නිරූපන ක්‍ෂේත්‍රයේ වගේම කළා ක්‍ෂේත්‍රයේත් කැපී පෙනෙන චරිතයක් විදියට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ, අභියෝගාත්මක චරිත හරහා නිර්මාණ කිහිපයකටම රංගන ලබාදුන් චරිතයක් තමයි ගයේෂා පෙරේරා කියන්නේ, ඉතින් කාලෙකට පස්සේ ඔයාලා හමුවෙන්න ආව ගයේෂා සමගයි අපි අද කරන්න සූදානම් වෙන්නේ, ඉතින් ගයේෂා කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ගොඩක් හොඳින් ඉන්නවා, මගේ පවුලේ අයගෙන් වගේම ලංකාවෙන් ටිකක් දුරස් වෙලා ඉන්න එක ගැන නම් ගොඩක් දුකයි, හැබැයි ඉතින් මෙහෙ පුතා සහ සැමියා එක්ක ටිකක් සතුටින් සනීපෙන් කාලය ගතකරනවා”

ලංකාවේ සමහරු අහනවා නේ දැන් සැපද කියලා, ඉතින් ගයේෂා දැන් සැපද..? ”ඒක මාර ප්‍රශ්නයක්, කොහොම වුනත් අපි මේ ලෝකේ කොහේ හිටියත් රසාවක් කරන්න ඕන එහෙම නැත්නම් තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන්න ඕන, මොකද මෙහෙ ආවා කියලා පිට නිකන් ඉන්න බෑ නේ, හැබැයි ඉතින් මෙහෙ හොඳ රැකියාව හොයාගත්තොත් ගොඩ තමයි, ආයේ හොඳ සැප, මම මෙහෙ රැකියාවක් කරන ගමන් ගෘහනියක් විදියටත් වැඩ කරනවා, මවක සහ බිරිඳක විදියට මට වගකීම් ගොඩක් තියෙනවා ඉතින් මම වගකීම් ගොඩක් වැඩි නිසා ගිය සතියෙ මම රැකියාවෙන් ඉවත්ව් උනා, මම මෙඩිකල් කෝඩර් කෙනෙක් විදියට වැඩ කලේ”

ගයේෂා ෆිල්ම් 100යක රඟපෑවට වඩා ජනප්‍රිය වුනා ඉගිලෙන මාළුවෝ ෆිල්ම් එක රඟපෑව නිසා, තාම මිනිස්සු ඒක ගැන කතා වෙනවා ඒකට හේතුව විදියට ඔයා හිතන්නේ මොකද්ද..? ”මෙහෙමයි තුන්වෙනි ලෝකයේ රටක් විදියට ඉන්දියාව සහ අපේ රට අතර තියෙන්නේ ලොකු බැඳීමක්, අද වෙද්දී පවුල ළමයි එක්කෙනෙක් දෙන්නෙක් හැදුවට ඒ කාලයේ පවුලක ළමයි එකොළහක් දොළහක් හිටියා. ඉතින් දැන් එහෙම නැති වුනාට දැන් ඉන්න ඕනෑම කෙනෙක් ගැහැනියක් සහ පිරිමියෙක් එකතු වෙන වීඩියෝ ඕන තරම් අන්තර්ජාලයෙන් බලලා තියෙනවා එහෙම බලලා නැති කෙනෙක්ට තමයි පෝස්ටර් එකක් දැක්කත් කුතුහලයක් ඇති වෙන්නේ, ලංකාවේ වැඩිම කතාබහට ලක්වෙච්ච ෆිල්ම් එක වෙන්න ඇති ඉහිලෙන මාළුවෝ කියන්නේ,

පැරණි පුවත් -එයාට ව්‍යාපාර කිහිපයක්ම තියෙනවා, මම ආදරේ එයාගේ සල්ලි වලට නෙවෙයි හදවතට

ගීත්මා බණ්ඩාර කියන්නේ මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක්, ගීත්මා කළා ලෝකය තුල වැඩිපුරම ජනප්‍රිය වුනේ සංගීතේ ටෙලිනාට්‍ය හරහායි, ඉතින් මේ දවස්වල කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ගීත්මා එක්ක අපි ටිකක් කතා කරන්න හිතුවා, ඉතින් ගීත්මා මොකද වෙන්නේ මේ දවස්වල ‘මේ දවස්වල ඉතින් සංගීතේ ෂූටින් තමයි, ඒ වගේම පහුගිය කාලයේ පොඩි පොඩි වැඩ ටිකක් කළා, තව නිර්මාණ කිහිපයක් බාර අරගෙන තියෙනවා, ඒ වැඩත් කරගෙන ඉන්නවා”

ඒ කියන්නේ දැන් ගීත්මා ගොඩක් කාර්යබහුල කෙනෙක් වෙලා..? ”එහෙම කිවුවත් වැරද්දක් නෑ, මොකද මම මේ ක්‍ෂේත්‍රයට එනවත් එක්කම මට නිර්මාණ ගොඩකට ආරාධනා ලැබුනා, හැබැයි මම තෝරාගත්තේ මට හොඳයි කියලා හිතෙන නිර්මාණ විතරයි, හැබැයි මම තිරයේදී චරිත වර්ග කරන්නේ නෑ, පෙම්වතිය වගේම දුෂ්ට චරිත වුනත් මම ආසාවෙන් බාරගන්නවා, හැබැයි ඒ නිර්මාණවල තේරුමක් තියෙන්න ඕන තේරුමක් නැති නිකන් චරිතනම් මම බාරගන්නේ නෑ”

රංගන කටයුතතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද, ”මම පොඩි කාලේ ඉඳලම රංගනයට ආරාධනා ලැබුනා හැබැයි අපේ ගෙදර අය ඒකට කැමති වුනේ නෑ, ඒ අය කිවුවේ ඔයාට තේරෙන කාලෙක ඕවට යන්න කියලා, මම හිරු නාලිකාවේ අවුරුදු කුමරිය වෙනවට අම්මා කැමති වුනේ නෑ පස්සේ ඒකට කැමති වුනා, ඊටපස්සේ මම රංගනයට සම්බන්ද වෙනවට අකමැති වුනා, මම මේ ක්‍ෂේත්‍රය නරක තැනක් නෙවෙයි කියලා එයාලා පෙන්නලා දීලා තමයි රංගන ශිල්පිනියක් වුනේ,”

දැන් ගීත්මා කියන්නේ ආදරවන්තියක් කියලා හැමෝම දන්නවා, ඉතින් කියන්නකෝ බලන්න ඔයාගේ ආදරේ ගැන ”අනේ මම නම් අහිත් අය වගේ මගේ ආදරේ ගැන පම්පෝරි ගහන්නේ නෑ, මොකද ආදරේ අද තියෙනවා හෙට නෑ එහෙමනේ අද කාලේ ආදර කතා, හැබැයි මම විශ්වාස කරනවා මම තෝරාගෙන තියෙන්නේ හරිම කෙනා කියලා, එයා ව්‍යාපාරිකයෙක්, පවුලේ ව්‍යාපාරයක් වගේම, නුවරඑලියේත් එයාට ව්‍යාපාර කිහිපයක්ම තියෙනවා, එයාගේ රූපයවත් සල්ලිවත් බලලා නෙවෙයි එයා එක්ක යාලු වුනේ, එයා හරිම අවංක ආදරණීය කෙනෙක්, ඒ වගේම එයාට ගොඩක් අවංක හදවතක් තියෙනවා, අපි දෙන්නා ළඟදීම විවාහ වෙන්න ඉන්නේ,”

මෙන්න බලන්න තවත් පුවත්