
ශතක පිට ශතක රැස් කරමින් පළමු පෙළ ක්‍රිකට් පිටියේ පෙරැළි කරන නිශාන් මදුශ්කගේ සුපිරි පිතිකරණය හේතුවෙන් මෙරට ක්‍රිකට් රසිකයන්ගේ පවා දැඩි අවදානයකට ඔහුව ලක්ව තිබෙනවා.
මේ අතර ඔහු පසුගිය දා එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පිතිකරණයක නියැලෙමින් ලකුණු 241ක් රැස් කිරීමත් සමග ශ්‍රි ලංකාව වෙනුවෙන් පලමුපෙල පිටියේ ද්විත්ව ශතක ත්‍රිත්වයක් ලබාගත් ලාබාලතම පිතිකරුවා බවට පත් වීමට ද නිශාන් මදුශ්ක සමත් වුනා.
මේ අතර ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිශාන් මදුශ්ක පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ ඔහු ඉතා හොඳ තත්ත්වයේ සිටින නිසා අනිවාර්යයෙන්ම ඔහුව ජාතික කණ්ඩායමට ගෙන එන බවයි.
“ඔහු ලකුණු රැස් කරන ආකාරය අනුව අපට ඇස් පියාගෙන ඉන්න බැහැ. ඔහු පසුගිය වසරේ සිට පිත්තෙන් අඛණ්ඩව දස්කම් දක්වනවා, නවසීලන්ත තරඟාවලිය සඳහා අවසන් කණ්ඩායම පිළිබඳව තීරණයක් ගැනීමට අප එක් වන අවස්ථාවන් වල තේරීම් කමිටුව ලෙස අපි ඔහු දෙස ඉතා සමීපව බලනවා. මේ වන විට අපට ටෙස්ට් වලදී අඩු වැඩි වශයෙන් ස්ථාවර පිතිකරණ ඒකකයක් ඉන්නවා තමයි, නමුත් අපට මෙම ළමයාගේ දස්කම් නොසලකා හරින්න බෑ.
“ඔහු කඩුළු රකින පිතිකරුවෙකු නිසා අපි ඔහුව කණ්ඩායමට වඩාත් හොඳින් ගැලපිය හැක්කේ කොතනද යන්න පිළිබඳව සාකච්ඡා කරනවා. කඩුළු රකින්නෙකුට පිතිකරණය ආරම්හ කර දින පහක තරගයකදී අත්වැසුම් පැළඳ සිටීම පහසු නැහැ. නමුත් ඔහු ඉතා හොඳ තත්ත්වයේ සිටින නිසා අනිවාර්යයෙන්ම අපි ඔහුව ජාතික කණ්ඩායමට
පැරණි පුවත් -හැමෝටම වඩා හේමාල් එක්කයි මම එකතු – ඉන්දීය නිළි අක්ෂතා සොනාවනේ
මේ දිනවල තිරගතවන සෙකන්ඞ් ෂෝ චිත‍්‍රපටයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා එහි ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරන ඉන්දීය නිළි අක්ෂතා සොනාවනේ ලංකාවට පැමිණ තිබෙනවා. ඉතින් මේ චිත්‍රපටය ගැනත් ඇයගේ විස්තරත් ඇය මේ විදිහට පැවසුවා.“චිත‍්‍රපටය තිරගත වුණා. ඒ ගැන සතුටුයි. ඒත් එක්කම පොඩි දුකක් තියෙනවා ලංකාවේ පවතින තත්ත්වය ගැන. මම ඉපදුණේ, පාසල් ගියේ මුම්බායේ. දැන් මගේ වැඩවල පහසුවට මම හයිඩ‍්‍රාබාද්වල ඉන්නේ.”ඒ වගේම අක්ෂතා රංගනයෙන් දායකවෙලා තියෙන චිත‍්‍රපට ගැනත් මේ විදිහට පැවසුවා.මම ක්ෂීර සාගර මධනාම් වගේම මේ වසරේදී ගෝල්මාල් යන තෙළිඟු චිත‍්‍රපටවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. සෙකන්ඞ් ෂෝ මගේ පළමුවැනි සිංහල හා දෙමළ චිත‍්‍රපටය. මෙය මට විශේෂයි.
ඇයට මේ අවස්තාව ලැබුන හැටිත් මේ විදිහට පැවසුවා. “මට මුලින්ම කෞශි මැඩම් මුණ ගැසෙන්නේ ලන්ඩන්වලදි. ඇය ඉතාම උණුසුම් අයුරින් මාව පිළිගත්තා. ඇය හැමෝටම උදව් කරන ඉතාම හොඳ කෙනෙක්. ඇය අපූරුයි. ඒ වගේමයි සෙකන්ඞ් ෂෝ කණ්ඩායම. ඔවුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. කෞශි මැඩම් මට උදව් කළා සිංහල දෙබස් නිවැරදිව උච්චාරණය කරන්න. ඇය විශේෂ අවධානයක් ලබා දුන්නා මට.මම හරිම ආසයි මේ භාෂාවට. එය හරිම මිහිරි භාෂාවක්. ඇත්තෙන්ම එය ඇහෙනවිට කනට කිසිම අපහසුවක් නැහැ. ඒ තරම්ම මිහිරියි. මට මතකයි මට මුලින්ම සිංහල අහන්න ලැබුණේ ලන්ඩන්වලදි. සිංහල වගේම දෙමළ භාෂාවත් උච්චාරණය කිරීම නම් බොහොම අපහසු වුණා.මම සම්පූර්ණ පිටපතම මගේ මව් භාෂාවෙන් ලියාගත්තා. ඒ වගේම දෙබස්වල තේරුම වචනෙන් වචනෙට අහගත්තා. එවිට මට හැකි වුණා මගේ හැඟීම් එක්ක දෙබස් උච්චාරණය කරන්න. ඔබ දන්නවාද එය මට හෝම් වර්ක් එකක් වගේ. මේ දෙකම මට අලූත් භාෂාවන් නිසා මම ගොඩක් බය වෙලා හිටියේ. ගොඩක් මහන්සි වෙන්නත් වුණා.”
ඒ වගේම ඇයගේ පෙම්වතා ලෙසින් රංගනයෙන් දායක වූ හේමාල් ගැනත් මේ විදිහට පැවසුවා.“ඔහු හරිම හොඳයි. මම ඔහුවත් මුලින්ම දුටුවේ ලන්ඩන්වලදි. ඔහුගේ පෙනුමට වඩා ගතිගුණ හරිම වෙනස්. ඔහු හරිම විනෝදකාමියි. නමුත් වැඩ කරන වෙලාවට හරිම සීරියස්. සෙට් එකේදී හරිම ප්‍රොෆෙෂනල්. චිත‍්‍රපටයේදී නම් ඔහු මා සමඟ නොවෙයි පල්ලවි (පල්ලවි සුභාෂ්) සමඟයි වැඩිපුර රංගනයේ යෙදෙන්නේ. අපි දෙන්නට ගොඩක් දර්ශනවල එකට රඟපාන්න තිබුණේ නැහැ. නමුත් ඔහු මගේ හොඳ යාළුවෙක් වුණා. දර්ශන තලයේදී අන් කාටත් වඩා හේමාල් එක්කයි මම එකතු.”