නව පරපුරේ හැමෝම අතර ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි නිනෝ අරලිය කියනේ, සතියේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන කෝලම්කුට්ටම නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න නිනෝ එක්ක ටිකක් කතාකරන්න ඕන කියලා අපි තීරණය කළා,

නිනෝ දැන් ගොඩක් ජනප්‍රියයි නේද..?

”කෝලම් කුට්ටම නිසා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, මාව දන්නා අය නිනෝ කියලා කතා කරනවා, දන්නේ නැති අය ආ රන්මුතු කියලා කෑගහගෙනම ඇවිත් කතා අකරනවා, ඇත්තටම ඒ චරිතයට බාල මහලු හැමදෙනාගෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර වගේම ආදරයක් ලැබෙනවා, මට හිතාගන්න බෑ තාත්තගේ බඩු හොරකම් කරලා විකුනන්න හදපු රන්මුතු වගේ චරිතයකට මිනිස්සු මේ තරම් ආදරේ කරන්නේ ඇයි කියලා”

හිතුවද මෙහෙම ජනප්‍රිය වෙයි කියලා,

”අනේ නැහැ ජනප්‍රියත්වය බලාගෙන නෙවෙයි මම මේ චරිතය කලේ, හැබැයි වාසනාවට තිර පිටපත මට ලියල එවල තියෙන්නෙ රඟපාන්නමයි ඉතින් මම ඒ චරිතය හරියට කරන්න ගොඩක් උත්සහ කරනවා, වරදින තැන් නම් ගොඩක් තියෙනවා, ඇත්තම කියනවනම් මේ චරිතය තුල තාම මම සාර්ථකයි කියලා මම හිතන්නේ නෑ, කොහොම වුණත් චරිතයට මට පුළුවන් උපරිමෙන් සාධාරණයක් කරනව කියල මම හිතනව,”

නිනෝ ආදර යෝජනා එහෙම එනවා ඇති නේද මදි නොකියන්න

”එහෙම නැහැ, දකින අය හිතන්නේ මට රට වටේම කෙල්ලෝ ඇති කියලා, ඇත්තටම එහෙම නෑ, දකින කෙනෙකුට පේනව මට ආදරේ කරන්න සුදුසුද නැද්ද කියල, මම හරි කාලය ආවම ආදරේ කරනවා, එතකන් නිදහසේ සන්තෝසෙන් ඉන්නවා, හරි කාලය හරි කෙනා ජීවිතේට ආවම මම ආදරේ කරනවා, එතකන් නිදහසේ සතුටින් ඉන්නවා,”

ක්‍ෂේත්‍රයෙන් ලැබෙන සහයෝගය කොහොමද..?

ඇත්තම කියනවනම් ක්‍ෂේත්‍රයෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා, විශේෂයෙන්ම කියන්න ඕන චරිතයක් තමයි ශිවා අයිය, මම හීනෙකින්වත් හිතුවේ නෑ ශිවා අයියා එක්ක වැඩ කරන්න ලැබේවි කියලා, මට මේ වස්ථාව ලැබෙන්නේ සත්‍යජිත් ඒ මීට අවුරුදු තුනකට කලින්, එයා තමයි මට ශිවා අයියා සම්බන්ද කලේ, ඒ වගේම තමයි දොළේ බොසාගෙන් රන්මුතුට මාර සපෝට් එකක් ලැබෙනවා,”

පැරණි පුවත්

තාත්තගෙන් ලැබුණු ඉඩකඩම් සෑම උපන්දිනය දවසකදීම අසරණයන්ට දන්දුන් විශ්ව කොඩිකාර

විශ්ව කොඩිකාර කියන්නේ කන්ද උඩරට ඉඳන් කලා ක්ෂේත්‍රයට ඇවිදින් තමන්ගෙම කියලා අනන්‍ය වූ ගමන් මගක් නිර්මාණය කරගත්ත උත්සහවන්ත රංගන ශිල්පියෙක්. පවුලේ සියලුම දෙනාට එකට ඉඳගෙන බලන්න පුළුවන් ආකාරයේ හරවත් නිර්මාණයන් රැසකින්ම මේ සොඳුරු රංගන ශිල්පියාව අපිට දැක බලාගන්න හැකියාව ලැබීම විශේෂත්වයක්.

මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔස්සේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ එක්තරා සුවිශේෂී චරිතයකින්ද මේ සොඳුරු රංගන ශිල්පියාව අපිට දැක බලා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් පසුගිය දවසක ඔහු සති අග පුවත්පතකට මේ ගත කරන නිදහස් සුන්දර ජීවිතය පිළිබඳව අදහස් දක්වලා තිබුණා. ඉතින් මේ වෙද්දි තාත්තා කෙනෙක් විදිහට ආදරණීය දියණියකට සහ පුතෙකුට පියෙක් වන විශ්ව ඒ ගතකරන සුන්දර ජීවිතය පිළිබඳව අදහස් බෙදාහදා ගෙන තිබුනේ මේ විදිහටයි.

“සැබෑ ජීවිතයේදී අපට රංගනයක් කරන්න බැහැ සැමියකු පියකු ලෙස මම අද හරි සතුටුවන කෙනෙක්. අද අපේ දියණියට අවුරුදු හතක් වෙනවා පුතාට අවුරුදු හයක් වෙනවා. එස් දරු දෙන්නාගේ ආඩම්බරකාර තාත්තා මම. එයාලගේ වැඩ කටයුතු කරගෙන මාත් බිරිඳත් බොහොම සන්තෝසෙන් කාලය ගත කරමින් ඉන්නවා.”

ඔහු තාමත් පදිංචි වෙලා පදිංචිවෙලා ඉන්නේ නුවර වැඩ කාර්යබහුලතාව යත් එක්ක හතරදෙනාම කොළඹ ඉන්න අවස්ථාවලුත් තියෙනවලු. ඔහුගේ ආදරණීය බිරිඳ තමයි එරන්දි. ඇයත් ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා මේ ව්‍යාපාරය තමයි උත්සව නිර්මාණ සැලසුම් කිරීම.
කෙසේ නමුත් එරන්දිගෙනුත් විශ්වට රංගන ජීවිතය සාර්ථක කරගන්න විශාල පිටිවහලක් ලැබෙනවා. මේ සොඳුරු රංගන ශිල්පියාගේ ජීවිතය දිහා බලද්දී අද වන විටත් කවුරුත් දන්නෙ නැති එක්තරා හොඳ පුරුද්දක් තියෙනවා. ඉතින් මේ පුරුද්ද ඔහු සෑම උපන්දිනය දවසක දීම කරන්න අමතක කරන්නේ නැහැ. ඒ තමයි ඉඩකඩම් දන්දීම නිසයි. මේ විදිහට ඉඩකඩම් දන්දෙන්නේ ඇයිද කියලා අහපුවාම ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“ඒ ඉඩකඩම් මට අපේ තාත්තගෙන් ලැබෙන්න තිබ්බ ඒවා. ඉතින් සෑම උපන්දින දවසක දීම මට ඕනෙ වුනේ පාටි උත්සව ගන්න නෙවෙයි. යමක් දන් දෙන්න. එදා මම තාත්තගෙන් ඇහුවහම ඒව දන් දෙන්න ද කියලා ඔයාගේ කැමැත්තක් ඒක ඔයා කරන්න කිව්වා. ඒ අනුව තමයි පවුල් කීපයකටත් පන්සලකටත් ඓඑ ඉඩකඩම් හැකි විදිහට බෙදලා දුන්නේ. කුඩා කාලෙ ඉඳලම මම පුරුදු වෙලා හිටියේ උපන් දිනය දවසට අනාත නිවාස වලට ගිහින් දානේ දෙන්න. එක්කෝ දළදා මාළිගාවේ ඉන්න නැත්නම් ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ ගන්න. ඒ වගේ දේවල් කරලා මං ලැබුවේ ලොකු සතුටක්. මට පිනක් කරගෙන තව කෙනෙකුගේ බඩ කට පුරවන්න යමක් කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ උපන්දින අරමුණ. ඒවා කාටවත් පේන්න කරන දේවල් නෙමෙයි.”

විශ්ව කරන මේ උතුම් සත් ක්‍රියාව පිළිබඳව ඒ ආකාරයෙන් තමයි අදහස් දක්වලා තිබුණේ.ඉතින් ඔහුට ඉදිරියටත් මෙවැනි කටයුතු කරන්න හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්