
පසුගිය දින ඝාතනයට ලක් වූ ෂේඩ්ස් නිමි ඇඳුම් හිමිකරු සහ කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක ඝාතනය කිරීම සඳහා ප්‍රධාන සැකකරු ක්‍රියාකර ඇත්තේ, ඔහුට සහ ඔහුගේ බිරියට නිවසක් ලබා ගැනීමේ අරමුණෙන් බව මේ වන විට කරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබෙන බව වාර්තා වේ.
අදාළ සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් ඇත්තේ ද නිවසක් ලබා ගැනීම සඳහා මුදලක් ලබා ගැනීමේ අරමුණෙන් බව හෙළි වී තිබේ.
එම මුදල ලබාදීම ප්‍රතික්ෂේප වූ තැන ඇති වූ බහින්, බස්වීමකින් පසු මුගුරකින් ව්‍යාපාරිකයාගේ හිසට පහර දී මරා, ඔහු නාන තටාකයට දමා ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව ව්‍යාපාරිකයාගේ එක් ණය පතකින් (credit card) රුපියල් ලක්ෂ 7ක් සැකකරු ලබාගෙන තිබේ.
පසුගිය 31 වන දා රාත්‍රියේ ඉන් රුපියල් එක් ලක්ෂ තිස්දාහක් ගෙවා වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකට අත්තිකාරම් දී ඇති අතර නිවසේ පදිංචියට ඒම සඳහා අවශ්‍ය ගෘහ උපකරණ සැකකරුගේ බිරිය විසින් නව නිවසට රැගෙන ඇති බව ත් විමර්ශනවලදී හෙළි වී තිබේ.
එහෙත් සැකකරුවන් ගැන මාධ්‍ය වාර්තා පළවීමත් සමග ඔවුන් නිවසේ පදිංචියට ඒම අතහැර දමා තිබේ.
කෙසේ වෙතත් ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවේ පසුවන සැකකරු සමග වැල්ලවත්ත මුහුදු තීරය පරීක්ෂා කිරීමට යාමට නියමිතව තිබිණි.
ඒ කෝටිපති ව්‍යාපාරිකයාගෙන් සොරා ගන්නා ලද ණය පත සහිත මුදල් පසුම්බිය සැකකරු විසින් වැල්ලවත්ත මුහුදු තීරයට විසි කර ඇති බවට ඔහු ප්‍රකාශ කිරීම නිසා බව පොලිසිය කියයි.
මේ සඳහා අපරාධ කොට්ඨාසය පැය 48ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇති අතර අද (07) මෙම සැකකාර යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරු පමණක් පැමිණ ඇති අතර ඊට ඔහුගේ බිරිය එක් නොවී ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ව්‍යාපාරිකයාගේ නිවසට සැකකරු පැමිණෙන ආකාරයත් ඉන් පිටව යන ආකාරයත් සහිත සී.සී.ටී.වී. දර්ශන ලැබී ඇති අතර ඒ අනුව සැකකරුගේ බිරිය ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි බවක් හෝ පිටව යන බවක් හෙළිව නොතිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
ෂේඩ්ස් නිමි ඇඳුම් හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක සහ ඔහුගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇත්තේ ඉන්ටර්නෙට්හි ඇති සමලිංගිකයන් මුණගැසෙන යෙදුමක් හරහා බව සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එහි විමර්ශන නිලධාරියෙක් කීවේ නිවෙසක් කුලියට ගැනීමේ අදහසින් උපත්පාලන කොපු ද රැගෙන සැකකරු එදින රොෂාන් හමුවීමට පැමිණ ඇති බව ය.
එහිදී දෙදෙනා සමීප ඇසුරක් පවත්වා ඇති බව ත් සැකකරු හා මියගිය තැනැත්තා ව්‍යාපාරිකයාගේ නිවසේදී ඉකුත් දා හමු වී ඇත්තේ පළමු වතාවට බවත් එම විමර්ශන නිලධාරියා සඳහන් කරයි.
සැකකරු පොලිසියට පවසා ඇත්තේ, මියගිය ව්‍යාපාරිකයාගේ කීමට ඔහු කළුබෝවිල ෆාමසියෙන් උපත්පාලන කොපු තුනක් මිල දී ගෙන ගිය බව ය. ඉන් එකක් පාවිච්චි කර තිබියදී විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇති අතර සැකකරු බලධාරීන්ට පවසා ඇත්තේ එම උපත්පාලන කොපු තුන ම පාවිච්චි කර ඇති බවකි.
කෙසේ වෙතත් සැකකරුගේ ප්‍රකාශය සත්‍ය ලෙසින් ම විමර්ශන නිලධාරීන් පිළිගෙන නැති අතර එහි සත්‍යතාව සොයාබැලීම උපත්පාලන කොපු ඩී.එන්.ඒ. විමර්ශනයකට යොමු කරන බව ද කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කරයි.
මෙම සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටී.
උපුටා ගැනීම – මව්බිම