
තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනකු එරට ප්‍රධාන පෙළේ සඟරාවක් වන ‘විත් අයිඑම්’ සගරාවේ පිට කවරය සඳහා තෝරාගනිමින් ඔවුන්ගේ සේවය අගය කර ප්‍රශංසා සහිත ලිපියක් පළකර තිබේ.
මෙම තරුණියන් දෙදෙනා ඒ සඳහා තෝරා ගැනීමට විශේෂම හේතුව වී ඇත්තේ එම ආයතනයේ සියළු දෙනාගේ ආදරය දිනාගනිමින් සේවය කිරීමයි.
හලාවත පදිංචි කාවින්ද්‍යා සිතුමිණි හා ගාල්ල ප්‍රදේශයේ පදිංචි අශිනි නිමේෂා 2021 වසරේ සාත්තු සේවා පුහුණු ලාභීන් ලෙස ජපානයට පිටත්ව ගොස් අතර, ඔවුන් ජපානයේ නාගසාකි ප්‍රාන්තයේ ‘ලයිෆ් ඩිසයින්’ ආයතනය පවත්වාගෙන යන සාත්තු සේවා මධ්‍යස්ථානයේ සාත්තු සේවිකාවන් ලෙස සේවය කරති.
ඔවුන් සතුව ඇති ඉහළ ජපන් භාෂා හැකියාවත්, සිත් ගන්නා සුළු සිනහවත් හේතුවෙන් එම ආයතනයේ රැදී සිටින වැඩිහිටියන්ගේ හා සේවය කරන ජපන් ජාතිකයින්ගේ දැඩි ආදරය හා කරුණාවට ලක්වී තිබෙන අතර වර්තමානය වන විට ඔවුන් එම සමාගමට නැතුවම බැරි සාමාජිකයින් වී ඇති බවත් එම සඟරාව පවසයි.
‘ලයිෆ් ඩිසයින්’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කට්ෂුයා මහතා මෙම ශ්‍රී ලාංකික තරුණියන් පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ තමන් ශ්‍රී ලාංකික පුහුණුලාභීන් එම ආයතනයට බඳවා ගැනීම පිළිබඳව දෙගිඩියාවෙන් පසුවූ බවත් මෙම තරුණියන්ගේ ක්‍රියාකලාපය අනුව දැඩි විශ්වාසයක් ඔවුන් පිළිබඳව ඇති වූ බවත්ය.
එම ආයතනය ඉදිරියටත් ශ්‍රී ලාංකික පුහුණු ලාභීන් බඳවාගැනීම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
පැරණි පුවත් – මට පාරේ බැහැලා යන්නවත් බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.ඒ තරමට ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙනවා
බොහෝ රූපවාහිනී නාලිකා වල මේ දිනවල ප්‍රේක්ෂකයන් ඇද බැද තබා ගන්නා ආකර්ෂණීය ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඉතින් ඒ අතරින් මෙගා ටෙලි නාට්‍ය ගණයට වැටෙන ටෙලි නිර්මාණයක් තමයි සංගීතය ටෙලි නිර්මාණය කියන්නේ. ඒ නිර්මාණය තුළින් නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසකගේ මුහුණු කලා ලෝකයට හඳුන්වා දුන්නා. ඒ විදිහට නව පරපුරේ රංගන ශිල්පිනියක් විදිහට රංගනයෙන් නිර්මාණවලට දායක වන ඇය නමින් ගිත්මා බණ්ඩාර යි.
මේ සුන්දර සුරූපී රංගනශිල්පිනිය මේ දිනවල සංගීතය ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකින් රසිකයන් හමුවට එනවා. ඒ වගේම විවිධ ආකාරයේ වෙළෙඳ දැන්වීම්වලටත් ඇය තමන්ගේ රංගන දායකත්වය ලබා දෙනවා ඒ වගේ වැඩ රැසක් එක්ක මේ දවස් වල ගිත්මා කාර්යබහුලයි. ඇයව ගොඩක් දෙනෙක් අදුරගත්තේ සංගීතය ටෙලිනාට්‍ය නිසයි ඒ ටෙලි නාට්‍යය පිළිබඳව ගිත්මා කිව්වේ මේ වගේ කතාවක්.
“සංගීතය නාට්‍ය අසිනි කියන චරිතය තමයි මම කරන්නේ.ඒ අසෙනි කියන්නේ අහිංසක ගැහැණු ළමයෙකු චරිතයක් ඉතිං ඇගෙත් ආදරය පාසල් කාලේ පටන් යන ආදර කතාවක්. ඉතින් ඒ ආදරේට විරුද්ධකම් ගොඩක් තියෙනවා ගෙදරින් ගුටි කන්න වෙලා තියෙනවා නමුත් ඒ ආදරේ ජය ගන්න සටනක යෙදෙනවා ඒ වගේ දුක් බාධක මැදින් දිවෙන චරිතයක් මේක මේ වෙද්දි ප්‍රේක්ෂක ආදරය උපරිම විදිහට ලැබිලා තියෙනවා මේ වෙනුවෙන් ඒ ගැන නම් මට ගොඩක් සතුටුයි.”
ඇය ඒ විදියට අදහස් දක්වන අතර ආධුනික රංගන ශිල්පිනියක් නිසා සෑම අවස්ථාවකදීම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක වැඩ කටයුතු කරන්න ලැබීම ම ජීවිතය මහත් භාග්‍යයක් කියලත් සඳහන් කරනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ මඟ පෙන්වීම සහ ඔවුන් ලබා දෙන අවවාද අනුශාසනා සියල්ල ඇය රංගන ජීවිතය සාර්ථක කරගන්න යොදා ගන්නවා කියලත් සඳහන් කරනවා.
“මගේ කලා ජීවිතය ආරම්භයේ නම් ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන් එක වැඩ කරන්න අවස්ථාව තියෙනවා ඒ ප්‍රවීණ චරිතයන්ගෙන් අපිට ගන්න තියෙන දේවල් වගේම අපිට ලබාදෙන මගපෙන්වීම ඇත්තටම විශිෂ්ටයි. ඇත්තට අද පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා ඉතින් ඒ තරමට ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා ඒ ආදරය මම විඳිනවා හරිම සතුටින්”
ගිත්මා ඇයගේ රංගන ජීවිතය පිළිබඳව ඒ විදිහට තමයි අදහස ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් ඇගේ ඒ ජීවිතය සහ ඉදිරි අනාගත බලාපොරොත්තුව එයාකාරයෙන් ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.