ශ්‍රී ලංකාව ඉදිරියේදී දැඩි අර්බුදයකට මුහුණදිය හැකි බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පවසයි.

ඒ ගුවන් ගමන් පාලකවරුන් දිගින් දිගටම සේවයෙන් ඉවත්වීම හේතුවෙනි.

ඔවුන් පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවට නිලධාරීන් 138 දෙනෙකු අවශ්‍ය වුවද දැනට සේවයේ සිටින්නේ නිලධාරීන් 81 දෙනෙකු පමණක් බවත් තවත් නිලධාරීන් 4ක් හෝ 5ක් සේවයෙන් ඉවත්වුවහොත් මෙරට ගුවන් ගමන් කටයුතු දැඩි අවදානමක් ලක්වීමට ඉඩ ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව ගණපූර්ණයක් නොමැතිවුවහොත් ඉදිරියේදී ජාත්‍යන්තර සිවිල් ගුවන් සංගමය විසින් අපට අයත් ගුවන් කලාපය යාබද වෙනත් රටකට පවරාදීමේ බරපතළ අවදානමක් ද පවතින බව කියා සිටී ඔවුන් වැඩිදුරටත් පැවසුවේ එසේ වුවහොත් ශ්‍රී ලංකාව වෙත බරපතළ විදේශ විනිමය ආදායමක් ද අහිමිවීමේ දැඩි අවදානමක් පවතින බවයි.

මෙන්න බලන්න තවත් පුවත්