
නදී රාජ් කියන්නේ පසුගිය දින කිහිපයේම සමාජ ජාල තුල කතාබහට ලක්වූ යුවලක්. ඒ අපේ රටේ ජනප්‍රියතම ආදරණිය යුවලක් වුනු මේ දෙදෙනා වෙන්වූ බවට ඔවුන්ගේ සමාජ ජාල ගිණුම් තුල පල කර තිබීමයි. වගේම ඒ වබ කියවෙන වොයිස් රේකොඩින් ද සමාජ ජාල තුල දකින්න ලැබුනා. කොහොම වුනත් මේ යුවල දැන් නම් නැවතත් එක් වී ඇති බව තමයි දකින්න ලැබුනේ. ඉතින් ඒ වගේම රාජ් තම ෆේස්බුක් ගිණුමේ මේ විදිහට සටහනක් තබා තිබුනා.
” With my beauty Queen දැන් හරිනෙ? මොනව වුනත් Husband & Wife හොද වෙනව කියන්නෙ ඔන්න ඕකයි. ප්‍රශ්නයක් වුන නිසා කාගෙ කාගෙත් හැටි හොඳට තේරුම් ගත්තා. බලන් ඉදල තියෙන්නෙ වෙන් වෙනකල්ම. කොහොම ඉරිසියාවක්ද තිබ්බෙ කියල තේරුණේ දැන්. අපේම නයි අපිවම කයි කියන්නෙ ඔන්න ඕකට.. අපි මැරෙන්නයි බෑ කියල චූන් වෙච්ච ගෝතයන්ට කියන්නෙ කිරි පණුවගෙ Master Plan එක නිසානෙ හැම එකම Record කරන් හැම දේම Video කරන් සාක්ශි එකතු කරල තියෙන්නෙ Wife ගෙ ගෙදර අයට ඒව පෙන්නල මාව නරක මිනිහා කරල Raj ට නම් දෙන්න එපා මටත් එපා හොද කෙනෙක්ට බන්දල දෙන්න කිව්වෙ.
Comments දාපු Public Key board වීරයොත් ආපහු මට Msg කරන්න එපා තමන්ගෙම උන් තමන්ගෙ එකෙක්ට ඔච්චර ගරහනව දැක්කමයි මේක ඉතින් ලංකාවනෙ මනුස්සයෙක්ගෙ ජයග්‍රහණයන් දරාගන්න බැරුව හූල්ල හූල්ල විඳවන්න එපා අපහාස කරන්න එපා ලැජ්ජ කරන්න හදන්න එපා ආදරෙන් ඉන්න පවුල් ජීවිත විනාස කරන්නත් හදන්න එපා. ඉතුරු ටික මම කියන්න අවශ්‍ය නෑ. Nadee කියාවි… අපි දෙන්නා තවමත් එකට…. විවාහය දෙදරා ගිහිල්ල නම් නෑ… ප්‍රශ්නයක් වුනා ප්‍රශ්නෙ විසඳගත්තා ”
ඒ වගේම නදී ඒ සම්බන්ධව මෙලෙස සටහනක් තබා තිබුණා.“මොන දේ උනත් කොයි විදියට අපි අපේ විතරයි ඒක වෙනස් වෙන්නෙ නෑ කවදාවත්ම ඒත් ගොඩක් දේවල් තේරුම් ගියා මේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක මට මගේ රාජ් තරම් වටින වෙන කිසිවක් නෑ ඒක අපි දෙන්නටම තේරුම් ගන්න බැරුව දෙන්නම ආදරේ වැඩි කමට සැක කරා මොකද මේ ආදරේ නැති කරගන්න දෙන්නම බය නිසා වීඩියෝවකින් හමුවෙමු
පැරණි පුවත් – මම වෙන්න ඇති කළා ලෝකයේ ඉන්න දුප්පත්ම නිළිය.මාව බඳින්න සල්ලි කාරයෝ පෝලිමේ ඉන්නවා – ජනප්‍රිය නිලි නිලූෂි පවන්
හිරු නාලිකාවේ විකාශනය වෙන දිවිතුරා ටෙලි නාට්‍යය ලංකාවේ අංක එකේ ටෙලිනාට්‍ය විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත රංගන ශිල්පිනියක විදියට නිලූෂි පවන්‍යා හඳුන්වන්න පුළුවන් ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන නිලූශි පවන්‍යා සමගයි, නිලූශි ඇත්තටම නිලූශි කියනේ මොන වගේ චරිතයක්ද..? ”මම රංගන ශිල්පිනියක් වෙන්නේ මගේ වෘත්තිය ඇතුළෙදි විතරයි, එතනින් එහාට මම බොහොම සරල සාමානය කෙනක්, අනිත් රංගන ශිල්පිනියන්ගේ වගේ මගේ ළඟ ලොකුකම් නෑ. සමහර අවස්ථාවලදි අදටත් මම බස් එකේ යනව. ටැක්සි එකක්වත් ගන්නේ නැතුව”
කෝටිපති චන්දිමාල් තමයි ඔයාගේ පෙම්වතා කියලා කටකතාවක් යනවා ඇත්තද ඒක ”චන්දිමාල් අයියා මම අහන්දුනන්නේ ගොඩාක් කාලෙක ඉඳලා, මම එක්තරා මිස් ශ්‍රී ලංකා තරගයකදි චන්දිමාල් අයියගේ ටීම් එකක් ඇවිත් අපිව හැඩගැන්වීම සිදු කළා. එතනදි තමයි මම චන්දිමාල් අයියා අඳුන ගත්තේ, එදා ඉඳන් අපි හොඳ යාළුවො, ඔය හැදෙන ගොසිප් ගැන මම ගොඩක් හිතන්නේ නෑ, චන්දිමාල් අයියත් එහෙමයි, අපිට හරිම විනෝදයි ඔය හැදෙන කටකතා සමාජ ජාලා වලින් දකිද්දී,
පහුගිය කාලේ මගේ යාලුවෙක්ට කෙනෙක් කියලා දුන්නා කෝටිපතියෙක් මට වාහනයකුයි එපාර්ට්මන්ට් එකකුයි අරන් දීලා තියෙනවා කියලා, මම ඉන්න විදිය මගේ යාළුවො හරියටම දන්නා නිසා ඒ කියපු කෙනාට මගේ යාලුවා කියලා දීලා තිබ්බා මම ගැන, ඇත්තම කියනවනම් මම කැම්පස් යන කාලේ හිටපු ආර්ථික තත්වෙමයි මම තාම ඉන්නේ, මට ඔය කියන විදියේ කාර්වත් එපාර්ට්මන්ට්වත් නෑ, මම හිතන්නේ මම වෙන්න ඇති කළා ලෝකයේ ඉන්න දුප්පත්ම නිළිය කතා හදන අය කතා හදන්නේ අපි ගැන හරියටම දන්නේ නැතුව, මම කියනවා මම ගැන කියන දේවල් මගේ ඉස්සරහට ඇවිත් ඔප්පු කරන්න කියලා,
අපිට ආරංචියක් ආවා ඔයාට කොටිපතියන්ගෙන් ආදර යෝජනා එනවා එනවා කියලා ඇත්තද ඒ ” එහෙම විශේෂයක් නෑ ගොඩක් ආදර යෝජනා වගේම විවාහ යෝජනාත් එනවා, ඒක ඉතින් ගැහැණු ළමයිට සාමාන්‍ය දෙයක් නේ, හැබැයි මම තාම ආදරේ කරන්නවත් විවාහ වෙන්නවත් සුදුසු තැනක නෙවෙයි මම ඉන්නේ කියලා විශ්වාස කරනවා, රංගන ශිල්පිනියෙක් ටිකක් ජනප්‍රිය වුනාම සමහර අය කියනවා ඔයාලා දැන් ජනප්‍රියයි නේ ඉතින් දැන් සල්ලි කාරයෙක් හොයාගෙන විවාහ වෙන්න කියලා, සල්ලි ඕන නම් මට දැන් උනත් බඳින්න පුළුවන් සල්ලි කාරයෝ පෝලිමේ ඉන්නවා, මට ඕන සල්ලි නෙවෙයි මාව තේරුම් ගන්න පුළුවන් ආදරේ පිරුන හදවතක් තියෙන කෙනෙක්, විවාහයෙන් පස්සේ තියෙන දෙයක් කළා මගෙත් එක්ක ආදරෙන් ඉන්න කෙනෙක් එක්ක තමයි කවදා හරි මම විවාහ වෙන්නේ”