
ඊයේ ( 01) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව, රුපියල් 370ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400ක් දක්වා ඉහළ යනු ඇති අතර අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුව නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
මෙම මිල ගණන් සංශෝධනයට සමගාමීව ලංකා අයි.ඕ.සී සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ඉහළ දමා ඇත.