කලා ක්ශේෂ්ත්‍රය තුළ බිහි වූ ‍රංගන ශිල්පීන් අතර චරිතාංග නලුවෙක් විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය ඉතා ඉහලින් ලබා ගත්ත දක්ෂ රංගන ශිල්පියෙක් තමයි චමීර ලියනගේ කියන්නේ. පසුගිය කාලයේ ඔහු රංගනය කල ටෙලිනාට්‍යය ගණනවක්ම පුංචි තිරය හරහා අපේ ආලින්දයට පැමිණියා. ඒ අතරින් චමීරගේ රංගන කුසලතාවය ඉතා ඉහලින්ම දැක ගන්න පුලුවන් වුණු ටෙලිනාට්‍යය ගණනාවක්ම තියෙනවා.

රන්තිලිවැව ටෙලිනාට්‍යයේ ‘දාස’ විදියටත් ගිරිදේවි ටෙලිනාට්‍යයේ ‘කුමාර’ විදියටත් දාම් ටෙලිනාට්‍යයේ ‘කෙවින්’ විදියටත් අපි අතරට ආපු චමීරව මේ දිනවල පුංචි තිරය හරහා අපිට දැක බලා ගන්න පුලුවන්. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යයේ සුන්දරා විදියටයි. සුද්දි සමගින් ආදරයක පැටලෙන්න එන සුන්දරාට දැන්නම් ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය හරහා ආදරය කරනවා. ඉතින් කෝලම්කුට්ටම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය හරහා රංගනය කරන චමීර ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ගගන පියවර ටෙලිනාට්‍යයේ ත් රංගනයෙන් දායක වෙනවා.

සුන්දරා කියන චරිතය ගොඩක් ආසාවෙන් බාර ගත්ත චමීරට මුලින්ම ලැබුනේ ලොකු අභියෝගයක්. ඒ අඩි 15ක් ගැඹුර ගගට පනින්න. ඉතින් පොඩි කාලේ ඉදලා පීනන්න පුලුවන් නිසා චමීර ඒ අභියෝගය භාරගත්තා. ඒ වගේම කිඹුල්ලු ඉන්නවා කියලා ආරංචි වුණත් ඔවුන් ගගේ බැහැලා රූගත කිරීම් කරනවා. චමීරගේ සහ කාවින්ද්‍යාගේ බ්‍රයිඩල් ෆොටෝ ශූට් එකක් පසු ගිය දා සමාජ මාධ්‍ය හරහා බෙහෙවින් ජනප්‍රිය වුණා.

එ නිසා චමීරගෙන් ගොඩ දෙනෙක් අහලා තියෙනවා කාටවත් නොකියා බැන්දද කියලා. ඉතින් කෝලම්කුට්ටමට අනුව සුන්දරා සුද්දිගේ ආදර කතාව මේ විදියට ගලා ගෙන ගියාට සැබෑ ජීවිතයේදී චමීර තවම පෙම්වතෙක් නෙමෙයි. ඒ ගැන ඔහු පුවත් පතක දක්වලා තිබුණේ මෙවැනි අදහසක්.

” මම කැමතියි මේ විදියට තව ටික කාලයක් නිදහසේ ඉන්න. මොකද මේ කාලේ තව කෙනෙක්ව ජීවත් කරවන්න තියා තනියම ජීවත් වෙන්නත් අමාරු තත්වයක් තියෙන්නේ. මම අවුරුදු 8ක් ආදරේ කරලා නොගැලපීම් නිසා වෙන්වුණා. නොගැලපීම් තියෙයිනම් තව දුරටත් එකට ඉන්නවට වඩා වෙන් වෙන එක හොදයි. දැන් අපි දෙන්නම හොද යාලුවෝ. ‘’

මේ වන විට ටෙලිනාට්‍යය 40කට අධික සංඛ්‍යාවක රංගනය කරලා තියෙන චමීර තුන් වතාවක් නැගී එන නලුවා විදියට සම්මානයට නිර්දේශ වෙලා තියෙනවා. ඒ වගේම ඔහු වලවෙට්ටුවා ටෙලිනාට්‍යයේ රංගනයට රයිගම් සම්මානයට පාත්‍ර වුණා. ඉතින් මේ විදියට කලාව තුලින් ඉදිරි ගමනක් යන්න තමයි චමීරගේ ඉදිරි බලාපොරොත්තුව.

පැරණි පුවත් – ආරක්ෂාවට පොලු තියා ගන්නවා. අපේ අම්මා වළලු,මාල කරේ,අතේ පුරවගෙනනේ ඉන්නේ.

කේ සුජීවා කියන්නේ ඉඟිමරන තරු රෑන කෝ කියන ගීතය හරහා එළිමහන් ප්‍රසංග වේදිකාව තුල අතිශයින් ජනප්‍රිය ට පත් වෙච්චි දක්ෂ ගායිකාවක්. එනිසාම ඇගේ ආදරණීය දියණියන් දෙදෙනාත් ඇයගේ දක්ෂතාවය සහ අවවාද අනුශාසනා මැද මේ වෙද්දි සංගීත ලෝකය තුළ තමන්ගේම කියලා ගමන් මඟක් ආරම්භ කරලා අවසන්.

ඉතින් දියණියන් දෙදෙනා අතරින් ඇයගේ වැඩිමහල් දියණිය තමයි අන්ජලී රාජ්කුමාර් කියන්නේ. ඇය දිගටම ශ්‍රී ලංකාවේ හිටපු කෙනෙක් නෙවෙයි.අංජලී වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාව බලා පිටත් වෙනවා.ඊට පස්සේ නැවත වතාවක් ඇය ලංකාවට ආවහම තමයි කේ සුජීවගෙ ආදරණීය දියණිය විදිහට ඇය ප්‍රසිද්ධ වුණේ.ඒ අතීතය පිළිබඳව අන්ජලී කිව්වේ මේ වගේ කතාවක්

. “අද අපට කටයුතු ඉවරවෙලා මම ලංකාවට ආවේ 2017 අවුරුද්දේ.ඒත් එක්කම තමයි මම ගෙදර mash-up එක කළේ.ඒක කළ නිකන් ජොලියට වගේ කිසිම කොලිටියට නෙමෙයි කලේ.හැබැයි ඒක ජනප්‍රිය වුණා ඒත් එක්කම දැනගත්තා මේ අන්ජලී කියන්නේ k සුජීවගෙ දුව කියලා.ඊට පස්සේ ඉතින් කොලිටි එකක් ඇතුව මෑෂප් එකක් කරා. ඒකටත් ජනතාව ආදරය කලා කළා ඊට පස්සේ කරන්න හිටියට බැරි වුණා එන අවුරුද්දෙවත් එකක් කරන්න ඕනේ”

ඉතින් ඒ විදියට අදහස් දක්වන අන්ජලී මේ දවස්වල තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරන්. එත් ගොඩක් දෙනෙක් කරන්නැති ආකාරයේ බිස්නස් එකක්.ඇය පරණ වාහන මිලදී අරගෙන ඒවා අලුත් කරලා මොඩිෆයි කරලා නැවත වතාවක් විකුනනවා.මේ ව්‍යාපාරයට මේ වෙද්දි විශාල වශයෙන් ඉල්ලුක් තියෙනවා කියලත් ඇය සඳහන් කළා.

ඒ වගේම තමයි අන්ජලී නංගී සහ අම්මා ගෙදර ජීවත් වෙන්නේ මේ වෙද්දි තනියම.පිරිමි කෙනෙක් මේ ගෙදර නැහැ. ඒ නිසාම තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න තත්වෙට ඔවුන් පත්වෙලා.ඒ නිසා තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් මොන වගේ දේවල්ද කරන්නේ කියලා අහපුවාම අංජලී කිව්වේ මේ වගේ කතාවක්.

අපි වාහනේ යකඩ පොලු තියාගෙන ඉන්නේ. ගෙදර දොර මුල්ලේ යකඩ පොලු තියෙනවා.ලොකුවට බයක් දැනිලා නැහැ. නමුත් ප්‍රශ්නයක් වුණොත් කියන්න බැහැ.ඒ නිසා ආරක්ෂාවට පොලු තියා ගන්නවා.අපේ අම්මා වළලු මාල කරේ අතේ පුරවගෙන ඉන්නේ”

මෙන්න බලන්න තවත් පුවත්