
මෙවර පළාත් පාලන ඡන්දයට නාම යෝජනා භාරදීමත් සමගම පුංචි මන්ත්‍රී රස්නය ඔළුවට ගසා මෙතුවක් කලක් දරු පවුල රක්ෂා කළ රස්සාව අහිමි කරගත් තැනැත්තකු පිළිබදව දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
නගරයේ වෙළෙද සලක බඩු කිරමින් සිටි ඔහුට පුංචි ඡන්දයට නාම යෝජනා දීමට ලැබුණේ අහම්බයෙනි. ගමකින් අපේක්ෂකයකු සොයමින් සිටි පක්ෂයකට කෙනකු සොයා ගැනීමට නොහැකිව සිටියදී කළ ඉල්ලීමකට අනුව ඔහුට මේ සඳහා අවස්ථාව උදාවිය.
නාම යෝජනා අත්සන් කළ දා සිටම සේවය කළ වෙළෙද සලේ හිමිකරු ඔහු තඹේකට මායිම් නොකළේය. වෙනදා එක නිවාඩුවක්වක් නොගත් ඔහු මේ දින ටිකට ගත් නිවාඩු ගණන වෙනදා වසර කිහිපයකටවත් ගෙන නොතිබිණි.
ඒ විතරක්ම නොව වැඩ කරන වෙලාවට දුරකතන ඇමතුම් නොගන්නා ලෙසට කර තිබූ තහනමද නොතකා පක්ෂයේ වැඩවලට යැයි කියමින් දුරකතන ඇමතුම් ද ලබා ගත්තේය. එසේම වැඩ අතරමග නතර කර පක්ෂයේ හදිසි රැස්වීම් කියමින් නිවාඩු දමා යන්නේ වෙළඳ සල් හිමියා ද අසරණ කරමිනි.
නාම යෝජනා දී මන්ත්‍රී රස්නය ගෝලයාගේ මෙහෙම ඇණයක් වේ නම් මන්ත්‍රී වූ පසුව කෙසේ වේදැයි සිතූ වෙළෙඳසල් හිමියා ඔහු රස්සාවෙන් අස්කර දැම්මේය. ඒ ජීවත් වෙන්න මාර්ගය පක්ෂයෙන්ම ඉල්ලා ගන්න යැයි ද කියමිනි.
දැන් රස්සාව නැතිව දරු පවුල රක්ෂා කිරීමට මගක් නොමැතිව ඔහු සිටින්නේ නන්නත්තාරවය. භාර්යාව දෙස් දෙවොල් තියන්නේ ඔහුට නාම යෝජනා දුන් අයට ද ශාප කරමිනි.
පැරණි පුවත් -අපි දෙන්නා අවුරුදු 5ක් ආදරේ කරලා විවාහ වුනේ, ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙක් කියලා මම දන්නෙත් පස්සේ – ටනාෂා හතරසිංහ
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන විවාහ මංගල්‍යයක් තමයි ජනප්‍රිය සුරූපී නිලි ටනාෂා හතරසිංහගේ සහ ව්‍යාපාරිකයෙක් වූ අනුරාධ වීරරත්නගේ විවාහ මංගල්‍යය. ඉතින් හැංගි හොරා අවුරුදු 5ක් ආදරේ කළ මේ දෙන්නා විවාහ වෙනකම්ම බොහෝ දෙනෙක් දන්නේ නැහැ ටනාෂා ආදරවන්තියක්ද කියලවත්. ඉතින් මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය තරුවක් වූ ටනාෂාගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.
ඉතින් විවාහ වුණාට සුපුරුදු පරිදිම දැන් ආපහු වැඩ ටික කරගෙන යනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම වෙඩින් එකේ වැඩ නිසා නීල පබළු හා නොනිමි නාට්‍ය දෙකේ ෂූටිං යන්න බැරි වුණා කියලත් ඇය කියනවා. ඉතින් වෙඩින් එක ඉවර වුණු ගමන් ඇයට ආයෙමත් එක දිගට වැඩ කරන්න සිදු වුණාලු. ඒකයි සිද්ධ වුණේ.
කොහොම නමුත් මේ දෙන්නා අවුරුදු 5ක් ආදරේ කරලා තමයි විවාහ වෙලා තියෙන්නේ. ඉතින් ඇයගේ ආදරණීය සැමියා තමයි අනුරාධ වීරරත්න. ඉතින් ඔහු ව්‍යාපාරිකයෙක් ඇය නිළියක් කියලා ඔහු දැනගෙන හිටියට මුලින් කතාබහ කරද්දී එයා ව්‍යාපාරිකයෙක් කියලා ඇය දැනගෙන හිටියේ නැහැ කියලයි ටනාෂා නම් කියන්නේ. මොකද ඇය ආදරේ කරේ අනුරාධ කියන පුද්ගලයාගේ තිබුණු හොඳ ගතිගුණ නිසා. ඒ වගේම ඇයගේ පවුලේ ගෑනු අය විතරක් හිටපු නිසා දැන් ඇයගේ අම්මට අනුරාධ හොඳ පුතෙක් වගේම ඇයගේ නංගිලාට හොඳ අයියා කෙනෙක් වගේ කියලත් ඇය කියනවා.
ඉතින් ඇයට ජීවත් වෙන්න සුදුසුම කෙනා මුණගැහුන නිසා එයාගේ රස්සාව බලන්න ගියේ නැහැ කියලයි ඇය නම් කියන්නේ. ඉතින් ආදරේ කළා, විවාහ වුණා මිසක් ඇයගේ විවාහය ඇය ෆැෂන් එකක් කර ගත්තේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට හොඳට උයන්න පුළුවන් කියලයි ටනාෂා නම් කියන්නේ. ඒත් නිතරම උයන කෙනෙක් නෙමෙයි නිසා කසාද බැඳලා ආවට පස්සෙ නම් තවම උයන්න අවස්ථාවක් ලැබුණේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය නිළියක් වෙන්නේ කැමරාව ඉස්සරහා විතරක් නිසා එතැනින් එහාට හරි සිම්පල් ජිවිතයක් ගෙවනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.