
ආඩතෝඩ (Justicia adhatoda L.)
වංඇපල, ආඩතෝඩා, පාවට්ටා, අගල්ආදාර වැනි නම් වලින් ප්‍රාදේශීයව ව්‍යවහාර කරන මෙම ශාකය Acanthaceae කුලයට අයත් වේ. මෙම ශාකයට පාවට්ටා නම භාවිතා කළ ද Pavetta indica ලෙස විද්‍යත්මකව දක්වන ශාකය මෙය නොවන අතර එම ශාකය ඖෂධ පිණිස භාවිතා නොවේ. වෙද ගැටයන්හි “වෙදරාළගේ මෝව” එනම් “වෙදරාළගේ මව” ලෙස දක්වන මෙම ශාකය දේශීය වෙදකම තුළ තීව්‍ර රෝග තත්වයන්හි භාවිතා කරන බොහෝ දලු අනුපාන වල අඩංගු ඉතා වටිනා ඖෂධයකි.
කුඩා පඳුරු ලෙස වැඩෙන මෙම ශාකය අලංකාර ශ්වේත වර්ණ පුෂ්පයකින් යුක්තය. ඖෂධ වශයෙන් මෙහි පංචාංගයම යොදා ගන්නා අතර දලු මැල්ලුම් ලෙස සකස් කර ආහාරයට ගත හැකිය. ගැමි භාවිතය තුළ පාංශු සංරක්ෂණය, පළිබෝධනාශකයක් ලෙස, මදුරු විකර්ෂකයක් ලෙස භාවිතා කරයි.
ආයුර්වේදානුකූලව කඵ පිත්තහර, තික්ත-කෂාය රස, ලඝු ගුණ සහිත බවට දක්වන මෙම ශාකය ශ්වාස, කාස, ප්‍රමේහ, කුෂ්ට, අතීසාර, හෘදරෝග, ක්ෂයරෝග, මූත්‍රරෝග, ව්‍රණ, ආමවාත, චර්ම රෝග ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. විශේෂයෙන්ම ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඉතාමත් ගුණදායක ඖෂධයක් වන මෙය පෙනහළු වල සෙම ඉවත් කර ඒවායේ ක්‍රියාකාරිත්වය දියුණු කරයි.
2018 හි ප්‍රකාශිත Pharmacological activities of Justicia adhatoda පර්යේෂණ පත්‍රිකාවෙහි සඳහන් පරිදි මෙම ශාකය සතු බැක්ටීරියා හා දිලීර මර්දන හැකියාව, පළිබෝධනාශක හැකියාව පර්යේෂණාත්මකව තහවුරු කර ඇත. Detection and Confirmation of Alkaloids in Leaves of Justicia adhatoda and Bioinformatics Approach to Elicit Its Anti-tuberculosis Activity ලෙස 2012 දී ප්‍රකාශිත පර්යේෂණය මඟින් මෙහි ක්ෂයරෝගය මර්දනය කිරීමේ හැකියාව පෙන්වා දී ඇත. 2020 හි ප්‍රකාශිත Treatment of COVID-19 patients: Justicia adhatoda leaves extract is a strong remedy for COVID-19–Case report analysis and docking based study පර්යේෂණය මඟින් මෙම ශාකය කොවිඩ්-19 රෝගය සුව කිරීම සඳහා ද ඉතා වැදගත් ඖෂධයක් බව සායනිකව තහවුරු කර ඇත. 2021 දී ප්‍රකාශිත Adhatoda vasica rescues the hypoxia-dependent severe asthma symptoms and mitochondrial dysfunction පර්යේෂණය මඟින් මෙම ශාකය උග්‍ර ශ්වාස තත්වයේදී සෛලීය මට්ටමෙන් සිදුවන අකර්මණ්‍යතා යථා තත්වයට පත් කරන අයුරු තහවුරු කර ඇත.
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
සැකසුම – බිනාලි රාජපක්ෂ
newsmania.lk