නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන හර්ෂි රසාංගා ගැන මෑතකදී හැමෝම කතා කරන්න ගත්තේ ඇගේ විවාහ ගිවිස ගැනීම නිසා.

ඇගේ පෙම්වතා මහේන් සමඟ ඇය පසුගිය මාසයේ අග විවාහ ගිවිස ගත් බව  ඔබ දැනටමත් දන්නවා ඇති.

හර්ෂිට විවාහ ගිවිස ගැනීමදා ඇගේ පෙම්වතා අපූරු තෑග්ගක් ලබාදීලා තිබුණා. ඇයට ලබාදී තිබුණේ ගිටාරයක්.

ඒ ගිටාරය වාදනය කරමින් හර්ෂි ඇගේ පෙම්වතා ළඟ තියාගෙන අපූරු ගීතයක් ගායනා කරන වීඩියෝපටයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.

ඇය ගායනා කරන්නේ ගායන ශිල්පී සේනක බටගොඩ ගායනා කරන “නිදි නැති රැය පුරා” ගීතයයි.

රටම කතා කරන වේදීන් එක ගැන හර්ෂි දක්වා තිබුනේ මේ වගේ අදහසක්

මතකද මම ඔයාලට කිව්වා මං දැකලා තියෙන ලස්සනම ආදර කතාව ගැන? මං කිව්වනේ ඒකෙ ඉතුරු ටික එයාලා බැන්දට පස්සෙ කියන්නම් කියලා. ඉතින් මේ ආවේ ඒක කියන්න ?❤️.

ඒ ගෑණු ලමයට ඕන වුනේ හරිම සිම්පල්, චාර්ම් engagement එකක් ගන්න. ඒත් ඉතින් ඒක plan කරන එක මේ දෙන්නට එච්චර ලේසි වුනේ නෑ. මොකද දෙන්නා හිටියෙ එක ලග නෙවෙයි නේ. හැබැයි ඉතින් කොහොම හරි මේ දෙන්නා ඒක හරිම ලස්සනට plan කලා. ගෑණු ලමයගේ පවුලටවත්, පිරිමි ලමයගෙ පවුලටවත් ඒ දෙන්නා බරක් වුනේ නෑ.

ඉතින් එයාලා ලගම යාලුවෝ, පවුලේ අය එක්ක එයාලගේ engagement එක හරිම සරලව, ලස්සනට ගත්තා. හැමෝම ගොඩක් සතුටු වුනා. සති ගානක් හැමෝම එදා දවස ගැන සතුටින් මතක් කලා. ඉතින් මේ දෙන්නට හරිම සතුටුයි. එයාලට ඕනෙ විදිහට හැමදේම වුනා.

හැබැයි ඉතින් ඒක නෙවෙයි හොදම කතාව!

Engagement එක ඉවර වෙලා පැය කීපයක් යනකොට ලංකාවේ ගොඩක් දෙනෙක් මේ දෙන්නගේ විවාහය ගැන කතා වෙනවා. එතනින් 60% ක්ම මෙයාලට බැන්නා. මොකද මේ ගෑණු ලමයට තාම 20යි නිසා. මේ දෙන්නා මේ කියන කතා අහගෙන ගොඩක් සතුටු වුනා. මේ දෙන්නා ගැන හොයලා බලන්න ගොඩක් අය ඉන්න නිසා ?.

හැබැයි ඉතින් මෙහෙමයි,
1. ලංකාවේ අවුරුදු 20න් බැදපු එකම කෙල්ල එයා නෙවෙයි.
2. අවුරුදු 18න් බැදපු අයත් ඕන තරම් ඉන්නවා.
3. අවුරුදු 15න් 16න් පැනලා ගියපු අයත් ඉන්නවා.

විවාහය කියන්නේ, බිරිදක්, සැමියෙක් වෙනවා කියන්නෙ ඉතින් වගකීම් ගොඩක්. මං දකින විදහටනම් මේ දෙන්නට බනින්නෙ ඒ වගකීම් වලට බය මිනිස්සු.

අනික ඉතින් ඒ දෙන්නා ඒ දෙන්නට ආදරෙයිනම්, එකට ජීවත් වෙන්න ඒ දෙන්නා ජීවිතය හදාගෙන තියෙනවනම්, එයාලා වගකීම් දරන්න සූදානම් නම් මොනාද අනිත් අයට තියෙන පස්න? ?.

හැබැයි ඒ වගේම එයාලට ගොඩක් අය සුභ පැතුවා. එයාලා ගොඩක් සතුටු වුනා.

ඉතින් දෙන්නා දවස් ගානක් එකට හිටියා. ඒත් ඉතින් පිරිමි ලමයා ආයෙත් ගෙදර යන්නත් එපැයි. වෙනදා වගේ නෙවෙයි මේ පාර වෙන්වෙද්දි එයාලගේ පපුවට ඇණ ගහනවා වගේ දැනුනලු. පිරිමි ලමයා ගියාට පස්සෙ මේ ගෑණු ලමයට එයාව හැමතැනම මැවිලා පෙනුනලු. අන්තිමේදි එදා රෑ මේ ගෑණු ලමයා නිදා ගත්තෙ පිරිමි ලමයා engagement එකට ඇදපු blazer එක බදාගෙන ?.

කොච්චර සතුටින් ඉන්නවා වගේ පෙන්නුවත් මේ දෙන්නා ඉන්නෙ ගොඩක් දුකින්. මොකද ඉතින් මේ දෙන්නා ඉන්නෙ හිතුනම ඇවිල්ලා බලලා යන්න පුලුවන් දුරක නෙවෙයිනෙ. කිලෝමීටර 3236ක් දුරින් ?.

තව මාස කීපයක් තියෙනවා මෙයාලා එකතු වෙන්න. හැබැයි ඉතින් දෙන්නා දැන් ඉදන්ම ඒකට ලස්සනට සූදානම් වෙනවා.
මං මේ දෙන්නගෙ ආසම ලක්ෂණය තමයි, මෙයාලා හරිම සරලව ජීවත්වෙන්න ආස අය.

මං ඉතුරු ඒවත් එහෙනම් ඔයාලට කියන්නම් එයාලා එක වහලක් යටට ආවම. එතකන් පොඩ්ඩක් ඉන්ටකෝ…

ප.ලි. – එයාලට බනින අයට, එයාලා divorce වෙනකන් බලන් ඉන්න අයට එයාලා කිව්වා, ඉර බස්නාහිරෙන් පායනකන් බලන් ඉන්න කියලා ?.

– harsh –

පැරණි පුවත්ම -ම රඟපෑම නවත්වලා රටයන එක ගැන කලින්ම කිවුවේ මගේ ප්‍රේක්ෂකයන්ට හිත හදා ගන්න ලේසි වෙන්න – හර්ෂි රසාංගා

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියලා කියන්නේ. ඉතින් මේ දිනවල හිරු නාලිකාව ඔස්සේ විකාශනය වන ‘ලංවී’ ටෙලි නාට්‍යයේ අපූර්වාගේ චරිතය හරහා ඇය ප්‍රේක්ෂකයින් හමුවට එනවා. කොහොම නමුත් ඇය හදිසියේම රට අත්හැර යන්නට තීරණය කර ඇති බව ඇය පවසනවා. ඉතින් ඒක හදිසි තීරණයක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. මොකද ඒක ඇය ගොඩක් කල් ඉඳලා ගත්ත තීරණයක්. ඒ වගේම ඇයගේ වැඩි දුර අධ්‍යාපනයට තමයිලු ඇය ලංකාවෙන් යන්නේ.

ඉතින් ඒ වගේම මේ දිනවල ඇයට ලැබෙන ජනප්‍රියත්වයට පයින් ගහල යන එක අපරාධයක් පසුතැවීමක් වෙන එකක් නැහැ කියලත් ඇය කියනවා. නමුත් ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ ආදරය අහිමිවෙයි කියලයි ඇය කියන්නේ. ඒ වුණාට ඒ නිසා ඇයට ඇයගේ ජීවිතයේ ඇයට යන්න ඕන තැනට නොගිහින් ඉන්න බැහැ කියලත් ඇය කියනවා. මොකද පොඩිකාලේ ඉඳලා ඇයට තිබුණු හීනේට යන්න ඕනෑ කියලයි ඇය කියන්නේ. ඉතින් එතනට ගියාට පස්සෙ ආපහු එන්න පුළුවන් වුණොත් එනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය මේ ගෙවපු ජීවිතේ ගැන ආපස්සට හැරිලා බැලුවම ඇයට ගොඩක් සතුටුයිලු. ඒ ඉතින් ඇය මේ ක්ෂේත්‍රයට ආවේ එකපාරටම දෙවියෝ දුන්න දෙයක් වගේ නිසා. ඒත් එක්කම අවුරුදු 11ක් වගේ පොඩි කාලයක් ඇතුළත ලංකාවෙන් භාගෙකට භාගයක් වගේ දන්න තැනකට මෙච්චර පොඩි වයසකදී එන්න ලැබීම ගැන ඇයට හරිම සතුටුයි කියලත් ඇය කියනවා. ඇයට දැන් වයස අවුරුදු 19යි. ඉතින් ඒ වගේ වයසකදී මේ වගේ තැනකට එන්න පුළුවන්වීම ගැන නිහතමානී සතුටක් දැනෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය ලංකාව දාලා යන එක හැමෝටම කියලා යන්න හේතුව, අද ඇය මේ තැන ඉන්නේ ඇයට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයන් නිසා. ඉතින් එයාලා නිසා මෙතැනට ඇවිල්ලා එයාලට නොකියා යනවා කියන්නේ ඇය එයාලට කරන වැරැද්දක් කියලා ඇයට හිතුණාලු. ඉතින් ඒ නිසා ඇය ඇයගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියලා යන්න තීරණය කළා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

මෙන්න බලන්න තවත් පුවත්