තම අලුත් පෙම්වතා සහ ඥාති සහෝදරයෙකු සමග එකතු වී පැරණි පෙම්වතාට පහරදී තුවාල කළ තරුණික් පිළිබඳව වාර්තා වනවා. 17 හැවිරිදි පාසල් සිසුවියක් වන ඇය අලුත් පෙම්වතා සමඟ සම්බන්ධයක් ඇති කරගෙන සිටින අතරතුර පැරණි පෙම්වතාගෙන් එල්ල වන චෝදනා හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසියට පවසා ඇත්තේ.

ඇය තම ඥාති සොහොයුරෙකු හා නව පෙම්වතා සමග එක්වී දාපිළිගොඩ ප්‍රදේශයට ගෙන්වා තම පැරණි පෙම්වතාට මෙලෙස පහර දී ඇති අතර මේ වන විට ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පැරණි පුවත් – තම සිහින හඹා ගිය, මුහුණ පුරා රැවුල වැවෙන ලොව ලාබාලතම කාන්තාව

තම පෙනුම සම්බන්ධයෙන් අපහාසවලට ලක් වීමට සිදු වීම බොහෝ කාන්තාවන්‍ට ඇති ගැටළුවක්.එවැනි තත්ත්වයක් සාර්ථකව ජයගත් දිරිය ගැහැනියක් ගැන අද අපි ඔබට කියන්නට හිතුවා.

1990 නොවැම්බර් 29 වන දින උපත ලැබූ හර්නාම් වයස අවුරුදු 11 දී මුහුණේ හිසකෙස් වර්ධනය වන බව මුලින්ම දැකීමට පටන් ගත්තා.

අවසානයේදී ඇයට PCOD ඇති බව හඳුනා ගත්තා. මේ තත්ත්වය නිසා සාමාන්‍ය කාන්තාවන්ට වඩා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩි ප්‍රමාණයක් ඇයට ඇතිවන අතර එය ඇගේ මුහුණේ හිසකෙස් වැඩීමට හේතු වෙනවා.

සිදු වූ Bully කිරීම් ජයගෙන අවසානයේ ඇගේ පෙනුමට පිළිගැනීමක් ලබා ගැනීමට වසර ගණනාවක් ගත වූ බව ඇය පිළිගන්නා අතර, 24 හැවිරිදි ඇගේ නොපසුබට උත්සාහය සහ ඇය ඇයටම දක්වන ආදරය බොහෝ දෙනා මවිතයට පත් කළා.

” කලින් bully වීමට ලක් වූ , ලැජ්ජාවට පත් වූ දෙයක් වෙනුවෙන් දැන් ලෝක ප්‍රසිද්ධියට පත්වීම ගැන මම අතිශයින් සතුටට පත් වෙනවා. ඔබ, ඔබ වෙනුවෙන් සත්‍යවාදීව ජීවිතය ගත කරන්නේ නම් ඔබට ඕනෑම දෙයක් සාක්ෂාත් කර ගත හැකි බව මගේ කතාවෙන් ඔබට පැහැදිලි වෙනවා.”

“මගේ සිහින හා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මගේ පෞද්ගලික ජීවිතය කැප කිරීමට මට සිදුවී තිබෙනවා. අද දක්වාම මම සමාජය තුළ වෙනස්කම් කිරීම්, කොන්කිරීම් වලට මුහුණ දී සිටිනවා.” හර්නාම් පවසන්නේ එලෙසින්.ඒ ඉතා අභිමානයෙන් සහ විශ්වාසයෙන් යුතුවයි.

“මම තවමත් අන්තර්ජාලයේ විවිධ පෝස්ට් ඔස්සේ හිරිහැරයට ලක්වෙනවා. සමහර අවස්ථාවලදී මට මරණ තර්ජන එල්ල වීම් පවා සිදු වෙනවා. නමුත් මගේ අරමුණ සහ ජීවිතය ඔවුන්ගේ  සහ වධ හිංසාවලට වඩා බෙහෙවින් උසස් බව මම විශ්වාස කරනවා.”

එසේ පවසන හර්නාම් ඇගේ අනාගත අරමුණ නොබියව හෙළි කරන්නට පුරුදුව සිටිනවා.

“මේ බාධක අනාගතය සඳහා මගේ සැලසුම් වළක්වන්නේ නෑ, මම මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන කීර්තිමත් motivational speaker කෙනෙක් බවට පත් වෙනවා”

“විවේචනවලට මුහුණ දුන්, ගිනස් ලෝක වාර්තා හිමිකාරියක් වීමට සිහින දකින ලෝකයේ ඕනෑම කාන්තාවකටයි මේ පණිවිඩය. නොපසුබටව උත්සාහ කරන්න. අත් නොහරින්න. ඔබ අසමත් වූවත්, දිගටම කරගෙන යන්න. ජයග්‍රහණය නිසැකව ම ඔබ කරා එනු ඇති.”

රැවුල වවාගත් ගැහැණියක් ලෙස මේ ලෝකයේ මා ඉටු කළ යුතු කාර්යභාරය කුමක්දැයි මට කිසි දිනක හරියටම වැටහුණේ නෑ. වසර ගණනාවක් ගෙවී යද්දී මට තේරුණා මම ඉපදුණේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ශරීරය පිළිබඳ විශ්වාසය ප්‍රවර්ධනය කරන කාන්තාවක් ලෙස ආඩම්බරයෙන් නැගී සිටීමට බව. මම ‘සමාජ සම්මතයෙන්’ බැහැරව වෙනත් දෙයක් ලෝකයට පෙන්වීමට උපත ලැබූ අතර, මම ඉපදුණේ මිනිසුන්ට තමන් ගැන විශ්වාසයෙන් සිටීමට සහ සුවපහසු වීමට උපකාර කිරීමටයි.”

අප හැම කෙනෙකුම අපේ පෙනුම පිළි ගත යුතු බවත් ඒ සම්බන්ධයෙන් තැවීම සහ දුක් වීම ඵල රහිත බවත් හර්නාම්ගේ කතාවෙන් හෙළි වෙනවා. අපහාස කිරීම්වලට ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකු ලක් විය හැකියි.නමුත් සෑම අපහාසයක්ම විඳ දරාගෙන හිස කෙලින් තබා ඇවිද යන ගැහැනියකට ජය ගත නොහැකි අභියෝගයක් නැහැ.

තමන්ට සහ තමන්ගේ පෙනුමට ආදරය කරන සෑම හර්නාම් කෙනෙකුම වීරවරියක්!

මෙන්න බලන්න තවත් පුවත්