
2023 වසර ආරම්භ වීමත් සමග කළා ලෝකයේ වැඩිම කතාබහකට ලක්වුන චරිතයක් තමයි කේ. සුජීවා කියන්නේ, ඒකට හේතුව තමයි මේ අවුරුද්ද පටන් ගත්න කොටම සුජීවා වැඩ ආරම්භකරේ රිය අනතුරක් සමග, ඉතින් මේ දිනවල හැමෝම අතර කතාවෙන මේ කතාව ගැන වගේම සුජීවාගේ ඉදිරි වැඩ ගැන කතා කරන්න අපි සම්බන්ද කරගත්තා ඇයව, සුජීවා ගොඩක් ජනප්‍රිය වුනා නේද මේ අවුරුද්ද පටන්ගද්දීම ”අම්මෝ ඔව් එක රැයකින් මම ගැන හැමෝම කතා වෙන්න පටන් ගත්තා, රටේ හැම චැනල් එකකම හැම නිවුස් එකකම ප්‍රධාන මාතෘකාව වුනේ මාව, ගූගල් එකේ කේ අකුර ටයිප් කරපුගමන් එන්නේ කේ සුජීවා කියලා, ඒ තරමට මම එක රැයෙන් ලංකාවේ ප්‍රසිද්ධ වුනා”
සුජීවා ඒ වෙලාවේ ගොඩක් කලබල වුනා නේද..?
”මෙහෙමයි මගේ ළමයි දෙන්නට අම්මා තාත්තා දෙන්නම වුනේ මම, කවුදෝ කෙනෙක් මගේ ළමයිට නරක විදියට බනිද්දි ඕනෑම මනුස්සයෙක් ප්‍රතිචාර දක්වන විදියට තමයි මමත් ප්‍රතිචාර දැක්වුවේ, මම ප්‍රසංගයකට යන ගමන් තමයි ඒ වෙලාවේ හිටියේ, මට ගැටුමක් ඇතිකරගන්න ඕන කමක් තිබ්බේ නෑ, ඒ සිදුවීම සාමකාමීව නිරාකරණය කරගන්න එයා ඉදිරිපත් වුනානම් මමත් ඒ විදියට ප්‍රතිචාර දක්වනවා, මම එහෙම හේතුවක් නැතුව කලබල වෙන කෙනෙක් නෙවෙයි”
ආගමට දහමට ගොඩක් නැඹුරු කාන්තාවක් විදියට මීටවඩා සාමකාමී වුනානම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද,
”මෙහෙමනේ කෙනෙක් පහරදෙන්න පනිද්දී කරන්න තියෙන්නේ දුවන එක එහෙම නැත්තන් එකෙන් බේරෙන එක, ඔන්න මම බීමතින් හරි වැරදි විදියකට ඉඳලා හරි නම් කමක් නෑ, මේ සිදුවීම ගැන කියලා හිනාවෙන අයගෙන් මම අහන්නේ මම හිටපු තැන ඔයා හිටියනම් මොකද කරන්නේ, මම ආගමට දහමට ගොඩක් ලැදි කෙනෙක් තමයි මම සිල් ගන්නවා, බණ අහනවා, එහෙමයි කියලා මම රහත් වෙලා නෑ, මම ඒ වෙලාවේ හැසිරුනේ සාමාන්‍ය මනුස්සයෙක් විදියට කියන්න ලැජ්ජයි කාන්තාවකට අපහාස කරන්න ඔය සමහර වීඩියෝවලට හඬ ලබාදෙන්නෙත් කාන්තාවක්.”
සුජීවා වගේම ළමයි දෙන්නත් බුද්ධාගම වැළඳ ගෙනද ඉන්නේ,
”මගේ තාත්තා හින්දු භක්තිකයෙක්, ඒ වගේම මගේ අම්මා කතෝලික, ඒ දෙදෙනා ආගම් දෙකක නිසා ඒ දෙන්නටම ඕන වුනා ඒ දෙන්නගේ ආගම්වලට මාවත් ගන්න මට ඒක ලොකු වදයක් වුනා, මම මගේ දරුවන්ට කිසිම දෙකට බල කරන්නේ නැහැ, හැබැයි මගේ කාමරේ පැය විසි හතරේම රේඩියෝවේ බණ දාලා තියෙන්නේ, දරුවන් ඒවා අහනවා, ඒ අය පැහැදීමෙන් ඉන්නේ, හැබැයි මම එයාලට බල කරන්නේ නෑ”
පැරණි පුවත්
ගෙදර ලොක්කි විදිහට වගකීම් ගොඩක් තියෙනවා- ඉමා වීරසූරිය
ස්වර්ණවාහිනී නාලිකාවේ මේ දිනවල විකාශනය වන ‘ඇස්’ ටෙලි නිර්මාණයෙන් ඇස් අතරින් කතා කරන දක්ෂ නවක රංගන ශිල්පිනියක් මෙවර සිරිකත කවරය හැඩ කරමින් අපත් සමග එකතු වෙනවා. ඇය ඉමා වීරසූරිය යි. මේ සටහන ඉමා ගැනයි.
ගම
සබරගමු පළාතේ රඹුක්කන.
පාසල
මුලින්ම පාසල් ගියේ කෑගල්ල සුජාතා කණිෂ්ඨ විද්‍යාලයට උසස් අධ්‍යාපනය හදාරන්නේ පින්නවල ජාතික පාසලෙන්. එතැනින් මම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට තේරී පත්වෙනවා. මීට මාස කීපයකට ඉහතදී තමයි උපාධිය අවසන් කළේ.
පවුලේ තොරතුරු
පවුලේ ඉන්නේ අම්මයි මමයි මල්ලීයි. මීට වසර 4කට ඉහත හදිස්සියේම තාත්තා අපෙන් සමුගන්නවා. තාත්තා නැති වූ දා පටන් මල්ලිගෙයි මගෙයි පිටිපස්සේ ඉන්න සෙවනැල්ල ශක්තිය මගේ අම්මා.
ඉමාගේ ජීවිතේ වෙනස් වෙන්නේ කොතැනින්ද?
වසර 2015 ස්වර්ණවාහිනියේ පැවැත්වුණු ස්වර්ණ කුමරිය තරගය හරහා. එහි වසරේ ස්වර්ණ කුමරිය වෙන්න අවස්ථා ලැබීමත් එක්ක තමයි රංගනයට අවස්ථාව ලැබෙන්නේ. මුලින්ම දායක වුණේ දෙරණ නාලිකාවේ විකාශනය වුණු රාවණා සීසන් 2 ටෙලි නාට්‍යයට. ඊට පස්සේ පොදු සීසන් 1, මිහී කියන ටෙලි නාට්‍යවලට දායක වුණා. ඒ අතර තමයි නොහිතපු වෙලාවක ඇස් ටෙලි නාට්‍යයට අවස්ථාව ලැබෙන්නේ.
මේ දවස්වල කාලය ගත වෙන්නේ ඇස් සමගද?
ඔව්, ඇස් නිසා අලුත් පවුලක් හමුවෙලා තියෙනවා. එයාලා එක්ක ආදරයෙන් කාලය ගතවෙනවා. ඊට අමතරව අලුත් ටෙලි නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.
සිහිළැල් මන්දාරාට ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොයි වගේද?
ඒක වශීවුණු ආදරයක්. ඇත්තටම මම මීට පෙර කරලා තියෙන හැම චරිතයක්ම දුෂ්ඨ චරිත. සිහිළැලි කියන්නේ මටත් වැඩිය අහිංසක තරුණියක්. ප්‍රේක්ෂකයෝ පවා මේ තරම් සිහිළැලිට කැමති වෙන්න හේතුව ඇය අහිංසක නිවුණු ගැහැනු ළමයෙක් නිසා වෙන්න ඇති. මෙහි අධ්‍යක්ෂක හසුන් සමීර මහත්මයා සිහිළැලි මන්දාරා චරිතය ගැන කියද්දී මුලින්ම මට ආස හිතුනේ චරිතයේ නමට. ඒ වෙනුවෙන් මාව දායක කරගත් ඇස් අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමට ස්තූතිවන්ත වෙනවා.
සිහිළැලිට වගේම ඉමාට ඇස්වලින් කතා කරන ප්‍රේමයක් තිබිලා නැද්ද?
මට ඉගෙන ගත්තේ මිශ්‍ර පාසලක. මොකද නැත්තේ ඒ කාලේ මටත් තිබුණා ඇස්වලින් කතා කරපු ප්‍රේමයක්. හැබැයි ඇස්වලින් කතා කළා විතරයි. ඒ ප්‍රේමය හිත යට යටපත් වෙලා ගියා. කැම්පස් කාලේ නම් ප්‍රේමවන්තියක් වෙලා හිටියා. දැන් නම් මම ප්‍රේම කරන්නේ කලාවට විතරයි.
පාසල් කාලේ ඉමා කොයිවගේ චරිතයක්ද?
සිහිළැලි තරම් නම් අහිංසක නැහැ. හැබැයි නපුරුත් නැහැ. හොඳට හොඳයි. නරකට නරකයි. එහෙම නැතුව මේ සමාජයේ ජීවත් වෙන්න අමාරුයි. මම පාසල් කාලේ ඒ තරම් සමාජශීලී ළමයෙක් නෙමෙයි. අපේ පාසලේ නාට්‍ය ගුරුතුමා සරත් චන්ද්‍රවංශ සර් තමයි මාව නාට්‍යවලට, නාට්‍ය තරගවලට ඇදගෙන ගිහිල්ල වේදිකාව උඩ හිටගන්න හොඳ පෞරුෂයක් හැදුවේ. මට කලාවට ආසාව ඇතිවුණේ එතැනින්. එතුමාව මේ වෙලාවේ ආදරයෙන් සිහි කරනවා.
ටෙලි නාට්‍ය නිසා ඉමාට දැන් වේදිකාව මගහැරිලද?
මම කලාවේ තුළ ඉපදුණු තැන තමයි වේදිකාව. කවදාවත් මට වේදිකාව මගහරින්න බැහැ. වේදිකාවෙන් පසුගිය කාලේ ටිකක් ඈත්වෙන්න වුණේ විශ්ව විද්‍යාල අවසන් විභාග කටයුතු නිසයි. ඉදිරියට වේදිකා නාට්‍යයකට දායක වෙන්න සූදානමින් ඉන්නවා.
වෘත්තිමයමය නිළියක් වෙන්නද සූදානම?
රංගනය වෘත්තිය කරගන්නවාට අම්මා කැමති වෙයි කියලා මම හිතන්නේ නැහැ. මාව මේ විදිහට පුංචි තිරයෙන් දකින්න හිටපු තාත්තා අද අපි ළඟ නැහැ. එයා අද හිටියා නම් ගොඩක් සතුටු වෙයි. මගේ අම්මයි මල්ලියි තමයි මගේ ළග ඉන්න එකම ශක්තිය. ගෙදර ලොක්කි විදිහට වගකීම් ගොඩක් තියෙනවා. ජීවිතේ ඉදිරියට මොනවා වෙයිද කියලා කියන්න අමාරුයි.