කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය සංගීත කණ්ඩායම් අතරින් මීට වසර ගණනාවක සිට අද දක්වාම  ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම තබාගෙන තිබෙන සංගීත කණ්ඩායම තමයි සෙන්ටිග්‍රේඩ්ස් කියන්නේ.මේ කණ්ඩායමේ සිටින සියළුම සියලුම සාමාජිකයන් හට එදා වගේම අදටත් මුළු ලංකාවම ආදරය කරනවා. ඒ ඔවුන්ගේ දක්ෂතාවයට වගේම ඔවුන් තුල පවතින නිහතමානී ගුණය නිසයි.

ඒ වගේම ඔහුට අදටත් ප්‍රසංග වේදිකාව තුල ලැබෙන්නේ ඉහළ ම සුවිශේෂී ස්ථානයක්.නමුත් ඒ කාලයේ ඔවුන්ගෙ හිටපු උදය ශ්‍රී පසුකාලීනව කණ්ඩායමෙන් ඉවත් වන්නේ ඔවුන් ඔවුන් අභ්‍යන්තරය ඇතිවුණු යම් කිසි යම්කිසි ආරවුලක් නිසයි.ඉන්පසු ඔහු තනිවම ගමනක් යමින් නිර්මාණයන් කරන්නට වුණ.ඒ වගේම මේ වන විට ඔහු විදේශගත වෙලා ජීවත් වෙන්නෙ.ඒ වගේම ඔවුන සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ කණ්ඩායම පිළිබඳව නිරන්තරයෙන් අලුත් තොරතුරු යාවත්කාලීන කරනවා. ඒ වගේ පසුගිය දවසක ඔවුන්ගෙ පිටුව හරහා සංගීත  කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ගේ ඡායාරූපයක් පළකර තිබුණා.

එම ඡායාරූපයට එක්තරා රසිකයෙක් කමෙන්ටුවක් දමමින් අසා තිබුණා ” පුළුවන්නම් උදයව ආය ගන්න” කියලා. ඉතින් ඊට පිළිතුරු වශයෙන් ලබාදී තිබුණේ මෙවැන්නක්,

” දොර ඇරලා තියෙන්නේ..” කියලා.

පැරණි පුවත් – මට ලොකු අධිෂ්ඨානයක් තිබ්බ මම අනිවාර්යෙන් ඉන්න ඕනේ කියලා. මොකද මගේ දුවට මාව ඕනේ මගේ සැමියාට මාව ඕනේ

පිළිකාව කියන්නේ අද වෙද්දි ලොකු කුඩා සියලු ම දෙනා අඩු වැඩි වශයෙන් අමිහිරිව මුහුණ දෙන ඉතාම භයානක රෝගී තත්ත්වයක්. මේ රෝගය කොයිතරම් භයානක ද කියනවා නම් ලෝකයේ තාම මෙතෙක් පිළිකාව සීයට සීයක් සුව කරන්න පුළුවන් බෙහෙත් හොයාගෙන නැහැ. මේ පිළිකාව පාලනය කරන්න පුළුවන් විසඳුම් විතරයි තාම අපිට ලැබිලා තියෙන්නෙ.

ඉතින් සමහර පිළිකා තියෙනවා මුල් අවදියේදී හඳුනාගත්තොත් අපිට සුව කරන්න පුළුවන් තත්වයේ තියෙන පිළිකා. ඒක පුද්ගලයාගේ වාසනාව අවාසනාව මත තීරණය වෙන දෙයක් ඉතින් ඒ විදිහේ අවාසනාවන්ත රෝගී තත්ත්වයකට මුහුණ දුන්නා අපේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ප්‍රවීණ කලා කලාකාරිනියක්.

ඒ තමයි ඔබ අපි කවුරුත් දන්න සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය. ඇය පසුගිය දවසක පියවුරු පිළිකා මේ රෝගී තත්ත්වයකින් පීඩා වින්දා කියන්න ගොඩක් දෙනෙක් දන්නවා. ඇය ගැන කතා කරද්දි සුසන්තා චන්ද්‍රමාලි ගේ ආදරණීය දියණිය තිසුරි යුවනිකා කියන්නෙත් රංගන ලෝකයේ ඉන්න රංගන තාරකාවියක්.

අම්මටයි තාත්තටයි ඉන්න එකම දියණිය විදිහට ඇය අම්මා පිළිකා රෝගී තත්ත්වයකින් පෙලෙනවා කිව්වහම කටයුතු කරේ හරි පුදුම විදිහට ශක්තිමත්ව. අපේක්ෂා රෝහලේ ඉන්න හැම මොහොතකදිම ඇය කිව්වේ මම මගේ අම්මා ගාව ඉන්නවා වෙන කාටවත් අම්මා ගාව ඉන්න දෙන්නෑ කියන දේ.

මේ විදිහට ඒ දේවල් සිද්ධ වෙද්දී රෝගී වූ අවස්ථාවේ යහලු මිතුරු සියලු දෙනාත් කවදාවත් දැකපු නැති බොහෝ දෙනකුත් ඇයට උදව් වෙලා තියෙනවා. ඒක ඇයට ලොකු ශක්තියක් විදිහට දැනුනා කියලා ඇය සඳහන් කලා. මුලින් මේ රෝගී තත්ත්වය නිසා ඇය මාධ්‍ය ඉදිරියට ආවේ නැතත් දැන් දැන් ඇය තමන් ලබපු ඒ අත්දැකීම පිළිබඳව ප්‍රේක්ෂකයන් එක්ක අදහස් හුවමාරු කරගත්තා. ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“මුලින් මම මේ රෝගී තත්ත්වය හන්ගගෙන හිටියා මගේ ප්‍රතිකාර නිසා. ඇත්තටම මම පිළිකා රෝගියෙක්. ඇත්තටම මට ලොකු අධිෂ්ඨානයක් තිබ්බ මම අනිවාර්යෙන් ඉන්න ඕනේ කියලා. මොකද මගේ දුවට මාව ඕනේ මගේ සැමියාට මාව ඕනේ.

තිසුරි කිව්වා ඉස්පිරිතාලෙ ඉද්දි මට බෑ අනිවාර්යෙන් මට මගේ අම්මා ගාව ඉන්න ඕනි කියලා. එයා තමයි මං ගාව හිටියේ. ටික කාලයක් යද්දී මට ගිලින්න අමාරු උනා. doctor ඊට පස්සේ කිව්වා පොඩි පොඩි ගැටලු එයි සුසන්තා ඔයා ගස්ලබු එහෙම කන්න කියලා. වතුර හොදට බොන්න කිව්වා. ඩොක්ටර් කිව්වා දෙකම remove කරන්න වෙයි කියලා. පියවුරු දෙකම. දුවයි හස්බනුයි අපි තුන්දෙනාම එක හෙළා කිව්වා මෙච්චර කාලයක් හිටියනේ ඒක ප්‍රශ්නයක් නෑ මට හොඳ වෙනවා නම් ඒක අයින් කරාට ප්‍රශ්නයක් නෑ කියලා “

ඉතින් ඒ විදිහට තමයි ඇයගේ වෛද්‍ය ප්‍රතිකාර වල අවසාන තීන්දු තීරණ දියණිය සහ සැමියා එකතු වෙලා අරගෙන තියෙන්නේ. ඒ සියලුම තීන්දු තීරණවල ප්‍රතිඵලයක් විදිහට අද වෙද්දී ඇයට බොහෝ දුරට සුවය ලැබිලා කියලා ආරංචියි. ඉතින් තවත් බොහෝ කාලයක් නිරෝගීව ජීවත් වෙන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපිත් එක්ක එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්