
බඹර ප්‍රහාරයක් හේතුවෙන් දරුවෙක් මරණයට පත්ව තිබේ.
උහන, කෝමාරිය ප්‍රදේශයේ ගසක තිබූ බඹර කූඩුවක් උකුස්සන් විසින් කඩා දැමීම හේතුවෙන් ඊයේ(02) දහවල් බඹරුන් ඇවිස්සී දරුවෙකු බඹර ප්‍රහාරයකට ලක්ව ඇත.
තුවාල ලැබූ දරුවා අම්පාර රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මිය ගිය දරුවා කෝමාරිය උහන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේවන විට මෘත ශරීරය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.