
තලංගම ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
එම සැකකරුව කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 27 හැවිරිදි සැකකරුවෙකි.
බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එම නිවසෙහි හිමිකරු වන ව්‍යාපාරිකයෙකුගේ මළසිරුරක් පසුගිය 02 වනදා සොයාගැනුණි. මෙලෙස මියගොස් තිබුණේ ප්‍රකට රෙදිපිළි අලෙවිසැල් ජාලයක හිමිකරුවෙකි. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි රොෂාන් වන්නිනායක නම් පුද්ගලයෙකි.