
ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමා තිබේ.
එහි නව මිල වන්නේ 5,280ක් බව එම සමාගම පවසයි.
එසේම කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,112කි.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 2ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 845ක් බවය ලාෆ්ස් ගෑස් සමාගම දැනුම් දී තිබේ.