
ජාතික විදුලිබල පද්ධතියට සුවිසල් දායකත්වයක් ලබාදෙමින් මෙගාවොට් 165කින් ක්‍රියාත්මක කෙරෙන කැලණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරයේ විදුලි ජනන කටයුතු ඊයේ (02) රාත්‍රියේ ඇනහිටි බව එම බලාගාර උසස් නිලධාරියෙකු සඳහන් කරයි.
මෙම බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් නැප්තා තොග ලබා නොදීම හේතුවෙන් මෙලෙස එය ඇනහිටි බවත් තෙල් සංස්ථාව සතුව නැප්තා ලීටර් මිලියන 2000ක් තිබියදී එය ලබා නොදීම හේතුවෙන් මෙලෙස මෙම බලාගාරය අක්‍රිය වූ බවත් එම නිලධාරියා පවසයි.
එමෙන්ම ඩීසල් බලාගාරයන්ට සාපේක්ෂව විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා අඩු වියදමක් නැප්තා බලාගාරයන් සතු බව ඔහු වැඩිදුරටත් කියා සිටී.