මෙවර උසස් පෙළ විභාගයෙහි ප්‍රශ්න පත්‍රයකට මුහුණ දී නැවත නිවසට යමින් සිටි සිසුවියක සමඟ ඉංගිරිය නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේ අයුරින් පෙම් ජවනිකා රඟදක්වමින් සිටි තරුණයකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ ජංගම දුරකතන සිම්පත් අලෙවි ස්ථානයක සේවය කරන 22 හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා තවත් පිරිසක් ද සමඟ ඉංගිරිය නගර මධ්‍යයේ සිම්පත් අලෙවිකරණයේ යෙදී සිට ඇති බවත්, විභාගය අවසන්ව පාසල් නිල ඇඳුමින් ම අදාළ සිම්පත් අලෙවි කුටියට පැමිණ ඇති සිසුවිය මෙකී තරුණයා සමඟ අයුරින් හැසිරී ඇති බවත්,

මේ බව දැක ඇති නගරවාසීන් ඉංගිරිය පොලිසියට දුරකතන ඇමතුමකින් කරන ලද පැමිණිල්ලකට අනුව දෙදෙනාම තම භාරයට ගෙන පොලිසියට රැගෙන ආ බවත් පොලිසිය පවසයි.

පසුව ඉංගිරිය පොලිස් ස්ථානාධිපති වසන්ත චන්ද්‍රලාල් මහතාගේ අධීක්ෂණයෙන්, උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න පාදුක්ක මහතාගේ උපදෙස් පරිදි, ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ශිරානි මහත්මිය හා ප්‍රජා පොලිස් ඒකකයේ කොස්තාපල් (96284) ගාමිණී විසින් සිදුකරන ලද විමර්ශනයකින් පසු මේ දෙදෙනා පෙම්වතුන් බවත්,

සිසුවිය හිතවත් කරගෙන ඇත්තේ තරුණයා විසින් ඇයට සිම්පතක් ලබාදීමෙන් බවත් හෙළිව ඇති අතර, පසුව ඉදිරි උසස් පෙළ විභාග කටයුතු වෙනුවෙන් පෙනී සිටීම ද සලකා බලා සිසුවියට අවවාද කර ඇයගේ මවගේ භාරයට පත්කර, තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

උපුටාගැනීම – ප්‍රියදර්ශනී කහවල

පැරණි පුවත් – සඳුනි ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනවත් එක්කම තමයි මාත් එක්ක යාළුවුනේ – ධනංජය සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ක්‍රීඩකයෙක් තමයි ධන්ජය සිල්වා කියන්නේ හැමෝම ආදරේට ධන්ජයට කියන්නේ ධනා කියලා, නිතරම හිනාවෙලා ඉන්න අහිංසක චරිතයක් වන ධනා එක්කයි අද අපේ කතාබහ, ඉතින් ධනා දැන් තාත්තා කෙනෙක් නේද කොහොමද ඇත්ත ජීවිතේ ”ජීවිතේ සතුටින් විඳිනවා, බිරිඳ සහ දරුවා ළඟ ඉන්නවා කියන්නේ මගේ සතුට තියෙන්නේ එතන, මැච් එකකට ගියොත් ඇරෙන්න මම එයාලා එක්කයි ඉන්න කැමති, මගේ දුව ආන්‍යා අමේලි මගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන්නේ මගේ බිරිඳටයි මගේ දුවටයි,”

ධනා කියන්නකෝ බලන්න ආදරණීය බිරිඳ ගැන විස්තර ටිකක්

”මගේ ආදරණීය බිරිඳ සඳුනි නිසංසලා, එයා පාසල් ගිහින් ඉවර වෙනවත් එක්කම තමයි අපි දෙන්නගේ ආදර සම්බන්දය පටන් ගත්තේ, එයා පාසල් ගියේ ගාල්ලේ රීෆන් බාලිකා විද්යාලය, මම පාසල් ගියේ ගාල්ලේ රිච්මන්ඩ් විද්යාලයට, සඳුනිත් ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආසයි, අපි යාලු වෙන කාලේ මම පාසලේ විතරයි ක්‍රිකට් ප්ලේ කරලා තිබ්බේ. අපේ ගෙවල්වල අයත් ඉස්සර ඉඳන්ම හඳුනනවා, ඉතින් ඒ හඳුන්ම් කමත් එක්ක කතාබහ කරද්දී තමයි අපේ ආදරේ පටන් ගත්තේ”

ධනා කියන්නේ දැන් ලංකාවේම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් නේ, ඉතින් දැන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ බිරිඳ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද..?

”මෙහෙමයි ඒවා දැන් සාමාන්‍ය දේවල් වෙලා තියෙන්නේ, රසිකත්වය වෙනයි නේ, පුද්ගලික ජීවිතය වෙනයි, අපි එලියට කෑමකට ගියොත් රසිකයෝ මාව වටකරගෙන පොටෝ ගන්නවා, ඉතින් ඒ වෙලාවට මගේ බිරිඳත් ඒ අයට පොටෝ අරගෙන දෙනවා, එයා ඒ දේවල් ගැන හිතනේවත් තරහා ගන්නෙවත් නෑ සඳුනි කියන්නේ හරිම නිහතමානී කාන්තාවක්, මම එයාට ආදරේ කරන්න හේතුවලින් එකක් ඒක”

පිටරට ටුවර් එකක් ගියාම බිරිඳට මොනවද ගෙනත් දෙන්නේ..?

”ටුවර් එකක් ගියාම මම බිරිඳටයි දරුවටයි තමයි හැම දෙයක්ම ගන්නේ, මම මට මොකවත් ගන්නේ නෑ, විශේෂයෙන්ම ඒ දෙන්නට ගන්නේ ඇඳුම්, බබාටයි බිරිඳටයි එකම වගේ ඇඳුම් ගන්නවා, ඒ වගේම සඳුනි කැමති සුවඳ විලවුන් එහෙම ගන්නවා, මම තෑගී ගෙනාවට ඇත්තට එයාට ඕන මැච් වින් කරන්න, සඳුනි කියන්නේ මොනවත් ගෙන්න ඕන නෑ දිනලා එන්න කියලා මොකද එයා ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරෙයි එක මැච් එකක්වත් මිස් කරන්නේ නෑ ඒයා හැම මැච් එකක්ම බලනවා”

මෙන්න බලන්න තවත් පුවත්