
විවාහ වුණා කියලා ආදරයේ කෙළවරක් ඇති වෙන්නේ නැහැ. හුඟක් දෙනෙක්ට විවාහ ජිවිතයේ ලැබෙන ආදරය ටික දවසකින් උදාසීන වෙනවා. ඇති කියලා හිතෙන්න ගන්නවා. ඉන්පස්සේ කාලයත් එක්ක වෙනත් ආදර කතාවල පැටලෙනවා. මුල් කාලයේදී වට්ස් ඇප් , මැසෙන්ජර් වලින් ආදරය පටන් ගන්නවා. ඒත් කල් යද්දී හම්බවෙලා කතා කරන මට්ටමට ආවම තමයි ප්‍රශ්න ගොඩක් වෙන්නේ.
1.ගැටළු ඇතිවෙන්න හේතු ගොඩයි
අනියම් සම්බන්ධතා ඇති වෙන්නේ හා ඇති කරගන්නේ ගැටළු සහිත විවාහකයින් අතරයි. ආර්ථික හෝ සමාජ තත්වය ගැන සලකා තමා අතින් වරදක් වීම හෝ වරදක් කර ඊට වන්දි ගෙවීමක් ලෙස විවාහයට යොමුවීම, අලුත් විවාහ ජීවිතයට අනුගත වීමට, ඒ අනුව අවශ්‍ය වෙනස් වීම්, වෙනස්කම් සඳහා නොහැකියාව, විවාහයට පෙර සිටි පුරුදු ජීවිතයේ ඇතැම් හානිකර පුරුදුවලින් ඈත් වීමට, ඒවා අත්හැර දමා අලුත් ලෙස සිතන්නට බැරි වීම, ජීවිතයේ වෙනස් වීමට ඇති අකමැත්ත, මවුපියන් බවට පත්වූ පසු පෙරදා සිටි පෙම්වතුන්, අඹුසැමියන් ලෙස වූ සම්බන්ධතා අත්හැරීම හෝ අඩුවීම, වයසත් කාලයත් සමග කායික වෙනස්කම්, මානසික වෙනස්කම් , පුද්ගල මුලික වටිනාකම් සඳහා එකඟතා නැතිවීම, දෙදෙනාටම පොදු වූ රුචිකත්වය නැතිවීම, ආර්ථික අමාරුකම් ආදී බොහෝ කාරණා දෙදෙනා අතර බැඳීම් ලිහිල් කිරීමටත් දික්කසාදය සඳහා පෙළඹවීමක් සිදුවීමට බලපානවා.
2.විවාහයේ ඇති වටිනාකම ඔබ තේරුම්ගත යුතුයි
විවාහය නීතිමය හා සමාජීය වශයෙන් වූ වැදගත් සම්බන්ධතාවකි. එමඟින් ධනාත්මක මෙන්ම ඍණාත්මක වූ බලපෑම් මානසික යහපැවැත්ම කෙරෙහි ඇති කිරීමට පුළුවන්. සාමාන්‍යයෙන් එක් කාන්තාවක් එක් පුරුෂයෙකු සමඟ කායික වශයෙන් එක්වෙනවා. එය සමාජීය සහ සංස්කෘතික වශයෙන් ද පිළිගැනීමට ලක්වෙනවා. විවාහය තුල එලෙස එක්වීමේ ක්‍රියාවලිය හා ඒ තුළ එකිනෙකා කෙරෙහි ආදරය, ගෞරවය,කැපවීම, බෙදාහදා ගැනීම තිබීම අවශ්‍යයි.
3.සතුටින් ඉන්න
විවාහ ජීවිතය කල් ඉකුත්වූ තත්වයකට පත්කරගත යුතු නැහැ. කායික මානසික වශයෙන් එය කාලයත් සමඟ වයසට ගියද ඒ සමඟම අලුත් බවක් ද ඇති වන බව දැකීමට පුළුවන් වෙන්න ඕන. ස්ත්‍රීන් හෝ පුරුෂයන් විවාහයට පත්වෙන්නේ විවාහ ජීවිතය උපරිම සතුටින්, තෘප්තියෙන් ගෙවන්නට සිහින දකිමින්. සිහිනය එක් පාර්ශවයකගේ පමණක් වූ විට එය සැබෑවක් කරගන්න නොහැකි වෙනවා. ඒ අපේක්ෂිත විවාහය තනිකඩ ජීවිතයට වඩා මිහිරි, රසවත් වින්දනීය එකක් වනු ඇතැයි විවාහ අපේක්ෂකයෝ කල්පනා කරනවා. මටත් හැමදාටම කෙනෙක් ඉන්නවා යන විශ්වාසය හැම විවාහකයෙක් තුළම තියෙන්නට ඕන. ගැටලුවක් ඇති වුවහොත් ඔබ දෙදෙනා කතා කර විසඳගන්න. ආදරයෙන් ඉන්න. ජීවිතේ විඳින්න.
4.දුක් විදින්නේ ඔබමයි
මිනිසුන්ගේ බැඳීම් හිත් ඇතුලේ පැටලුනාම සමහර වෙලාවට ඒක කරදරයක්. මොකද සම්බන්ධයන් ගොඩක් ඇතිවෙනකොට ජීවිතේ සංකීර්ණ වෙනවා. ඉතින් එකම දේ සම්බන්ධයෙන් ගොඩක් දේවල් ලංවෙනකොට ජීවිතය සංකීර්ණ වෙනවා. හරියට අවබෝධ කරගත්තේ නැත්නම් ජීවිත ගොඩකට ගැටළු ඇතිවෙනවා. මෙම ගැටලුව නිසා පවුල් සංස්ථාව බිඳවැටීම, ආර්ථිකය පහත වැටීම, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, නින්දා අපහාස විදින්නට සිදුවීම, සමාජ රෝග බෝවීම, සියදිවි හනිකරගැනීම පමණක් නොව මිනීමැරුම් පවා සිදුවන ආකාරය දැකගන්න පුළුවන්. ඒ තරමටම අද සමාජය තුළ මෙවැනි අනියම් සම්බන්ධතා නිසා ඇතිවන ප්‍රශ්න කෙළවරක් නැහැ.
පැරණි පුවත් – මම කාලයක් සිංහල නිලියක් එක්කත් යාළු වෙලා හිටියා, හැබැයි ඒක දන්නේ අපි දෙන්නා විතරයි – දර්ශන් තවරාජා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් නවක රංගන ශිල්පියෙක් තමයි දර්ශන් තවරාජා කියලා කියන්නේ. ඉතින් මේ කඩවසම් රංගන ශිල්පියා ගැන ප්‍රේක්ෂකයන් වැඩි දෙනෙක් දැනගන්නේ ජනප්‍රිය ගායිකා රයිනි චාරුකාගේ ‘කළුවරට හිත බය හින්දා ගීතයී රූප රචනාව හරහායි. ඒ වගේම ඔහු ශක්ති ටෙලිනාට්‍යය හරහාද ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඉතින් ඊට පස්සේ හිතුවක්කාරී ටෙලිනාට්‍ය හරහාත් ඔහු බොහෝ ප්‍රේක්ෂක ආදරයක් හිමි කර ගත්තා. කොහොම නමුත් උපතින්ම දමිළ ජාතිකයෙක් වන ඔහු දැන් ‘දීපවාලි රෑ’ ගීතයෙන් ගායකයෙක් විදිහටත් අපට දැකගන්න ලැබෙනවා.
ඉතින් මෙම ‘දීපවාලි රෑ’ ගීතයේ ගායනයෙන් වගේම එයට රංගනයේ යෙදෙන්නෙත් දර්ශන්. ඉතින් මේක ඔහුගේ පළවෙනි ගීතය වෙලත් ඔහුටම පුදුමයිලු අද වෙද්දි මේ දවස් කිහිපයට මේ ගීතය ගොඩක් දෙනා බලලා තියෙන එක. ඒ වගේම ඔහු දමිළ කෙනෙක් විදිහට සිංහල මිනිසුන්ගෙන් ලැබෙන ආදරය ගැන කියන්න ඔහුට තේරෙන්නෙ නැහැ කියලත් දර්ශන් කියනවා. ‘මූ මොකක්ද සිංහලෙන් කියලා කරන්න යන්නෙ’ කියලා හිතපු අයට ඔහු ගොඩක් හොඳ උත්තරයක් දුන්නා කියලත් ඔහු කියනවා. ඉතින් සිංහල වුණත් දමිළ වුණත් හරි දේ කළොත් කෙනෙක්ට ඕනම තැනකට යන්න පුළුවන් කියලා ඔහුට දැන් හිතෙනවාලු.
ඒ වගේම ඔහු මෙච්චර ජනප්‍රිය වෙයි කියලවත් ඔහුට මෙච්චර ආදරයක් ලැබෙයි කියලවත් ඔහු හිතුවේ නැහැලු. ඉතින් ඔහුට යම් තැනකට එන්න පුළුවන් වෙයි කියලා හිතුවට මේ තරම් ආදරයක් බලාපොරොත්තු වුණේ නැහැ කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු දැන් ටැටූ දෙකක් කරලා තියෙනවා. ඉතින් ඒ දෙකම නළුවෙක් වෙන්න කලින් කරපුවා වුනත් මේ ටැටූ දෙක තමයිලු ඔහු නළුවෙක් විදිහට කරපු ලොකුම වැරැද්ද. ඉතින් රඟපාන්න යද්දි දැන් ටැටූ එක ලොකු අවුලක් කියලයි ඔහු කියන්නේ. ඒ නිසා රංගනයට එකතුවෙන කෙනෙක් ටැටූ ගහන එක හොඳ නැහැ කියලත් ඔහු කියනවා.
ඒ වගේම ඔහු දැන් පෙම්වතෙක් නෙමෙයිලු. නමුත් කලින් ඔහුට පෙම්වතියක් ඉඳලා තියෙනවා. ඉතින් එයා දමිළ ගැහැනු ළමයෙක්. ඒ වගේම ඔහු කළා ක්ෂේත්‍රයට එන්න කලින් සිංහල ගැහැනු ළමයෙක් එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. ඉතින් ඇයත් රඟපාන කෙනෙක් කියලයි දර්ශන් කියන්නේ. හැබැයි ඇයවත් ඔහුවත් ඒ ගැන කාටවත් කියන්නෙ නැහැ කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.