“13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ අනර්ථකාරීත්වය පිළිබඳව යි” යන ලිපි ශීර්ෂයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ජනපති කළ ප්‍රකාශය රට තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බව සදහන් කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු විසින් ලියන ලද ලිපියක් ජනාධිපතිවරයා වෙත අද (02) භාර දී තිබේ.

එම ලිපියට අනුව උන්වහන්සේලා වැඩිදුටත් සඳහන් කර ඇත්තේ, රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩත්වය හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බවට මහා සංඝරත්නය එමගින් අවධාරණය කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

මෙන්න බලන්න තවත් පුවත්