
මෙතෙක් තමන් සිටි පක්ෂය අතහැර වෙනත් පක්ෂයකින් නාම යෝජනා ලබා දීම නිසා දින තීන්දු කළ මංගල්‍යයක් බිඳී ගිය පුවතක් උඩරට ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා හා ඔහුගේ පවුලේ සියලු දෙනා එක්තරා පක්ෂයක් ඡන්ද දායකයන් හා මතධාරීන් ලෙස අදාළ ගම මෙන්ම අවට ගම්මාන පුරා ප්‍රසිද්ධියක් ලත් පවුලකි.
මෙම පවුලේ පියා අදාළ දේශපාලන පක්ෂය වෙනුවෙන් ළැදිව දර දිය ඇද කටයුතු කළ ප්‍රාදේශීය දේශපාලනඥයකු ලෙස කටයුතු කළේය. එහෙත් ඉන්පසු ඇති වූ අසනීප තත්ත්වය නිසා පසු කාලයේදී සම්පූර්ණයෙන්ම දේශපාලනයට සමු දුන්නේය.
ඔහුගෙන් පසු තම වැඩිමහල් පුත්‍රයා ද දේශපාලන කටයුතු සඳහා යොමු කළේය. ඒ නිසාම ඔහුගේ වැඩිමහල් පුත්‍රයා මැදිවියට ආසන්නයේ සිටියත් මේ දක්වා විවාහයක් සිදුකර දීමට නොහැකි විය. මේ සම්බන්ධයෙන් ඔහු නිරන්තරයෙන්ම සිටියේ සිත් තැවුලෙනි.
මාස දෙක තුනකට පමණ පෙර මඟුල් කපු මහතකු හරහා අසල්වැසි ගමේ තරුණියක වෙනුවෙන් ගෙන ආ යෝජනාවකට අනුව දෙපාර්ශවයේ නෑදෑයන් ගේ දොර වතුපිටි ආදිය බලා ගත් තීරණය අනුව එම විවාහය සිදු කිරීමට තීන්දු ගෙන තිබිණි.
එම තරුණියගේ පවුලේ ඇත්තන් ද තම දේශපාලන මතයම දැරුවන් වූ බැවින්, මේ මඟුල් තුලාව එකට එක ගැලපෙන්නක් විය. එය දෙපිරිසේම පිරිස් සතුටුවීමට හේතු වූ තවත් කරුණක් ද විය.
එසේ තිබිය දී මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තරුණයාට වරම් ලැබිණි. එහෙත් මෙහි දී ඔහුට එම අවස්ථාව උදාවූයේ තමන් මෙතෙක් දැරූ දේශපාලන මතයට හාත්පසින් වෙනත් පක්ෂයකින් නාම යෝජනා ලබා දීමටය.
අවසන් මොහොත තෙක් ඒ සඳහා තීරණයක් ගෙන නොතිබූ අතර අවසානයේ දී පියාටත් නොදන්වා නාම යෝජනා ලබා දීමට කටයුතු කළේ කාටත් රහසිනි.
කෙසේ වෙතත් නාම යෝජනා ලබා දීමෙන් පසු මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර ඒ හේතුවෙන් මවුපියෝ හා තම නෑදෑ පිරිස් තරුණයා හා උරණ වූහ.
ඉන්පසු මේ සම්බන්ධයෙන් මනාලියගේ පාර්ශ්වයේ නෑදෑයන්ට ද දැන ගන්නට ලැබුණේ ඔහුගේම පියා මනාලියගේ මවුපියෝ ද තරුණයාගේ නිවෙසට පැමිණ ඔහුට දොස් පවරන්නට ඔවුන් ඉදිරියේ තරුණයාට දෙහි කපන්නට වීමෙනි. එසේ පැමිණි මනාලියගේ පියා ගඟක මුහුදක දැමුවත් එක හිතක් නොමැති, තීරණ වෙනස් කරන පුද්ගලයකුට තම දියණිය පවා නොදෙන බව පවසා යන්නට ගියේය.
ඒ අසා සිටි තරුණයාගේ පියා අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නෑ. ප්‍රතිපත්ති වෙනස් කරන්න යනවාට මේවා හොඳ පාඩම යැයි තම පුතුට පවසා සිටියේ නිවෙසේ සැමට ඇසෙන්නටය.
පැරණි පුවත් -සල්ලි නැතුව අපිව මේන්ටේන් කරන්න අමාරුයි. බදින කෙනාට අනිවාර්යෙන්ම සල්ලි තියෙන්න ඕනේ
තමන්ට ලැබෙන චරිත වලට ඉහළ සාධාරණත්වයක් ඉෂ්ට කරමින් සෑම අවස්ථාවකදීම අභියෝගාත්මක චරිත නිරූපණය කරපු ආදරණීය කලාකාරිණියක් තමයි චමත්කා ලක්මිණී කියන්නේ. රංගන ශිල්පිනියක් වෙන්න කාලයෙන් ඇය නිරූපණ ශිල්පිණියක් විදිහට කලා ක්ෂේත්‍රයට ඇවිත් පළවෙනි සිනමා නිර්මාණයෙන් ම ම ආකර්ෂණය දිනා ගත්තු රංගන තාරකාවක් බවට පත්වුණා.
ඇය ගමන යන්නේ බොහොම පරිස්සමින් ඒ වගේම තමයි භාර ගන්නෙත් අභියෝගාත්මක චරිත. ඒ විතරක් නෙවෙයි චමත්කාට මේ චරිත වෙනුවෙන් සමාජයෙන් නොයෙකුත් චෝදනා විරුද්ධතා එල්ල වුණා. මොකද ඇය වැඩිහිටියන්ට පමණයි සිනමාපට වලට පමණයි බොහෝ අවස්ථාවන්වල දී සම්බන්ධ වුණේ. ඇය හුස්ම ටෙලි නාට්‍යය කරපු ඒ ආන්දෝලාත්මක චරිතය පිළිබඳ වත් ගොඩක් අය විවේචන වගේම හොඳත් කතා කළා. ඉතින් පෞද්ගලික ජීවිතයත් ඇය බොහොම සාර්ථකව ගත කරන කෙනෙක්. ඒ වගේම තමයි ආදරණීය පුතකුගේ මවක් වෙච්ච චමත්කාට කවද හරි දවසක පුතා ඇයි මේ වගේ චිත්‍රපටවල රඟපෑවේ කියලා ඇහුවොත් මොනවගේ පිළිතුරක්ද දෙන්නෙ කියපු අවස්ථාවක ඇය කිව්වේ මගේ පුතා හොඳට මේ දේවල් තේරුම් අරගෙන ඉන්න දරුවෙක් කියන දේ. කොහොම නමුත් අභියෝගාත්මක චරිත කරද්දි පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙන්න ඕනි. ඇයටත් මොනවගේ සහයෝගයක් පවුලෙන් ලැබෙනවද කියලා අහපු අවස්ථාවක චමත්කා කිව්වේ ගෙදර ඉන්න අයගෙන්වත් ස්වාමිපුරුෂයාගෙන් වත් ඇයට කිසිම තහනමක් නැහැල්ලු. ඒ වගේම තමයි කලා ලෝකය තුළ කරන කියන වැඩ පිළිබඳව ඇය ගෙදර කාත් එක්කවත් කතා කරන්නේ නැහැලු. තීරණයක් අරගෙන අවසන් වුණාට පස්සේලු සියලුම දෙනාව දැනුවත් කරන්නේ.
ඒ විදිහට කලාව සහ පෞද්ගලික ජීවිතය ගතකරන ඇය බබා ලැබුනටත් පස්සේ හිටියටත් වඩා ලස්සන වෙලා හැඩ වෙලා කියලා තමයි ගොඩක් අය කිව්වේ. ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවක ඇය මේ වගේ උත්තරයක් ප්‍රේක්ෂකයන්ට දුන්නා.
“රහසක් නැහැ මම බොහොම පෝෂ දායක ආහාර ගත්තේ. බොහොම පොඩ්ඩයි කෑවෙ ලොකුවට ජිම් ගිහින් ඩයට් කළේ නැහැ. මොකද මම තාම මගේ දරුවට කිරි දෙනවා. පුතාට අවුරුද්දයි මාස දෙකක් වෙනවා මම හිතාගත්තා පුතා ඉල්ලනකම් පුතාට කිරි දෙනවා කියලා. සමහර අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා වගේ ශරීරය සම්බන්ධයෙන්. ඒ අයට කියන්න තියෙන්නෙ මම දැන් කිරි දෙන අම්මා කෙනෙක්”
ඇය ඒ විදිහට තමයි සති අග පුවත් පතකට අදහස් ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් තවත් බොහෝ කාලයක් ක්ෂේත්රය තුළින් අභියෝගාත්මක චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන්න ඇයට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු.