
ඉදිරි දිනවල රට පුරා ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ලංකාවේ ජලභීතිකා රෝගය තුරන් කිරීමට සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් පැවතීම හේතු වූ නමුත් අවාසනාවන්ත ලෙස එම එන්නත් වැඩසටහන සම්පූර්ණයෙන්ම අඬාල වීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය ඇති ව තිබෙන බවත් එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
ඒ පිළිබද අදහස් දැක්වූ ඒ මහතා,
“පසුගිය කාලය තුළ මෙරට ජලභීතිකා රෝගය හේතුවෙන් සිදුවන මරණ අවම කර ගැනීමට ප්‍රධානතම හේතුව වුණේ, සාර්ථක එන්නත්කරණ වැඩසටහනක් බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම නිසයි. නමුත් අවාසනාවන්ත ලෙස මේ වන විට එන්නත්කරණ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අඬාල වී තිබෙනවා.සුනඛයින් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නත විශාල හිඟය මේ වෙද්දි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තියෙනවා. එන්නත් අඛණ්ඩ සැපයුමක් නැති නිසා, මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නෑ. විශේෂයෙන්ම එන්නතක් ලබාගෙන වසරකට වරක් නැවත වරක් අවම වශයෙන් සුනඛයින්ට එන්නත් ලබාදිය යුතුයි. පසුගිය මාස කිහිපයේම මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණේ නෑ. කොවිඩ් -19 කාලයේ මාස 5 කට ආසන්න කාලයක් මේ වැඩසටහන අක්‍රීයව තිබුණා.
එමෙන්ම ඉන්ධන ගැටලුව නිසා පසුගිය මාසයක පමණ කලයක් මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණේ නෑ. පසුගිය දෙසැම්බර් මාසයේ ඉඳලා මේ වෙද්දි කොවිඩ් -19 සහ ඉන්ධන ප්‍රශ්නය නිසා වගේම එන්නත් හිඟය නිසා වැඩසටහන අසාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේ දී විශාල වශයෙන් ජලභීතිකා මරණ වාර්තා වීමේ අවධානමක් තියෙනවා. මහජනතාවට අපි අනතුරු අඟවනවා, සුනඛ සපාකෑම්වලින් හැකිතරම් දුරට වැළකී ඉන්න කියලා. ඒ වගේම සැක සහිත සුනඛ සපාකෑමක් සිද්ද වුණොත් ළඟම පිහිටි රෝහලට ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.”
උපුටා ගැනීම – අද දෙරණ