
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334කින් ඉහළ යන අතර කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,743ක් වේ.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 134කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,904ක් වන බවත් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 61කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 883ක් ලෙස සදහන් වේ.