේ කනට ආවම එක තැනකදි මට හිතුනා තාත්තා කියපු දේ ඇත්ත කියල. මේ ක්ෂේත්‍රය කොච්චර භයානකද කියලා හිතුනා.තවත් අවස්ථාවකදී මම ප්‍රසිද්ධ හෝටලේකට යනවා මේ ගානට කියලා කතාවක් ආවා.සමහර ඒ බිස්නස් එක කරන්න මගෙ වගේ හැඩරුව තියෙන අය ඩීල් කරනවා.ඇත්තටම මම මේ දේවල් හංගගෙන ඉඳලා තේරුමක් නෑ.ඒකයි දැන් කිව්වේ”
ඉතින් ඒ විදිහට අදහස් දක්වන නිසා නෙහාරා මීට ඉහතදීත් නොයෙකුත් ආකාරයේ ඇගේ යැයි කියන වීඩියෝ මට සංසරණය වීමේ අවුල කටත් මුහුණ දුන්නා.නමුත් ඒ සියලුම දේවල් ඇයගේ නොවන බව වටහා ගත් ප්‍රේක්ෂකයන් වෙනදටත් වඩා ඇයට ආදරය කළා.ඉතින් ඒ ආදරයත් එක්කම ඉදිරි ජීවිතය සාර්ථකව ගත කරන්නට හැකියාවක් ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු