
ඔබත් ඉඳහිටක හෝ වාසනාව උරගා බලන්න කටයුතු කරනවා නේද.
ලොතරැයි දිනුමක් එහෙම ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් කෙරෙන මිලදී ගැනීම් එහෙම…
ලෝකෙ වටේ රස කතා හොයාගෙන යන අපිට ඔන්න එහෙම වාසනාව ඕනිවටත් වඩා ඉතිරුණු කතාවක් ගැන අහන්න ලැබුණා.
විශේෂත්වය වන්නේ මේක ඇයගේ පළවෙනි ලොතරැයි මිලදී ගැනීම වීමයි !!!
තනිකරම වාසනාව තමයි ඉතින්…
කතාව අහලා ඉන්නකෝ,,,,
කැනේඩියානු යෞවනියකට තමයි මේ විදියට සිය පළමු උත්සාහයේදීම ඩොලර් මිලියන 48ක ලොටෝ ජැක්පොට් ( lotto jackpot ) එකක් දිනා ගැනීමේ වාසනාව හිමිවූ බවට විදෙස් මාධ්‍යය තොරතුරු වාර්තා කරන්නේ.
ඇය නමින් ජුලියට් ලැමූර් ( Juliette Lamour ).
ඇයගේ මූල්‍ය උපදේශකයා වන්නේ ඇයගේ තාත්තා.
තවමත් 18 වන වියෙහි පසුවන ඇය මෙතරම් විශාල ත්‍යාගයක් දිනාගත් ලාබාලතම කැනේඩියානුවා බවට පත්වන්නේ වාසනාවත් එක්කම වාර්තාවක් ද තබමින්.
සිතාගත නොහැකි තරම් ධනයක් ලැබුණද, ජුලියට් තම අධ්‍යාපන කටයුතු අත්නොහැර ඉදිරියටම යාමට අදහස් කරන්නේ තරුණ තරුණියන්ට ආදර්ශයක් ලබාදෙමින්.
විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන ඇය සිය අධ්‍යාපනය අවසන් කර වෛද්‍යවරියක් වීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
“මම ඇඬුවා – සතුටු කඳුළු – ඇත්ත වශයෙන්ම, මගේ පළමු ලොතරැයි ටිකට් පතේ ගෝල්ඩ් බෝල් ජැක්පොට් එක වැදුණු බව මට තවමත් විශ්වාස කරන්න බෑ….” ඇය පවසනවා.
ඇය පවසන්නේ ජනවාරි 7 දිනුම් ඇදීමෙන් තම උපන් නගරයේ කෙනෙකු දිනූ බවට ආරංචිය ලැබෙන තුරුම ලොතරැයි ටිකට් පත ගැන ඇයට සියල්ල අමතකව තිබූ බවයි.
ජංගම දුරකථනය හරහා ටිකට් පත පරීක්ෂා කිරීමට ගිය විට, එහි තිරය මත “Big Winner” ලෙස දැක්වීම අදහාගත නොහැකි වූ බව ඇය පවසනවා.
“මගේ සගයා විශ්වාස කළ නොහැකි ලෙස දණින් වැටුණා,” ජුලියට් පවසනවා.
“හැමෝම කෑ ගැහුවේ මම ඩොලර් මිලියන 48ක් දිනුවා කියලා.”
ජුලියට් පැවසුවේ ඇයගේ මුදල් කළමනාකරු වන පියාගේ සහාය ඇතිව මුදලින් වැඩි කොටසක් “ප්‍රවේශමෙන්” ආයෝජනය කරන බවයි.
ලොතරැයි මිලදී ගැනීමේ අදහස ඇගේ පියාගේ එකක් වීමත් සුවිශේෂීයි.
ප්‍රදානයන් හෝ ණය ගැන කරදර නොවී වෛද්‍යවරියක් වීමේ තම සිහිනය සැබෑ කර ගැනීම සඳහා මෙම මුදල්වලින් කොටසක් ආයෝජනය කිරීමට සැලසුම් කරන බවයි ඇය පවසන්නේ.
“මට විවිධ රටවල් ගැන තොරතුරු සෙවීමට, ඔවුන්ගේ ඉතිහාසය සහ සංස්කෘතිය අධ්‍යයනය කිරීමට, ඔවුන්ගේ ආහාර අත්හදා බැලීමට සහ ඔවුන්ගේ භාෂාවට සවන් දීමට අවශ්‍යයි.” ඇය සිය අනාගත අපේක්ෂාවන් ගැනත් එලෙස සඳහන් කර තිබුණා.
“මුදල් ඔබව නිර්වචනය නොකරයි, ඔබ කරන කාර්යය ඔබව නිර්වචනය කරයි.” ඒ ඇයගේ ආදර්ශමත් පාඨයයි.
පැරණි පුවත් – මම කෙල්ල වගේ ලස්සනට ඉන්නවට පුතා හරි කැමති.දිග ගවුම් ඇදගෙන ආච්චි කෙනෙක් වගේ ඉන්න එපා කියනවා
රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක් වන ඇය මේධා ජයරත්න. ඇය රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා. මේ වන විට අපිට ඇයව නිවේදනය හරහා තමයිදැක ගන්න ලැබෙන්නේ. ඉතින් මේ වන විට සුන්දරත්වයෙන් ඉන්න මේධා ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය විවාහ වෙන්නේ වයස අවුරුදු 24 දි. ඉතින් ඒ විදියට විවාහ වෙන මේධා මේ වන විට විවාහයෙන් වෙන් වෙලා තනිකඩ ජීවිතයක් ගත කරන්නේ.
ඇගේ දරුවන් දෙදෙනාත් ඇයත් සමග ජීවත් වුණේ නැතත් දරුවන්ට ඉටු විය යුතු යුතුකම් ඉටු කරනවා. ඉතින් මේධා ඇගේ ආදරණීය දරුවන් ගැන කිව්වේ මේ විදියටයි. ” අපේ පුතාට දැන් අවුරුදු 19 යි. එයා කැමතියි මම කෙල්ල වගේ ලස්සනට ඉන්නවට. එයා කියන්නේ අම්මා කැල්ල වගේ ඉන්න කියලා. මට ඉන්නෙ දුවයි පුතයි. නොගැලපෙන කෙනෙක් ළග දුක් විද විද ඉන්න බැරිනම් දෙන්නා වෙන් වෙන්න ඕන.
ලංකාවේ කාන්තාවෝ පිරිමින්ගෙන් යැපෙන නිසා දුක් විදගෙන හරි ඉන්නවා. නමුත් මමනම් එහෙම කරදර විද විද ඉන්නෙ නෑ. මගේ පුතා දිග ගවුම් ඇදගෙන ආච්චි කෙනෙක් වගේ ඉන්න එපා කියනවා. ගෑණු කෙනා ලස්සනට හිටියෙ නැත්නම් මනුස්සය පිට යනවා.” මේ විදියටයි ආදරණීය මවක් වන මේධා ඇගේ අදහස් දක්වලා තිබුණේ.
ටෙලිනාට්‍ය කලාවේ දීර්ග කාලයක් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙසම තබාගෙන ඉන්න රංගන ශිල්පිනියක් හැටියට මේධා ජයරත්න හඳුන්වන්න පුළුවන්. මේධාට පසුගිය දවසක පොඩි අකරතැබ්බයක් වෙලා තිබුණා.මේධා ජයරත්න පසුගිය දවස්වල තඹුත්තේගම ප්‍රදේශයේදී ටෙලි නාට්‍යයක රූපගත කිරීම්වලයි ඉඳලා තියෙන්නේ. මෙම නාට්‍යයේ එක් රූපගත කිරීමක් තිබිල තියෙන්නෙ යෝධ ඇළේ. එය දිය නාන දර්ශනයක්. රජරට ප්‍රදේශයේ උපන් මේධාට ඇළ, දොළ, ගංගා, වැව්වල පීනලා දිය බුං ගැසීම එතරම් අරුමයක් නෙමෙයි. රූපගත කිරීමට මත්තෙන් අධ්‍යක්ෂකවරයා මේධාට උපදෙස් මාලාවක් දී තිබෙනවා. එය පිළිගත් මේධා මෙය රූපගත කිරීමේ අභියෝගය භාර ගත්තා