ශ්‍රී ලංකාවේ 75 වන  නිදහස් දිනට අදට (04) යෙදී තිබේ.

5 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ 75 වන නිදහස් දිනය සමරන වර්තමානයේ ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයක් බවත්  මෙම අභියෝග ජය ගැනීම ස‍ඳහා නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් ය.

නිදහස් දින සැමරුමෙන් ආරම්භ වන නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග 2048 වසරේ සමරන 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් වන රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම වත්මන් රජයේ අරමුණ බව කියා සිටි ඔහු 100 වන නිදහස් දින සැමරුමේ දී පුරවැසියන්ගේ සියලු මූලික අවශ්‍යතා සපිරුණු ඉහළ ආර්ථික සමෘද්ධියක් අත්කරගත්, ගෝලීය ප්‍රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු ඇති බවට විශ්වාස කරන බව ජනාධිපතිවරයා සිය නිදහස් දින පණිවුඩයෙන් පවසයි.

මේ වන විට ගාලුමුවදොර දී පැවැත් වෙන අතර නිදහස් දින සැමරුම් උළෙල හේතුවෙන් ගාලුමුවදොර හා ඒ අවට මාර්ග රැසක් වසා තැබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා දැනුම් දී  තිබේ.
මෙන්න බලන්න තවත් පුවත්