
මේ දිනවල සමාජ මාධ්‍ය පුරා එක්තරා තරුනියකගේ සාකච්ඡාවක් පිළිබඳව බොහෝ සෙයින් කතාබහට ලක්වෙනවා.ඊට හේතුව වෙන්නේ කිවුවෙ ආදර කතාව youtube හරහා ගොඩක් ජනප්‍රිය උන නිසා.ඇය නමින් චතූ..
මේ තියෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ආදරය පිළිබඳව දක්වා තිබුණු අදහස්.
මෙච්චර පිරිමි ළමයි ඉන්න ලෝකෙක ඇයි ගැණුලමයෙක් තොරගත්තේ තමන්ගේ ආදරවන්තයට?
එමියි මම හොද යාලුවෝ.එමි දැන් ඉන්නෙ ඉතලි වල.ඉතින් මම කලින් යාලුවෙලා ඉදියේ බොයි කෙනෙක් එක්ක.එයා ගර්ල් කෙනෙක් එක්ක යාලුවෙලා ඉදියේ.එයාගෙ කලින් ලව් එක බ්‍රේකප් වෙල මාත් එක්ක කතා කර කර ඉන්න කොට මගෙ කලින් බොයිෆ්‍රෙන්ඩ් එක්ක මම ප්‍රශ්නයක් දාගෙන ඒක බ්‍රේකප් වෙන්න ඔන්න මෙන්න තිබ්බේ.ඉතින් ඒකෙන් පස්සේ ඒක බ්‍රේකප් උනාම මමයි එමියි කතා කරලා මම හිතුවා එමි වගෙ කෙනෙක් මට හොදයි කියලා.ඉතින් මම එයාගෙන් ආස්ක් අවුට් කලා.එයා ඒකට ඕකේ උනා.එයාගෙ ගෙවල් වලිනුත් දන්නවා.අපෙ ගෙවල් වලිනුත් දන්නවා.
ගෙවල් වලින් ඔයාට මේ සම්බන්දයට කැමැත්ත දුන්නද?
ගෙදරින් ප්‍රශ්නයක් ආවේ නැත්තෙමුත් නෑ.අම්මී ඕකේ උනා.අම්මි බලන්නෙ මගෙ සතුට.මම සතුටින් ඉන්නවා කියන්නෙ එයාට ඒක ප්‍රශනයක් වෙන්න විදියක් නෑනේ.ගෙදර තාත්තා පොඩ්ඩක් ප්‍රශ්න දැන්මා.
හැබැයි සමාජයට නම් මේක ප්‍රශ්නයක් නේද?ඔයා කොහොමද සමාජයට මුහුණදෙන්නේ?
මම ඉතින් ටික්ටොක් කරලත් දානවා.විඩියො දානවා පොටොස් එහෙමත් දානවා.ඒවට ගොඩක් බැඩ් කමෙන්ට්ස් එනවා.මෙහෙමයි මම හිතන්නේ ඒක ලංකාවේ තමයි සම්මත නැත්තෙ.මම දන්න තරමින් ලංකාවේ මිනිස්සුන්ට තමයි ගොඩක්ම ප්‍රශ්න තියෙන්නෙ.ඒක වෙන රටක අපි ගත්තොත් යුරෝප් රටක වගෙ ඒක ඒ තරම් ලොකු ප්‍රශනයක් නෙවෙයි.ඒ ගොල්ලන්ට මට කියන්න තියෙන්නෙ ගර්ල් කෙනෙක්ට හෝ වේවා බෝයි කෙනෙක්ට හෝ වේවා මම හිතන්නේ ඒක ආදරයක්.
අපි දෙන්නගෙ මේ සංවාදය දැකලා කට්ටිය ඇවිස්සෙන්න පුලුවන් නේද?ඔයා කොහොමද ඒකට මූණ දෙන්නෙ?
මෙහෙමයි මම ටික්ටොක් කරනවා,පොටොස් දානවා,විඩියෝ දානවා ඒවට බැඩ් කමෙන්ට් එනවා.කමක් නෑ ඉතින් මොකද මේ වගෙ ආදරයක් ලංකාවේ තියෙනවා කියලා මිනිස්සු දැනගන්න ඕන.ඒක හංගෙන ආදරය කරන්න කිසි උවමාවක් නෑ.මම කියන්නෙ අපෙ ලංකාවේ මේ වගෙ කට්ටිය ගොඩක් ඉන්නවා.මම දන්න කට්ටිය ගොඩක් අය ඉන්නවා.ඒ කට්ටිය පොටොස් දාන්න විඩියොස් දාන්න බයයි මොකද බැඩ් කමෙන්ට්ස් එනවා වැඩි නිසා බයයි.අනික මේ තියන සිටුවේශන් එක අනුව ගෙවල් වලින් ප්‍රශ්න එනවා.ඉතින් ඒවා එක්ක මම හිතෙනවා අපේ මේ ඉන්ටර්විව් එක බලලා මිනිස්සු දෙයක් ගන්නවනම් ඒක ලොකු දෙයක්.මේ වගෙ හංගෙන ආදරේ කරන දෙයක් ඉස්සරහට එන්න ඕන නෑ කියලා හිතාගෙන තමයි මම ඔයත් එක්ක ඉන්ටර්විව් එක කරන්න ආවේ.
තරු ඔයා මීට කලින් ආදරය කරේ පිරිමි ළමයෙක්ටනේ,හැබැයි දැන් ආදරය කරන්නෙ ගැහැනු ළමයෙක්ටනේ ඒ දෙක අතර වෙනස ඔයා හොදට දන්නවා ඇති නේ ඔයාට හොදට එක්ස්ප්‍රිරියන්ස් එක තියෙන නිසා ඒක කොහොමද දැනෙන්නේ?
මම හිතනවා බොයි කෙනෙක්ට වඩා ඒ ගර්ල් කෙනෙක්ගෙන් එන ආදරය රැකවරණය ගොඩක් වැඩි.මොකද මගෙ අම්මි ලග නෑ,ගර්ල් ෆ්‍රෙන්ඩ් ලග නෑ ඒ උනාට අම්මී කතා කරන වෙලව මං ගැන හොයලා බලන්නෙ එයා.ඉතින් මම හිතෙනවා බොයි කෙනෙක්ට වඩා ඒ ආදරය දැනෙනවා වැඩියි.මම ප්‍රොගැම් එකකට ගියත් ඒ වෙලවේ නැගිටලා මට කොල් කරලා කියනවා බබා ඉක්මනට නැගිටලා යන්න,ලැස්ති වෙන්න.එයා හැමදේම හොයලා බලන්වා.ඒ වගෙ ආදරයක් මට ආයේ හම්බ වෙන්නෙ නෑ.ඒක ගොඩක් පරිස්සම් කරනවා.
වෙන අයනම් බබෙක් එහෙම හදලා ෆියුචර් ප්ලැන් එක ලස්සනට හදාගන්නවා.එතකොට ඔයාලගෙ ෆියුචර් ප්ලැන් එක කොයි විදියටද වෙන්නේ?
ඉස්සරහට අනිවාරෙන්ම වෙඩින් එකක් ගන්නවා.ඒක අපේ ලංකාවේ ලීගල් වෙලා නෑ නේ.දැන් තියෙන සිටුවේශන් එක අනුව ගර්ලා දෙන්නෙක්ට එහෙම මැරි කරන්න බෑ නේ.මේ අවුරුද්දේ ඉන්ගේජ් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඉතලි වලට ගිහින්.ඒ වැඩ ටික ඉවර වෙලා ලංකාවට ඇවිත් වෙඩින් එකක් ගන්නවා.
තරු හිතනවද ඉස්සරහට ලංකාවේ මේ දේවල් වලට අවසරදෙයි කියලා?
මම හිතෙනවා ඒක එහෙම ආවොත් හොදයි කියලා.අපි මේක එලියට දැන්මට ගොඩක් අය ඉන්නවා එලියට දාන්න බය ගෙවල් වලින් ප්‍රශ්න එයි කියලා.ඉතින් ඒ ලමයිට සතුට හම්බ වෙන්න නම් මේ දේ ලීගල් වෙන්න ඕන.මම හිතනවා මේ දේ ලීගල් උනානම් හොදයි කියලා
ඉතින් මේ විදිහට තමයි ඇය අදහස් දක්වා සිටියේ.
පැරණි පුවත් – කළා ක්ෂේත්‍රයට ගිය ගමන්ම විවාහ වුන එක තමයි මම ජීවිතේට ගත්ත හොඳම තීරණය – නිත්‍යා දේවින්දි
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ සහ රේස් 2 ටෙලිනාට්‍ය තුලින් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි නිත්‍යා දේවින්දි කියලා කියන්නේ. ඉතින් 2019 දෙරණ අවුරුදු කුමරිය තරගයේ අවසන් 12 දෙනා අතරට පිවිසීමත් සමඟ කළා ක්ෂේත්‍රයට දොරටු විවර කරගත් ඇය දැන් කළා ක්ෂේත්‍රය තුල ඉතාම ජනප්‍රිය චරිතයක්. ඉතින් ඒ වගේම පාර දිගේ කියලා කියන්නේ ඇයගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලයි ඇය කියන්නේ. ඒ වගේම පාර දිගේ කියන්නේ ඇයගේ හතරවෙනි ටෙලි නාට්‍යය. ඉතින් පාර දිගේ කියන්නේ ඇයට රංගන පාසලක් වගේ කියලත් ඇය කියනවා.
ඒ වගේම ඇයගේ සැමියා තමයි ගීතාංජන ද කොස්තා කියලා කියන්නේ. ඉතින් ඇය ක්ෂේත්‍රයට ආව ගමන්ම විවාහ වුන ඒක ඇය ගත්ත ගොඩක් හොඳ සහ වැදගත්ම තීරණයක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඔහු ඇයව හොඳින්ම තේරුම් අරන් ඉන්න නිසා ඔවුන් දෙන්නා නිදහසේ ජීවත් වෙනවා කියලයි ඇය කියන්නේ. හැබැයි ජීවිතේම රඟපාන්න ගියොත් අවසානයේ දෙන්නම රැවටෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ නිසා ඇය රඟපාන්නේ කැමරාවට පමණයිලු.
ඒ වගේම ඇයගේ සැමියා ඇයට වඩා කළා ක්ෂේත්‍රයේ අවුරුදු ගාණක් ඉන්න ජ්‍යේෂ්ඨයෙක්. ඉතින් ඇය හැම තිස්සෙම ඔහුට කියන දෙයක් තමයිලු ඇය වයිෆ් කියලා ඔහුගේ වැඩවල ඇය ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ කියලා. ඇය කියන්නේ ඇයට චරිතයක් දෙන්න කලින් ඇයට වඩා හොඳ කෙනෙක් ඒ චරිතයට ඉන්නවද කියලා බලන්න කියලාලු. මොකද ඔහු බලන්න ඕනේ නිර්මාණයේ සාර්ථකත්වය මිසක් ගෙදර ඉන්න අය රඟපානවද නැද්ද කියන එක නෙවෙයි කියලයි ඇය කියන්නේ.
ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් වෙන්න ඕනේ කියලා හීන දැකපු කෙනෙක් නෙවෙයි කියලත් නිත්‍යා කියනවා. ඇයගේ ජීවිතේ උඩුයටිකුරු වුණේ ඇයගේ තාත්තාගේ මරණය එක්කලු. එතකොට ඇය දෙවැනි පාරට උසස් පෙළ කරන්න තමයි ඉඳලා තියෙන්නේ. නමුත් ඒ දේවල් අතරමඟ නතර කරලා තියෙන්නේ ආර්ථික ප්‍රශ්න නිසා නම් නෙවෙයි, තාත්තාගේ පවුලෙන් ආව ප්‍රශ්න නිසයි. ඉතින් ඇයගේ අම්මා තාත්තා අයියා කැමති වුණත් ඇය කලාවට එනවට ඇයගේ ගෙදර අය අකමැති වුණා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඊට පස්සේ තමයි ඇය අවුරුදු කුමරිය තරඟය හරහා කළා ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ.