
මෙරට ප්‍රමුඛ කෘෂිභෝග අපනයන සමාගමක් වන වයඹ සමූහ ව්‍යාපාරය මගින් දෙවසරක් තුළ රට පුරා පුවක් පැළ ලක්ෂ පහක් වගා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පුවක්, කරුංකා මෙරට අපනයන භෝගයක් වන අතර, කරුංකා සඳහා ආසියානු කලාපය තුළ ඇති ඉල්ලුම අනුව මෙරට වාර්ෂික පුවක් අස්වැන්න සිව් ගුණයකින් පමණ ඉහළ නැංවිය යුතු බවත්, ඉදිරි වසර හය තුළ දේශීය පුවක් අස්වැන්න ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවත්, වයඹ සමූහ ව්‍යාපාරයේ කෘෂිකර්ම ව්‍යාපෘති අධ්‍යක්ෂ නිමල් වීරතුංග මහතා කියා සිටී.
ඒ අනුව ඉන්දියාව, පකිස්තානය, මැද පෙරදිග ආදී රටවලින් ලැබෙන පුවක් ඉල්ලුම සපුරාලීමට හැකි වුවහොත් වාර්ෂිකව ඩොලර් කෝටි 10ක විදේශ විනිමයක් උපයාගත හැකි අතර, වගා කරුවන්ට ද ඉහළ මිලක් උපයා ගැනීමට හැකිවනු ඇති බවත් පුවක් වගාවට යෝග්‍ය ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම පුවක් පැළ ගෙවතු මට්ටමෙන් වගා කිරීමට සැලසුම් කර ඇති අතර, අස්වැන්න මිල දී ගැනීම සඳහා වෙළෙඳ ගිවිසුම් ක්‍රමය හඳුන්වා දීමට ද සමාගම පියවර ගෙන ඇති බවත් ඔහු කියා සිටී.
source – lankadeepa