ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව 75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික කෞතුකාගාරයේදී විවෘත කෙරිණි.

ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පිළිගනු ලැබීය.

1919- 1972 දක්වා නිදහසේ සටන සම්බන්ධව ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන පිළිබිඹුවන පුවත්පත්වල මුල් පිටු එකතුව “නිදහසේ මුල්පිටු” ප්‍රකාශනය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය මෙහිදී ජනාධිපතිවරයාට පිළිගැන්වා තිබේ.

Path to Freedom ප්‍රදර්ශනය පෙබරවාරි 10 වැනි දා දක්වා පෙරවරු 9.00 සිට 5.00 දක්වා කොළඹ කෞතුකාගාරයේදී පැවැත්වේ .

මෙන්න බලන්න තවත් පුවත්