නිවසින් බැහැරලන කසළ තොගයක් මහමග දමා යද්දී ඊට විරෝධය පළ කිරීමට ඉදිරියට පැමිණි පුද්ගලයකු අනතුරකට පත් කොට පළා යමින් තිබූ මෝටර් රථයක් යතුරුපැදියක ගැටී තිබේ. මෙම අනතුර කළ පුද්ගලයා (3 දා) උදෑසන අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

කසළ තොගය මහ මග දමා පලා යමින් තිබූ මෝටර් රථයට විරෝධය පළ කිරීමට ඉදිරියට පැමිණි පුද්ගලයා හප්පා පලායෑමට සැරසෙද්දී එම පුද්ගලයා මෝටර් රථයේ බොනට් එක මතට පැන තිබේ. එහිදී බොනට් එක මත රැඳී සිටි පුද්ගලයා ද සමඟ මෝටර් රථය කිලෝ මීටර් එකහමාරක් පමණ දුරට ධාවනය කරද්දී යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.මෙම සිදුවීම චිත්‍රපටයක ස්වරූපයක් ගෙන තිබූ බව පොලිසිය කියයි.

මෝටර් රථයකින් පැමිණි සැකකරු නිවසින් බැහැරලූ කසළ තොගයක් සහිත බෑග් පහක් 03 දා උදෑසන අතුරුගිරිය, හබරකඩ හන්දිය ආසන්නයේ මහමග දමා පලායෑමට උත්සාහ දරා තිබුණි.

පසුව මේ බව දුටු අසල රැඳී සිටි පිරිසක් ඊට විරෝධය පළ කරමින් කසළ තොගය මෝටර් රථයට දැමීමට යෑමේදී සැකකරු ක්ෂණයකින් ක්‍රියාත්මක වී මෝටර් රථය පණගන්වා පළා යෑමට උත්සාහ දරා තිබේ.

එම අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් රථය ඉදිරිපිටට පැමිණ විරෝධය පළ කර ඇති අතර එය නොතැකූ රියැදුරු නොනවත්වා මෝටර් රථය ඉදිරියට ධාවනය කර තිබේ.

එහිදී මෝටර් රථය ඉදිරිපිට රැඳී සිටි දෙදෙනාගෙන් එක් පුද්ගලයකු පසෙකට පැන ඇති අතර අනිත් පුද්ගලයා අනතුරින් වැළකීම සඳහා මෝටර් රථයේ බොනට් එක මතට පැන තිබේ. බොනට් එක මත සිටි පුද්ගලයා ද සමග මෝටර් රථය කිලෝමීටර් එකහමාරක් පමණ දුරට ධාවනය කර තිබේ.

හබරකඩ හංදියේ සිට පනාගොඩ හන්දිය දක්වා අධික වේගයෙන් මෝටර් රථය මෙසේ ධාවනය කරද්දී යතුරුපැදියකින් රාජකාරිය සඳහා යමින් සිටි පුද්ගලයකු ගැටී තිබේ.

එම අවස්ථාවේ දී මෝටර් රථය නවතා සැකකරු පලා යෑමට සැරසෙද්දී අසල්වාසීන් එක්ව අල්ලා මෙසේ පොලිසියට භාර දී, බොනට් එක මත රැදී සිටි හබරකඩ ජනකපුර ප්‍රදේශයේ පදිංචි බමුණු බමුණු ආරච්චිගේ අජිත් සිරිවර්ධන නමැති (55) හැවිරිදි පුද්ගලයා බේරාගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් හබරකඩ මුල්ලේගම පාරේ පදිංචි (67) හැවිරිදි කුලී රථ රියැදුරා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ක්‍රිස්ටෝපර් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ඇන්ටන් ප්‍රනාන්දු සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

පැරණි පුවත් – කලින් දැනගෙන හිටියේ නැති ගොඩක් දේවල් සංගීත් මට කියලා දෙනවා – ලංකාවේ ප්‍රසිද්ධම ආදරවන්තිය දිනිති වල්ගමගේ

කළා ලෝකයේ ඉන්න හරිම ආදරණීය කළා පවුලක් තමයි සතරසිංහ කළා පවුල තාත්තාලා පුතාලා අම්මලා ඔක්කොම කලාවත් එක්ක හරිම සමීපයි, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ සංගීත් සහ ඔහුගේ ආදවන්තිය ගැන, සංගීත් කළා ලෝකයට සම්බන්ද වෙන්නේ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් විදියට, කළා පවුලකින් කලාවට සම්බන්ද වෙන නිසා සංගීත් රංගනයට පිවිසීම එච්චර අමාරු වුනේ නෑ, සංගීත් විවාහ වෙලා හිටියේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උදාරි කෞශල්‍යා සමග, කොහොම වුනත් මේ වනවිට සංගීත් ඒ විවාහයට සමුදීලා ඉන්නේ, හැබැයි සංගීත් දැන් ආදර වන්තයෙක් සන්ගීත්ගේ ආදරවන්තිය තමයි ජනප්‍රිය නිලි දිනිති වල්ගමගේ,

දිනිති කළා ලෝකයට සම්බන්ද වෙන්නේ ළඟකදී, කොහොම වුනත් කලාවට සම්බන්ද වෙලා ඉතාම කෙටි කාලයක් ඇතුලත ලංකාවේම තරුණ ආකර්ෂණය දිනාගන්න ඇය සමත් වෙනවා, ඒ වගේම තමයි දිනිතේ රංගනයෙන් දායක වුන සියලුම නිර්මාණ ලංකාවේ අතිශය ජනප්‍රිය වුනා, රංගන ශිල්පිනියක් වෙන්න කලින් දිනිති සේවයකලේ ගුවන් සේවිකාවක් විදියට, කොහොම වුනත් දැන් ඇය ඇයගේ වෘත්තීය විදියට තෝරාගෙන තියෙන්නේ රංගනය,

මේ වනවිට දිනිති සහ සංගීත් කියන්නේ ආදරවන්තයින් කියලා හැමෝම දන්නවා, ඉතින් දිනිති එයා ගැන සහ සංගීත් ගැන කියන්නේ මේ වගේ කතාවක් ”අපි දෙන්නගේ ජීවිතේ හැලහැප්පීම් ගොඩකට අපි මුහුණ දුන්නා, මට ගන්න පුළුවන් ගෙඩක් දේවල් මම සන්ගීත්ගෙන් දකිනවා, සන්ගීත්ට තරම් ප්‍රශ්න ආව මනුස්සයෙක් තවත් මේ ලෝකේ නෑ, එයාට ආව ප්‍රශ්න මට ආවනම් මට මෙලහකටත් ඩිප්රේෂන් ඇවිල්ලා,

මෙයා ඒවාට ෆේස් කරපු විදිය දැක්කම මට හිතෙනවා මම කොහොමද ප්‍රශ්න වලට ෆේස් කරලා තියෙන්නේ කියලා, මම මෙයාගෙන් ගොඩක් දේවල් ඉගනගෙන තියෙනවා, සංගීත් තමයි මට කියලා දුන්නේ කාලය අපිට ගොඩක් දේවල් කියලා දෙනවා, බිඳිච්ච හිත පවා කාලය විසින් සුවපත් කරනවා, එහෙම තමයි සංගීත් මට කියලා දුන්නේ, මම එයාගේ අම්මලා තාත්තලා එක්ක පවා ගොඩක් එකතුයි, ඉතින් අපි දෙන්නා හඳුනා ගත්ත කාලේ පටන්, දෙන්නට දෙන්නා කැමැත්තෙන් හිටියත් රිලෙෂන්ශිප් එකකට යන්න අපි හදිස්සි වුනේ නෑ, අපි කලේ දෙන්නට දෙන්නා ගැන යාළුවො වගේ ඉඳන් දැනගත්ත එක, ඊටපස්සේ තමයි අපි ආදරේ කරන්න පටන් ගත්තේ”

මෙන්න බලන්න තවත් පුවත්