75 වැනි නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 වැනි දා උතුරු හා නැගෙනහිර පළාත් දෙක තුළ පූර්ණ හර්තාලයක් ප්‍රකාශයට පත් කිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කටයුතු කොට තිබෙන බව වාර්තා වේ.

උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට නිවේදනය කරන්නේ පෙබරවාරි 4 වැනි දා පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන දා එම ප්‍රදේශවල සියලු කටයුතු නවතා දැමිය යුතු බවත් එසේ ම ජාතික නිදහස් දින උළෙල පැවැත්වෙන එදින එයට විරෝධය පළ කිරීමක් ලෙස සියලු ම වෙළෙඳසැල් වසා දමා ඒවායේ කළු කොඩි ඔසවන ලෙසත් ජනතාවගෙන් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටී.

තව ද ජාතික නිදහස් දිනයට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල විරෝධතා පෙළපාලි රැසක් සංවිධානය කොට ඇති අතර නිදහස් දිනය දා යාපනයේ සිට මඩකලපුව දක්වා විරෝධතා පාගමනක් ද පැවැත්වීමට කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙන්න බලන්න තවත් පුවත්