ආනයනය සහ අපනයනය අවස්ථාවලදී වන සියලුම රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු සපයන ඕනෑම පුද්ගලයෙන්ට ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ උසස් නිලධාරියෙක් සදහන් කරයි..

ඒ අනූව තහනම් හා සීමා කරන ලද භාණ්ඩ, නියමිත රේගු බදු නොගෙවන ලද භාණ්ඩ, නීති විරෝධී මත්ද්‍රව්‍ය, දුර්ලභ ශාඛ සහ සත්ව කොටස් ආනයන සහ අපනයනය මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අයිතමයන් අපනයනය වැනි රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු ඇත්නම් ඒ පිළිබදව ශ්‍රී ලංකා රේගුවේ පැය 24 පුරා ක්‍රියාත්මක 011-2471471 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් තොරතුරු ලබා දෙන සියලු දෙනාගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරක්ෂිත කරන බවත් රාජ්‍ය ආදායම සුරැකීම සහ සමාජ ආරක්ෂණය වෙනුවෙන් මෙම වැඩපිළිවෙල කරන බවත් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ උසස් නිලධාරියා වැඩිදුරටත් සදහන් කරයි.

source –  lankadeepa

මෙන්න බලන්න තවත් පුවත්