ප්‍රවීණ ගේය පද රචකයෙකු වූ මාධ්‍යවේදී තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 64 හැවිරිදි වියේ පසුවිය.

ඒ මහතාගේ දේහය අද රුක්මල්ගම පිහිටි ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

එච් ආර් ජෝතිපාලයන් විසින් ගැයූ මේ නොනිමෙන දිවි ගමනේ, පුංචි දෝණි තරහා වෙලා, පියාණෙනි මා ඔබේ පුතු වේ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කර තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්