
මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා 75 වන නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් බස් රථ 50ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතින් සිදු කෙරිණි.
අද (05) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ඊට අදාල ලේඛන කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයාට බාර දුන්නේය.
අනතුරුව ජනාධිපතිවරයා ඒවා නිරීක්ෂණය කිරීමට ද එක් වූ අතර ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව මෙම බස් රථ ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
එහි පළමු තොගය ලෙස බස් රථ 75ක් පසුගියදා ශ්‍රී ලංකා රජය වෙත බාර දෙනු ලැබූ අතර තවත් බස් රථ 40ක ලියාපදිංචි කටයුතු මේ වන විට සිදු වෙමින් පවති. ඒ අනුව බස් රථ 165 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදී ඇති අතර 2023 මාර්තු අවසන් වන විට බස් රථ 500 ලබාදීමේ ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීමට නියමිතය.