නෙහාරා පීරුස් කියන්නේ හැමදාමත් පුංචි තිරය තුල අලුත් දෙයක් කරන්න උත්සහ දරන දරන අතිශයින් දක්ශය සාර්ථක රංගන ශිල්පිනියක්. විවාහ වෙලා ඉන්නේ කොයි කවුරුත් දන්න ක්ෂේත්‍රයේ තවත් අති දක්ෂ රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමග කියන්න කවුරුත් දන්නවා.

ඉතාමත් සාර්ථක දිවියක් ගත කරන නෙහාරා සහ මේනකා මේනකගේ නැවත වතාවක් ආදරණීය දියණියක් දියණියක් තමන්ගෙ කැදැල්ලට ගේන්න වාසනාවන්ත වුණා.දැන් මේ දෙන්නම දියණියන් දෙදෙනකුගේ දයාබර දෙමව්පියන්.සියලුම දේවල් එක්ක සතුටින් නිදහසේ ජීවිතේ බෙදා ගන්නා නෙහාරා සහ මේනක කලක් විදෙස්ගත වෙලා වැඩ කටයුතු කළා

මේනකගේ අධ්‍යාපන වැඩකටයුතු සඳහා එයා කලින් විදෙස් ගත වුණත් නැවත වතාවක් දෙන්නම ලංකාවට ආවා.ලංකාවට ඇවිල්ලා ආයේ රඟපාන්නේ කියලා හිතාගෙන හිටියත් ප්‍රේක්ෂකයන්ගෙන් එදා වගේම ආදරයක් ලැබුණු නිසා මේ දෙන්නම තීරණය කරනවා ආයෙමත් සැරයක් කලාවත් එක්ක එකතු වෙනවා කියලා.

ඊට පස්සේ අපිට මේනක ව අධ්‍යක්ෂක වරයෙක් විදිහටත් ටෙලි නාට්‍ය හරහා දැකබලාගන්න අවස්ථාව උදාවුණා.නෙහාරා සුපුරුදු පරිදි ටෙලි නිර්මාණ හරහා එකතු වුනු අතර දරු ප්‍රසූතිය වෙනුවෙන් ඇය නැවත වතාවක් ටික කාලයක් විවේකයක් ගත්තා.ඒ විදිහට ජීවිතය සමබරව ගෙන යන මේ දෙන්නම සමාජය විසින් කියන කට කතා වලටත් නිරන්තරයෙන්ම ගොදුරු වෙච්ච කලාකරුවන් දෙන්නෙක් කිව්වොත් නිවැරදියි. විශේෂෙන්ම නෙහාරාට ගොඩක් දෙනෙක් විවිධ කතා නිර්මාණය කරන්න පටන් ගත්තා.කතා හදන අයට කතා හදන්න දීලා ඒවා පැත්තකට වෙලා මේ කණින් අහලා එහා කණින් පිට කරන නෙහාරා ඒ වගේ සිදුවීමක් පිළිබඳව පසුගිය දවසක යූටියුබ් සාකච්ඡාවක් එක්ක එකතු වෙලා මේ වගේ අපූරු කතාවක් කිව්වා.

“ඒ දවස් වල දවස් වල පැතිරෙන කට කතා කීපයක් කිව්වොත් අපි හඳුනන කෙනෙක්ගෙ යාලුවෙක් කියලා තියෙනවා මම ලංකාවට එනවා මම නෙහාරව බුක් කරලා තියෙන්නෙත් මෙච්චර ගානකට කියලා. ඒ වගේ දේවල් මගේ කනට ආවම එක තැනකදි මට හිතුනා තාත්තා කියපු දේ ඇත්ත කියල. මේ ක්ෂේත්‍රය කොච්චර භයානකද කියලා හිතුනා.තවත් අවස්ථාවකදී මම ප්‍රසිද්ධ හෝටලේකට යනවා මේ ගානට කියලා කතාවක් ආවා.සමහර ඒ බිස්නස් එක කරන්න මගෙ වගේ හැඩරුව තියෙන අය ඩීල් කරනවා.ඇත්තටම මම මේ දේවල් හංගගෙන ඉඳලා තේරුමක් නෑ.ඒකයි දැන් කිව්වේ”

ඉතින් ඒ විදිහට අදහස් දක්වන නිසා නෙහාරා මීට ඉහතදීත් නොයෙකුත් ආකාරයේ ඇගේ යැයි කියන වීඩියෝ මට සංසරණය වීමේ අවුල කටත් මුහුණ දුන්නා.නමුත් ඒ සියලුම දේවල් ඇයගේ නොවන බව වටහා ගත් ප්‍රේක්ෂකයන් වෙනදටත් වඩා ඇයට ආදරය කළා.ඉතින් ඒ ආදරයත් එක්කම ඉදිරි ජීවිතය සාර්ථකව ගත කරන්නට හැකියාවක් ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

පැරණි පුවත් – මගේ පළමු චිත්‍රපටයම සජිත වගේ හොඳ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුනේ මගේ වාසනාවට – ඩිනාරා පුංචිහේවා

මේ දිනවල රිදී තිරය ඔස්සේ දිග හැරෙන ‘ගාඩි’ චිත්‍රපටයේ ටිකිරිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඩිනාරා පුංචිහේවා කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය පුංචි කාලේ ඉඳන්ම ආස කළේ රංගන ශිල්පිනියක් වෙන්න කියලයි ඩිනාරා නම් කියන්නේ. ඒ නිසා පාසලේදි සහ විශ්වවිද්‍යාලයේදීත් ඇය හැදෑරලා තියෙන්නේ නාට්‍යය හා රංග කලාව. කොහොම නමුත් ඇය ගාඩි චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නේ ජනප්‍රිය නළු සජිත අනුත්තර සමඟයි. ඉතින් සජිත කියන්නෙ රංගනය මැනවින් අවබෝධ කරගත් කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔහුට තියෙන සිනමාව ගැන අත්දැකීම් නිසාම නවක නිළියක් හැටියට ඇයගේ රංගනය සාර්ථකයි කියලා කෙනෙක් කියනවා නම් එහි ගෞරවය සජිතටත් හිමිවෙන්න ඕනේ කියලත් ඇය කියනවා. ඒත් එක්කම සජිත කියන්නෙ දැන් ඇයගේ හොඳ යාළුවෙක් නිසා හරිම සැහැල්ලුවෙන් විනෝදයෙන් වැඩ කරන්න පුළුවන් වුණා කියලත් ඇය කියනවා.

ඉතින් ඇය සතුටු වෙනවාලු ඇයගේ පළමුවැනි චිත්‍රපටයේ සජිත වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුණු එක ගැන. ඉතින් ඒ වගේම මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් අධ්‍යක්ෂණය කළ ‘සහෝ’ චිත්‍රපටය සහ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘ආසු’ සහ ‘Peacock Lement’ ඉදිරියේදී චිත්‍රපට එන්න තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට සිනමාව වෘත්තීමය ජීවිතේ කර ගන්න ඉස්සර ඉදන්ම ලොකු ආසාවක් තිබ්බා කියලත් ඇය කියනවා. නමුත් රටේ පවතින තත්ත්වය නිසාත් ඇය දැනට ජාත්‍යන්තර පාසලක රංගනය උගන්වන ගුරුවරියක් විදියට සේවය කරනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය කැමති ඇයට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් චරිත තෝරාගෙන කරන්නලු. ඉතින් ඇයගේ සැමියා ගුවන් නියමුවෙක් වුනත් ඔවුන් දෙන්නට දෙන්නා ඔවුන්ගේ රැකියාවන් ගැන හොඳ අවබෝධයකින් ඉන්න නිසා ඇයගේ කලා කටයුතුවලට ඔහු ඇයට උපරිම සහයෝගය ලබා දෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්