පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඇය සමග තවත් නිලධාරීන් තිදෙනෙක් ද පැමිණ ඇති අතර ස්කොට්ලන්ඩ් මහත්මිය, මෙරට 75 වන නිදහස් උත්සවයට ද සහභාගි වීමට නියමිතයි.

ඇය ඇතුළු දූත පිරිස ඊයේ (01) දින සවස 06.30ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණු අතර ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ සන්ධාන නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

මෙන්න බලන්න තවත් පුවත්