
නඩු භාණ්ඩ වශයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ තිබු යතුරුපැදි දෙකක් කිසිවකු විසින් සොරාගෙන ගොස් තිබෙන ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය සදහන් කරයි.
පසුගිය 13 වෙනිදා ඇඹිලිපිටිය දිස්ත්‍රික්‍රාත් අධිකරණයේ රෙස්ට්‍රාර්වරිය මෙම යතුරුපැදි දෙක අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටී.
මෙම යතුරුපැදි දෙක හොරාගෙන ගිය අය ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැති අතර ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.