අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනු කරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 14 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙන බව වාර්තා වේ.

ඒ අද (06) එම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙංගප්පුලි හා මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී අදාළ පෙත්සම සලකා බැලීම ජූලි මස 14 වන දා සිදු කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළ අතර එම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින විභාග කොමසාරිස් ජනරාල්වරයාට යළි නොතීසි නිකුත් කරන ලෙස ද අධිකරණය විසින් නියම කරනු ලැබ ඇත.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් විසින් එම පෙත්සම ගොනු කරනු ලැබ තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්