අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසම විසින් ගොනු කළ පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම තීරණය ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  ලබාදුනි.

මානව හිමිකම් කොමිසම විසින් විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ අපහාස පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය කළ විනිසුරු මඩුල්ල වැඩිදුර සලකා බැලීම ලබන 07 වනදා  පස්වරු 1.30 සිදු කරන බවත් නියෝග කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්