
පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ 42ක් ලබන සතිය තුළ ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබෙන බව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කියා සිටී.
එමෙන්ම රෝගීන්ට අවශ්‍ය සෙසු ඖෂධ ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ඇති බවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක පමණ හිඟයක් පවතින අතර ඒවා ගෙන්වා ගැනීමට ඇණවුම් කර ඇති බවත් ඔහු කියා සිටී.
රට තුළ කුමන ආර්ථික අර්බුදයක් පැවතියද, රෝගීන්ට අවශ්‍ය ඖෂධ සැපයීමට රජය පියවර ගන්නා බවත්, රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සදහා රජයේ ප්‍රමුඛතාව දී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
පිළිකා ආසාදිතයන්ගෙන් තුනෙන් එකක් කලින්ම හඳුනාගෙන ඖෂධ භාවිත කරමින් වළක්වාගත හැකි පිරිසක් වන අතර තවත් තුනෙන් එකක් පිළිකාව සමඟ ජීවත් වන කොටසක් බවත් පිළිකා ඔසු අත්‍යවශ්‍ය ඖෂධ ලෙස පිළිගන්නා අතර, ඒවා ගෙන්වාගැනීමට රජය මේ වන විටද පියවර ගෙන තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
උපුටා ගැනීම – දිනමිණ