බොහෝ දෙනෙක්ගේ හදවත තුළ ඉන්න ලයාන්විත ගායක ගායිකාවන් අතරින් අජිත් මුතුකුමාරණ කියන්නේ ඉහළම ස්ථානයක් හිමිකරගන්නා සුන්දර කලාකරුවෙක්.සංගීත කණ්ඩායම් නායකයෙක් විදිහටත් අති දක්ෂ ගායකයෙක් විදියටත් සංගීත ක්ෂේත්රය තුළ කටයුතු කරන ඔහුට එදා වගේම අදටත් ගොඩක් දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය හිමිවීම විශේෂත්වයක්.

අජිත් මුතුකුමාරණ ගැන කතා කරද්දී ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන කියද්දී ආදරය සම්බන්ධයෙන් විවිධ ආකාරයේ අර්බුදකාරී තත්වයන් වලට ඔහු මුහුණ දීපු කෙනෙක්.ඒකට හේතුව පළමු විවාහයෙන් වෙන් වෙන අජිත් දෙවැනි වර තමන්ගේ ජීවන සහකාරිය විදිහට තෝර ගන්නේ ක්ෂේත්‍රයේ තවත් දක්ෂ vගායිකාවක් වන කේ සුජීවා.

නමුත් වසර ගණනාවක් සුජීවා සහ අජිත් එකට ජීවත් වුණා.නමුත් ඇතිවූ යම් කිසි ගැටළුකාරී තත්ත්වයන් මත දෙදෙනාම මේ විවාහ ජීවිතයට සමු දෙන්න තීරණය කරනවා. කෙසේ නමුත් පෞද්ගලික ජීවිතය තුළ ඒ දේවල් ඒ විදිහට සිද්ධ වුණත් අජිත් තමන්ගේ වෘත්තිමය ජීවිතය අවුල් කර ගත්තේ නැහැ.

ඒ නිසාම තමයි අදටත් ගායකයෙක් විදිහට ඔහු ක්ෂේත්රය තුළ නමක් රඳවාගෙන ඉන්නේ.ඉතින් ගොඩක් දෙනෙක් කරන චෝදනාවක් තමයි අජිත්ට ගැහැණු නිසා නිතරම ප්‍රශ්න ඇතිවෙනවා කියන දේ.ඇත්තටම මේ සම්බන්ධයෙන් ඔහු සහභාගි වූ එක්තරා වැඩසටහනක් ප්‍රචාරය වන අතර තුර නිවේදකයා අහපුවාම අජිත් හිනාවෙලා කිව්වේ මේ වගේ කතාවක්.

“මම තරුණියන් සමීපව ඇසුරු කරන්නැහැ.මොකද පොඩ්ඩක් නම් ප්‍රශ්න.ඒ නිසා මම අවුරුදු ගණනාවක ඉඳන් මේ ඇසුර නවත්තලා තියෙන්නේ .කතා කරන මනුස්සය හිතයි මට ප්‍රශ්න නෑ කියලා.මට ප්‍රශ්න නැති උනත් අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න.මට මොන ප්‍රශ්න ආවත් මට ප්‍රශ්නයක් නැහැ.ප්‍රශ්න වලින්ම මං හෙම්බත්වෙලා මම දැන් හරි ජොලියෙන් තමයි ඒවාට මුහුණ දෙන්නෙ. මටතිබුණේ ජීවිතය නැතිකරගන්න තරම් ප්‍රබල ප්‍රශ්නයක්.ඒත් දැන් මම ප්‍රශ්න ගණන් ගන්නේ නැහැ.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි කලකට පසු අජිත් සාකච්ඡාවක් සමග එකතුවෙලා ඔහු ජීවිතය ගත කරන විදිහ පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.ඉතින් මොනතරම් ප්‍රශ්න ජීවිතයට ආවත් වෙනදා වගේම හිනාවෙලා ඒ සියලුම දෙයට මුහුණ දී සංගීත ක්ෂේත්‍රය තුළ ඔහු කරන කියන දේවල් සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා කියා අපිත් එක සිතින් ඔහුට ප්‍රාර්ථනා කරන්නේමු

පැරණි පුවත් – තරග කරපු අනිත් තුන්දෙනාම දක්ෂයි. අවසන් වටයට යයි කියලා මං හීනෙන්වත් හිතුවෙ නැහැ

පසුගියදා අවසන් වූ හිරු ස්ටාර් වේදිකාව හරහා මෙරට ගායන ක්ෂේත්‍රයේ පෝෂණය කිරීම සඳහා බිහිවූ සුන්දර තරුවක් තමයි අමිෂ මිනෝල් කියන්න. බුලත්කොහුපිටිය ප්‍රදේශය නියෝජනය කරමින් ඔහු මේ තරගයට සහභාගි වූ අතර වැඩිම ප්‍රේක්ෂක මනාප දිනාගත් අවසානයේ තරගාවලිය ජයග්‍රහණය කරන්නත් අමිෂ ට හැකියාව ලැබුණා.

තරගාවලියක් ජයග්‍රහණය කරන්න අනිවාර්යෙන්ම දක්ෂතාවය තියෙන්න ඕනේ ජනප්‍රිය වෙච්චි පමණින්ම කාටවත් බැහැ ඔහුව ජයග්‍රහණය කරා ජයග්‍රහනය කරා ගෙනියන්න.ඒ විදිහට පුංචි කාලේ ඉඳන්ම සංගීතයට ආසකරපු ඔහු මේ වන විට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය සම්බන්ධයෙන් අධ්‍යන කටයුතු කරගෙන යනවා.ඉස්කෝලේ හය වසරේ නම තමයි අමීශ සංගීතය හදාරන්නේ.ඉතින් මේ ලැබුණු ජයග්‍රහණය සතුට පිළිබඳව ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

ඇත්තටම ඒ සතුටු වචන වලට පෙරලන්න බැරි තරම් සතුටුයි.මම නොහිතපු ජයග්‍රහණයක් මහපොළොවේ තිබුණු අපේ ජීවිත අහස උසට ඔසවලා තැබුව එකම වේදිකාව හිරු වේදිකාව. මේ තුළින් මට ලැබුන දේවල් බොහෝ යි විශේෂයෙන් ම ප්‍රේක්ෂක ආදරය.ඒ හැමදේටම ගොඩක් ගොඩාක් ස්තුති වන්ත වෙන්න ඕනි.මම පුංචි කාලෙදිත් සංගීතයට ගොඩක් ආසයි.ඒ නිසාම පාසල් කාලේදී හය වසරේ සිටම සංගීතය හදාරන්න පටන් ගන්නවා.ඒ පටන් ගැන්මත් එක්ක උසස් පෙළටත් සංගීතයම තමයි තෝරගන්නෙ.මම මේ වන විට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු සිදු කරනවා”.

ඉතින් ඒ විදිහට හිතපු ඔහු පාසලේ ජනප්‍රිය චරිතයක් ඒ නිසාම නිතැතින් ම ප්‍රේක්ෂක ආදරය අමිශට හිමි වුණා.පාසලේ මොනව හරි උත්සවයක් තිබ්බොත් අනිවාර්යෙන්ම ඔහුට ගීත ගායනා කරන්න අවස්ථාවක් හිමි වුණා.ඒ සියලුම දේවල් පන්නරය කරගත්තු ඔහු සංගීත ජීවිතයේ මෙවැනි ජයග්‍රහණයක් ලබා ගන්න බලාපොරොත්තුවක් තිබ්බද කියලා අහපුවාම කිව්වේ මේ වගේ දෙයක්.

“ඇත්තම කියනවා නම් මේ ගායන තරගාවලිය තුළ මම අවසන් මහා තරගයට ගීතවත් වෙන්න අවස්තාවක් ලැබෙයි කියලා නං හීනෙකින්වත් හිතුවේ නැහැ.මොකද මේ තුළ දක්ෂ තරගකරුවන් බොහෝ පිරිසක් හිටියා.ඒ නිසා ඔවුන් සමඟ තරග කරද්දී ඇත්තටම මගේ අරමුණ වුණේ අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතරට යාම.ඊට පස්සේ අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතරට ආවට පස්සෙ අවසන් මහා තරඟයට ගිහින් ගීයක් කියන්න ලැබුණොත් හොඳයි කියලා මට සතුටක් හිතුනා.එ අරමුණ මම ඉෂ්ට කරගත්තා ඒ ජනතාවගේ ආශිර්වාදයත් එක්ක. මගෙත් එක්ක තරග කරපු තරග කරන්න හිටපු අනිත් තිදෙනාම ගොඩක් දක්ෂයි.ඔවුන්ගෙන් විශාල අභියෝගයක් මට ලැබුණා.” ඉතින් ඔන්න ඔය විදිහට තමයි අමීෂ අවසානයේ මේ ලැබුණු ජයග්‍රහණය සහ ඒ වෙනුවෙන් කරපු කැපකිරීම පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.

මෙන්න බලන්න තවත් පුවත්