
ඊයේ දින සිදු වූ ගෑස් මිල සංශෝධයන්ට සමගාමීව බේකරි ආශ්‍රිත නිෂ්පාදන මිල ගණන් ඉහළ නැංවීමක් සිදුනොවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය සදහන් කරයි.
ඔවුන් කියා සිටියේ,
“මේ රුපිල් 334ක ගෑස් මිල වැඩිවීම ආපන ශාලා පද්ධතිය තුළ කිසිදු ආහාර පානයක මිල ගණන් ඉහළ දාන්න අපි සිදුකරන්නේ නැහැ. මේ රටේ පාර්භෝගිකයාට තුන්වේල අහිමිවෙලා ඉන්නේ. අපිට අහිමි වෙච්ච එකේ පාරිභෝගීකයින්ට අපි මේ සහනය දෙන්න ඕනේ.”
ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නැංවුණි.