පානදුර ප්‍රදේශයෙන් 15 හැවිරිදි දැරියක් ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කිරීමේ සිද්ධියක්  වාර්තා වී තිබේ. ඒ, සම්බන්ධයෙන් එම දැරියගේ මව සහ දැරියගේ පහස ලැබූ බව කියන පුද්ගලයින් සිව්දෙනෙකු ද අත්අඩංගුවට  ගත් බවත් පානදුර, කෙසෙල්වත්ත සහ ගොරකාන ප්‍රදේශයේ පදිංචිකරුවන් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත බවත් පානදුර උතුර පොලීසිය පවසයි. එලෙස අත්අඩංගුවට පත්වූවන් අතර අවුරුදු 84ක් වයසැති ලියවන පට්ටල්කරුවෙකු ද සිටින බව සඳහන් වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 42, 45, 54 සහ 84 හැවිරිදි සැකකරුවන් බව සදහන් වේ.
.
එම දැරියව මුදලට ලබාගත් තවත් පුද්ගලයින් සොයා පොලිස් පරීක්ෂණ සිදු කෙරෙන් අතර බාල වයස්කාර දැරියක් වැඩිහිටි පුද්ගලයින්ට මුදලට අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් දැරියව ඉන් මුදාගෙන රෝහල්ගත කර තිබේ.

පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක විසින් දැරියගේ මවද රවටා ඇයටද මුදල් ලබාදී දැරියව ලිංගික කටයුතු සඳහා වැඩිහිටි පුද්ගලයින්ට අලෙවිකර ඇති බවය. සැකකාර ව්‍යාපාරික කාන්තාව ප්‍රදේශයේ හැරහොස් සිටින බවත් ඇය සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්