මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙන ගිය තරුණියක් තමයි යොහානි ද සිල්වා කියන්නේ. “මැණිකේ මගේ හිතේ ” ගීතය හරහා ලෝකයම වසඟයට ගත් ඇයට විශේෂයෙන්ම ඉන්දියාව තුල විශාල ජනප්‍රියත්වයක් ලබාගැනීමට හැකියාව ලැබුනා. ඉතින් පසුගියදා සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක් වන Thank god චිත්‍රපටයටත් මේ ගීතය යොදාගෙන තිබුනා. ඉතින් ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා.

“නොහිතපු විදිහට “මැණිකේ මගේ හිතේ” ගීතයට දැන් මුළු ලෝකෙම නටනවා. ඒ ගැන හරිම නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ. අපි ගොඩක් ආසාවෙන් කරපු වැඩක්. ඇත්තටම නිරහංකාරව මේ ගැන සතුටු වෙනවා. සංගීත නිර්මාතෘ චමත්ටත් , මුල් ගායනය සහ මගෙත් එක්ක රැප් එක ගයනා කළ සතීෂාන්ටත්, පද රචනා කළ දුලාන්ටත්, සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත්, මගේ පිටුපසින් සෑම මොහොතේම ඉන්න දිලංජන් ඇතුළු “පෙටා ඉෆෙක්ට්” (Pettah Effect) කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමි වෙන්න ඕනේ.”

අද මුළු ලෝකයටම තරුවක් වෙලා ඉන්න ඇය ඒ ගැනත් මේ විදිහට පවසා තිබුනා. “ඇත්තටම නිරහංකාරව මේ ගැන සතුටු වෙනවා. අපි කුඩා කණ්ඩායමක්. අපි මේ වෙලාවේ ගැටෙන්නේ යෝධ සමාගම් සහ කණ්ඩායම් සමඟ. මේ සංචාරය අතරමැද අපට නිදාගන්න ලැබුණෙත් කලාතුරකින්. මීට කලින් මේ දේවල් ලංකාවේ කවුරුත් කරලා නැති නිසා උදවු කරන්නත් කාටවත් දැනුමක් නෑ. පෙටා ඉෆෙක්ට් කණ්ඩායම ඇත්තටම විශාල කර්තව්‍ය‍යක් කරනවා මගේ පිටුපස ඉඳගෙන. හැමදේම හෙමින් හෙමින් ආසාවෙන් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඉන්දියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ. ඔවුන් අපිව බලන්න ප්‍රසංගය ආරම්භ වෙන්නත් කලින් ඇවිත් සහයෝගය දුන්නා. ගුවන් තොටුපළේදිත් අපිට සෑහෙන්න උදවු උපකාර කළා. හුඟදෙනෙක් ලංකාවේ මිනිස්සු ගැන දොස් කිව්වට, මගේ සහ මගේ කණ්ඩායමේ අත්දැකීම් ගොඩක් වෙනස්. ලාංකිකයෝ හමුවුණ හැම වෙලාවේම අපිට උදවු කළා. මාත් එක්ක වැඩ කරන ලංකාවේ සන්නාම පවා ඔවුන්ගේ ඇඳුණුම්කම් කියලා අපිව බලා ගත්තා.

මේ ගමනට සුබ පතපු, උදවු උපකාර කරපු හැමෝටම ස්තුතියි.මගේ නමත් එක්ක ලංකාවෙ නම හැමෝම මතක් කරනවා කිව්වාම ඒක ලොකු වගකීමක් මට. මගේ ගෞරවය සහ මගේ රටේ මිනිස්සුන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉදිරි වැඩ කටයුතු කරන එක තමයි මගේ බලාපොරොත්තුව. විදේශීය ප්‍රේක්ෂකයෝ හැමෝම කියන්නේ එයාලා මීට කලින් ලංකාව ගැන දැනගෙන හිටියේ ලසිත් මාලිංගගෙන්, සනත් ජයසූරියගෙන් සහ ක්‍රිකට්වලින් කියලා. ඒ නිසාම “මැණිකේ මගේ හිතේ” ගීතයේ “සුකුමාලි” කියලා තියෙන කෑල්ල ලසිත් මාලිංගට කියනවා “මාලී සුකුමාලී” කියලා.

ගොඩක් අය මේ ගීතය සිංහල භාෂාවෙන් තියෙන්නෙ කියලා දැනගෙන හිටියේ නෑ. හැමෝම හිතුවේ ඒක ඉන්දියාවේ වෙනත් භාෂාවක් කියලා. ඒ නිසාම අපි යන යන තැන හැමෝටම කියනවා මේ ගීතය සිංහල භාෂාවෙන් තියෙන්නේ, ඒක “ශ්‍රී ලංකන්” කියලා.”

පැරණි පුවත්-මගේ ජීවිතේ ගන්න අමාරුම වුණු තීරණය තමයි හුස්ම චිත්‍රපටය භාරගන්නවද නැද්ද කියන එක

ඉතින් කොහොමද කාලෙකට පස්සේ?

ඔව් ඇත්තටම කාලකෙට පස්සේ තමයි මම දායක වුණු වැඩක් එළියට ආවේ… මේ දවස්වල නම් පියාඹන්න ආයෙත් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට දායකත්වය දෙමින් ඉන්නවා. පෞද්ගලික ජීවිතෙත් විශේෂයක් නැහැ. පුතාගේ හුරතල් විඳිමින් කාලය ගෙවෙනවා.

පියාඹන්න ආයෙත් සිනමාපටය ගැන කතාකරොත්?

තිරගත වෙලා දින කිහිපයක් වුණත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. පියාඹන්න ආයෙත් චිත්‍රපටය තුළ මගේ චරිතය ඇතුලේ කතා කළේ ආදරය පිළිබඳ නොතේරුම් කාලේ ආදරේ වින්දේ කොහොමද තේරෙන කාලෙට ආවම ආදරේ විඳින්නේ කොහොමද කියන එක වටා ගෙතුණු චරිතයක් අපි ඒ චරිතයට නමක් පාවිච්චි කළේ නැහැ.

හුස්ම චිත්‍රපටය කරලා කොච්චර කාලෙකට පස්සෙද චමත්කා ආයේ මේ විදියට කරළියට එන්නේ?

හුස්ම කරාට පස්සේ මට පුතා ලැබෙන්න හිටියා. ඒකත් එක්ක අවුරුදු එක හමාරක් ටිකක් විවේකීව හිටියා. බබා ලැබිලා මාස 3න් මම පියාඹන්න ආයෙත් චිත්‍රපටයේ වැඩ කළා. පියාඹන්න ආයෙත් චිත්‍රපටය කළේ කොරෝනා තදින්ම තිබුණු කාලේ. පියාඹන්න ආයෙත් කියන්නේ දුෂ්කරතා රැසක් විඳගෙන කට්ට කාගෙන බොහොම අමාරුවෙන් කරපු ලස්සන නිර්මාණයක්. හැමෝටම ආරාධනා කරනවා පියාඹන්න ආයෙත් ඇවිත් නරඹන්න කියලා.

මේ චමත්කාගේ කීවෙනි සිනමා නිර්මාණයද?

මේක මගේ හතරවෙනි සිනමා නිර්මාණය. මගේ පළමු සිනමා නිර්මාණය සරුංගල්. ඒ සඳහා මට ජනාධිපති කුසලාන සම්මාන පවා ලැබුණා. ඊට පස්සේ ඊතලය චිත්‍රපටයේ රඟපෑවා… ඊටත් පස්සේ තමයි හුස්ම ආවේ. හුස්මෙන් පස්සේ මම රඟපෑවේ පියාඹන්න අයෙත් චිත්‍රපටයේ හැබැයි මගේ රංගන පරාසය කොච්චරද කියලා මම තේරුම් ගන්නේ හුස්ම චිත්‍රපටයෙන්.

චමත්කාට ටෙලි නාට්‍යවලින් ඉල්ලුම අඩුද?

ටෙලි නාට්‍යවලින් ආරාධනා ලැබෙනවා. හැබැයි මම මෙගා ටෙලිනාට්‍යය වලට කැමති නැහැ. ඒත් ටෙලි නාට්‍යයකින් මට දෙයක් කරන්න තියෙන පිටපත් නිර්මාණයක් තාම මට ලැබිලා නැහැ.

චමත්කාට ජීවිතේ ගන්න අමාරුම වුණු තීරණය මොකද්ද?

මගේ ජීවිතේ ගන්න අමාරුම වුණු තීරණය තමයි හුස්ම චිත්‍රපටය භාරගන්නවද නැද්ද කියන එක…

ඉස්සරහටත් චමත්කාට ඇවිත් තියෙන්නේ හුස්ම තරම්ම අමාරු පිටපත්ද?

ඇත්තටම ඔව්. පිටපත් කීපයක්ම ලැබිලා තියෙනවා. ඒවා හුස්ම තරම්ම අමාරු නැතත් දෙවරක් හිතන්න ඕන පිටපත් කීපයක් තමයි ලැබිලා තියෙන්නේ. කරපු නිර්මාණයක් එන්න තියෙනවා. රංජිත් ධර්මසූරියගේ ‘‘වර්ණ’’ කියලා. ඊට අමතරව එකම අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. එක චිත්‍රපටයක රූපගත කිරීම් ඉදිරියේදී ආරම්භ වීමට නියමිතව තියෙනවා.

මේ ලෝකේ චමත්කාව තේරුම් ගත්ත එකම කෙනා කවුද?

වෙන කවුද ඒ තමයි මගේ ආදරණීය සැමියා. ඔහු දෙන සහයෝගය මාව තේරුම් ගැනීම ඒ දෙන ශක්තියට මට සමාන කරන්න මේ මිහිපිට දෙයක් නැහැ. මේ කේෂේත්‍රයට කාටවත් නැතුව ඇති ඒ වගේ සැමියෙක්. අපි අවුරුදු 6ක් යාළු වෙලා ඉදලා ලිවින්ටුගෙදර් කන්සෙප්ට් එකේ ඉඳලා විවාහ වුණ දෙන්නෙක්. ඒ නිසා අපි දෙන්නා අතර හොඳ තේරුම් ගැනීමක් තියෙනවා.

යම් දවසක ඔබ මේ කරන රංගනයන් නිරූපනයන් ඔබේ පුතාට කොයි විදිහට බලපාවිද?

පුතාගෙන් කවදාහරි දවසක ඉස්කෝලේ ළමයි හෝ කවුරුම හරි ඇහුව්වොත් ඔයාගේ අම්මා මෙහෙම රඟපෑවා නේද කියලා. ඒ අහන දේවල්වලට උත්තර දෙන්න මට එයාව හැඩ ගැස්සුවේ පුතා මගේ බඩේ ඉද්දීමයි. අද සමාජය දවසින් දවස වෙනස් වෙනවා. එයාගේ තරුණ අවධිය එනකොට ඒ දේවල් මහා ලොකුවට කතාකල යුතු මාතෘකා වේවි කියලා මම හිතන්නේ නැහැ. මොකද මගේ පුතාව මම පුහු සංස්කෘතියක් ඇතුලේ කිසිම වෙලාවක හිර කරලා හදන්නේ නැහැ.

මෙන්න බලන්න තවත් පුවත්