සශී නිශාදි කියන්නෙ මේ වෙද්දි සෝශල් මීඩියා ඇතුළේ ඉන්න දැවැන්ත චරිතයක්. “සඳරූ අයියා” කියලා කොහේදෝ තැනක ඉඳන් පටන් ගත්ත සශීගේ “ලයිව් වීඩියෝ” කාලයක් පුංචි වුන්ගේ ඉඳන් වැඩිහිටි පිරිස් දක්වා ආකර්ශනය කරගන්න සමත් වුණා. එහෙම වුණත් තවත් පිරිසක් ඇයව විවේචනය කරන්නත්, ඇයට චෝදනා නඟන්නත් පටන් ගත්තා.

ළමා පරම්පරාව “ගේමින් වලන් විනාශ කරන විනාශකාරී යුවතියක්” විදිහට යි ඇය ව බොහෝ දෙනෙක් හඳුන්වා දුන්නේ. කොහොම වුණත් ඇය මේ වෙද්දි ලක්ෂපතිනියක් වග කාටත් රහසක් නෙවෙයි.

ඇත්තටම ඒක එහෙම ද ? මේ ඇය මෑතක යූටියුබ් නාලිකාවක් හා අදහස් දක්වමින් කියූ දේවල්… “ගේමින් එන්න අයිඩියා එකක් තිබ්බේ නෑ. කාලයක් යූටියුබ්, ටික්ටොක් කළා. අන්තිමට ගේමින් ආවා. මුල් කාලේ මඩ ගහනකොට වේදනාවක්, දුකක් තිබ්බා. පස්සෙ හුරු වුණා.. දැන් ගාණක් නෑ.

අපේ ජීවිතේ ට ගොඩක් ප්‍රශ්න එනවා. හැබැයි අපි නැවත්තුවොත් අපි හැමදාම එකම තැන..” “මුලදි හිනාවෙයි, කකුලෙන් අදියි. හැබැයි තැනකට ගියාම මල් තියලා පිළිගනී.. ගේමින් ගැන එක එක මත තියනවා.

ඇබ්බැහි වෙන් නැතුව පරිස්සමින් කරන්න.. අපි තැනකට ගියොත් මුලින්ම සතුටු වෙන්නෙ අම්මා තාත්තා – ඉතින් හොඳ දේකින් ඉස්සරහාට යන්න කියලා තමයි මං වගේ අයට කියන්න තියෙන්නේ..”

පැරණි පුවත් – එයාගේ වර්තමාන බිරිඳ කැමති නෑ අපිත් එක්ක ගනුදෙනු කරනවට- උපේක්ෂා ස්වර්ණමාලි මෙතෙක් නොකියූ කතාව

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්.

පස්සෙ කාලෙක ඇය දේශපාලන පිටියත් පිවිසුණා ඔබට මතක ඇති.

ඒ කොහොම වුණත් ඇය තමන්ගේ දේශපාලන ආගමනය ගැන ජනතාවගෙන් සමාව අයැද සිටියා.

ඇය කියා තිබුණේ ඇගේ එම තීරණය ඇගේ කැමැත්තකින් තොරව ගත් එකක් බවයි.

ඇය ඇගේ පියා ගැන මෑතක වැඩසටහනකට එක්වෙමින් අදහස් දක්වා තිබූ අතර, ඇය එහිදී සංවේදීව මෙසේ කියා තිබුණා.

“ඇත්තටම මම තාත්තා ගැන කතා කරන්න හරි ආසයි. මගේ තාත්තව මම දන් නෑ. ආශ්‍රයක් නෑ… මම අවුරුදු දෙක තුනකට කලින් කැනඩාවට ශෝ එකකට ගියා. තාත්තාගේ අක්කයි දුවයි මට කතා කළා. හැබැයි මගේ තාත්තා කතා කරන්න කැමති වුණේ නෑ. එයාගේ වර්තමාන බිරිඳ කැමති නෑ අපිත් එක්ක ගනුදෙනු කරනවට. මට ඒක තේරුම් ගන්න පුළුවන්. මගේ පවුලට උන හානිය ඒ පවුලට කරන්න අකැමැති නිසා මම කරදර දෙන්න ආස නෑ. තාත්තා ගැන ලොකුවට කතා කරන්න දෙයක් දන් නෑ. හැබැයි බොරු කියන්න ඕනේ නෑ. මගෙ ඇඟේ ඒ දමිළ තාත්තගෙයි සිංහල අම්මගෙයි ලේ දුවනවා. ඒ හැඟීම වචනවලින් කියන්න තේරෙන් නෑ. මම දෙමළ දන්නෙත් නෑ. ඒත් ජානවලින් ආපුදේ නිසා ආසයි. තාත්තා හම්බුනොත් දවසක.. මව හැදුවට ස්තුතියි කියනවා. එයාව තේරුම් ගන්න මට බැරි කමක් නෑ…”

 

 

මෙන්න බලන්න තවත් පුවත්